දරුවාට පංචායූධය පැළඳීම ඇත්තටම ආරක්ෂාවක්ද?

දරු පැටියගෙ කරට පංචායූධයක් දෑමීමට හේතුවන කාරණා ඔබ මෙතෙක් නොදෑන සිටියා වන්නට පූළුවන. ඇත්තටම පංචායූධයෙන් සිදුවෙන්නේ දරුවාට ලොකු ආරක්ෂාවක්.

දරුවාට පමණක් නොවෙයි වැඩිහිටි අයට වූවද පංචායූධය පැළඳීමෙන් සහනයක් ලබා ගත හැකියි.

ඒත් පංචායූධය පැළඳීම සම්බන්ධව ඇතිවන දොෂ වඩාත් තදින් ක්‍රියාත්මක වන්නේ ළදරු වයසේදී නිසා පංචායූධය පැළඳීමෙන් හරිම ගුණයක් ලබාගත හැකියි.

පංචායූධයක් දරුවාට පැළඳීමට හේතුවන මූලිකම දේ තමයි දරුවාගේ තිබෙන දෝෂ 5 ක් ඉවත් කිරීම.

මේ ඉවත් කරන දෝෂනම් නොසන්සූබව, කුසීතබව, වෛරය, ආශාව සහ සැකයයි.

නොසන්සූන් බවට හේතුවන ග්‍රහයා තමයි කුජ (අඟහරු) වෛරයට සම්බන්ධ වන්නේ ශනි (සෙනසූරු) ආශාවට සම්බන්ධ ග්‍රහයා සිකුරු. සැකයට සම්බන්ධ ග්‍රහයා ගුරු (බ්‍රහස්පති)

මේ දොෂ පහ නම් කරන්නේ දග්ධ නොහොත් ගිණි දෝෂය, විෂ්ඨි නොහොත් ශකට දොෂය, මර නොහොත් විෂ දොෂය, කාණ නොහොත් අන්ධකාරය, රික්ටා නොහොත් ශූල දෝෂය කියායි. මේ දෝෂ පහට හේතුවන දේ තමයි ආයූධ පහෙන් සංකේතවත් කරන්නේ. පළමූ ආයූධය වන අඩසැටිය කුජ ගෙන් හටගන්නා දොෂය පහකර ගැනීමටයි.


බූධගෙන් ඇතිවන කුසීත බවට

තෝමරයයි (පළිහ)

මර දොෂය නැතිකර ගන්නේ කඩූවෙනි.

කාණ දෝෂය සඳහා දුන්නද

ගුරුගෙන් ඇතිකරන ශූල හෙල්ල භාවිත කරයි.

මේ මූලික දෝෂපහ ඉවත් කිරීමේ අරමූණින් ි පංචායූධය පළඳිනූ ලැබේ.

තේජෝ, පටවි, වායූ


ආප් ආකාශ යන පංච මහා භූතයන් නිසා කායික මානසික දුර්වලතා ඇතිවෙන බව අපි දනිමූ. . මේ දුර්වලතා මර්දනය කර ගැනීමට අපේ කායික සහ මානසික සෞඛ්‍ය හොඳ තත්ත්වයේ තබා ගැනීමට එක් එක් ග්‍රහයාට අයත් ආයූධ මගින් හැකියාවක් තිබේ.

ඒ වගේම කේන්ද්‍රයේ දුර්වල ග්‍රහයන් බලා මැණික් ගලක් අල්ලා පංචායූධය පැළඳීමත් මේ සමග සිදු කරනූ ලබන්නේ තවදුරටත් ආරක්ෂාව ලබා ගැනීමටයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment