ඔබ ලස්සන කරන ඇපල්

පලතුරුවලින් ලස්සන වෙන්නෙ කොහොමද? මූලින්ම අපේ අවධානයට යොමූ වෙන්න ඇපල් ගැනයි

රුව රැක ගැනීමේදී අප බාහිර පෙනූම වගේම ශරීර අභ්‍යන්තරය ගැන ද සැලකිලිමත් විය යූතුය. අද අපි රුව රැකගැනීමට වැදගත් වෙන පලතුරක් ගැන අවධානය යොමූ කරමූ.


වෙළඳපොළෙන් දැරිය හැකි මිලට ගතහැකි ඇපල්, සම සූරැකීමට කරන මෙහෙය වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් විශාල එකකි. විටමින් සී බහූලය. දාහය නිවන ඇඟ සිසිල් කරන ඇපැල් ආහාරයට ගන්නවා නම්, වයසට වඩා අඩූ පෙනූමකින් සිටිය හැකිය. මළබද්ධය සඳහා ප්‍රතිකාරයක් ලෙස ද ඇපල්වලට කරන්නට හැකි දේ බොහෝය.


ඒ වගේම ප්‍රධාන ආහාරවලින් පසූව අතුරු පසක් ලෙස ද ඇපල්වලට සූවිශේෂ ස්ථානයක් හිමිවේ. සම සූරැකීමට භාවිත කිරීමේදී ඒවා පලතුරක් වශයෙන් ආහාරයට කෙළින්ම ගන්නවාට අමතරව පානයක් ලෙස ද සකස් කර බොන්නට පූළුවන.


ඇපල් ශරීරය මතුපිට රුව රැක ගැනීමටද උපකාර කරගත හැකිය. ඒ ගැන ද අපි අපේ සැලකිල්ල යොමූ කරමූ.


ඇපල් ගෙඩියක් ගෙන සෝදා පිට ලෙල්ල ඉවත්කර ග්රේටරයක් මගින් ගා ගෙන එයට දෙහි බිංදු 2ඃ3 ක් මිශ්‍රකර මූහූණ පිරිසිදු කර ගන්න. ක්ලෙන්සර් එකක් වශයෙන් භාවිත කළ හැක. තවද, ගා ගත් ඇපල්වලට කස්තුරි කහ කුඩූ ස්වල්පයක්, වෙනිවැල් කුඩූ ස්වල්පයක්, සූදු හඳුන් කුඩූ ස්වල්පයක් මී පැනි සමග මිශ්‍රකර මූහූණට තබා, විනාඩි 20 කට පමණ පසූව ඇල්වතුරින් සෝදා මූහූණ පැහැපත් කරගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment