රාහූ කාලයට ඔබත් බයද?



රාහූ කාලයට බය නැති මිනිස්සූ අපට කොතෙකුත් හමූවෙනවා. නමූත් බොහෝ දෙනෙක් එදිනෙදා බොහෝ වැදගත් දෙයක් කිරීමේදී කොහොම හරි රාහූ කාලය මඟ හරවාගන්න උනන්දුවෙනවා. රාහූ කාලය ගැන බොහෝ දෙනෙක් තුළ පවතින්නේ යම් තැතිගැම්මක්. ඒත් ඔබත් මාත් දන්නා ඒ රාහූ කාලය නම් හරියටම හරිද කියන එක අද මතබේදයට තුඩූදෙන සැකයක් බවට පත්වෙලා.

ජ්‍යොතිෂයේ භාවිත ඕනෑම නැකතකට හෝ දොෂයකට ස්ථිර පදනමක් තියෙනවා. එනම් ඊට අදාල ගණිතමය ක්‍රියාවලියක් පවතිනවා. ඒත් අප අතර භාවිතයේ පවතින රාහූ කාලයට එබඳු යම්කිසි ගණිතමය තීන්දුවක් තියෙනවානම් කවූරු හරි ඒක ඉදිරිපත් කරන්න කියලා මම විවෘතව අභියෝග කරනවා.

මා දන්නා තරමින් රාහූ කාලය යෙදෙන්නේ මෙහෙමයි. හැමදාම දිවා භාගය හෝ රාත්‍රී භාගය සමාන කොටස් අට අට බැගින් බෙදාගන්නවා. මෙහිදී දවස ඉරිදා නම් ඒ කොටස් අට පිළිවෙලින් රවි, චනද්‍ර, කුජ, බූද, ගුරු, ශූක්‍ර, ශනි, රවි වශයෙන් බෙදා දෑක්වෙනවා. දවස සඳුදා නම් ඒ කොටස් අට සඳුගේ පටන් පිළිවෙලින් එනම් චනද්‍ර, කුජ, බූද, ගුරු, රවි, චනද්‍ර වශයෙන් අටකට බෙදා දෑක්වෙනවා. මෙහිදී දිනය අධිපති ග්‍රහයාට පළමූ කොටසත් අටවෙනි කොටසත් අයත් වෙනවා.

උදාහරණයක් වශයෙන් රාත්‍රී භාගයේ ඉරු දිනයේ නම් රවි, චනද්‍ර, කුජ, බූද, ගුරු වශයෙන් ගන්නකොට පස්වෙනි දිනය ගුරුට අයිතිවෙනවා. ඉතිං ඉරිදා රාත්‍රි භාගය ගණන් ගන්නේ ගුරු, ශූක්‍ර, ශනි, රවි, චනද්‍ර, කුජ, බූද, ගුරු ආදී වශයෙන් පිළිවෙලින් ඉදිරියටයි.

මේ වගේ කොටස් කොටස් වලට බෙදූවිට රාහූ කාලය හොයා ගන්නේ කොහොමද කියලා දෑන් ඔබට ගැටළුවක් ඉදිරිපත් වෙලා. මෙහිදී රාහූ කාලය හොයාගන්න පෙර අයත් කොටස තියෙන්නේ කොතැනද කියලා බලාගන්න වෙනවා.

පායන හිරු පායන දවසක්නම් එදා ඉරිදාවක්නම් රාහූ කාලයේ ප.ව 4.30 සිට 6.00 දක්වාත් රාත්‍රියට 10.30 සිට 12.00 දක්වාත් බවට ඔබට හොයා ගන්න පූළුවන්.

මේ විදිහට දිවා රාත්‍රී වශයෙන් සැකවින් සකස් කළ රාහූ කාල විග්‍රහයක් අප මීලඟ නවලිය පත්තරයෙන් ඉදිරිපත් කරනවා. මෙහිදි ගණිතමය වශයෙන් අප සොයාගත් රාහූ කාලය හරිම භයානක බව තේරුම්ගත යූතුයි. කිසිම සැකයකට කාරණාවක් නැහැ. ප්‍රවීණයන් සියල්ලෝම නිහඬව භාවිත කොට ගැනෙන මේ නැවරදි ක්‍රමය සමස්ථ මිනිසාගේ යහපත උදෙසා මෙසේ ඉදිරියේදී ඉදිරිපත් කරනවා. මෙහි සත්‍යතාවය අත්හදා බැලිය යූතු යම්කෙනෙක් වේ නම් මේ වේලාවකට වැඩක් ආරම්භ කිරීමෙන් හෝ පැළයක් සිටූවිමෙන් හෝ කරුණූ කාරණා තව දුරටත් උගත හැකියි. ජ්‍යොතිෂයේ උගැන්වෙන දසමහ දොෂ අතරින් එකක් ලෙස සැලකෙන මේ රාහූ කාලය හැර වෙනත් බලගතු දොෂ ගැනත් අප ඔබට වරින් වර ඉදිරිපත් කරනවා.





ප්‍රවීණ ජ්‍යොතීර්වේදී
කොත්මලේ සෙනවිරත්න වෑබඩඃ කඩවත

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment