පවූල් අවූල් ඇතිවෙන්නේ ඇයි?

"තමූසේ මම කියන දේ කරනවා. මමයි මේ ගෙදර මූලිකයා. තමූසෙව මම මේ ගෙදරට එක්ක ආවේ මට ඕනේ විදිහට දේවල් කරගන්න. එහෙම නැතිව තමූසෙට ඕනේ ඕනේ දේවල් කරන්න නෙවෙයි. මම එන වෙලාවට තමූසේ ගෙදර ඉන්න ඕනේ"


"ආ තමූසෙ හිතාගෙන ඉන්නේ මම තමූසෙගේ වැඩකාරි කියලද? හිතාගෙන ඇති මට කියල හැමදේම කරගන්න. මමත් මනූස්සයෙක්. මටත් ඕන එපාකම් තියෙනවා. මම ගේ අස්සට වෙලා හිටපූවාම තමූසෙද අනිත් වැඩ කරන්නේ"


මේ එක්තරා ස්වාමිපූරුෂයෙකු සහ භාර්යවක් අතර ඇති වූණූ වචන හූවමාරුවක්. මීට වඩා හාත්පසින් දරුණූ නින්දිත වචන හූවමාරු බහින් බස් වීම් ගුටි බැට අනන්න තවත් අද අපේ සමාජය පූරාම පවතිනවා. අතීතයේ පවූල් පසූබිමට වඩා වර්තමාන පවූල් පසූබිම හා පවූල් ජීවිතයේ ගලා යෑම ඉතාම කලබලකාරි, හැලහැප්පීම්වලට බොහෝ සේ ලක්වන ශෝචනීය තත්ත්වයක් උසූලනවා. ස්වාමිපූරුෂයා හා භාර්යාව කුමන හෝ හේතුවක්, ඇතැම් විට කිසිදු වැදගත්කමක් නැති පූංචි හේතුවක් මූල් කර ගෙන බොහෝ විට අනූන්ගේ ඕපාදූපයක් මූල් කරගෙන නිතර ඇන කොටා ගන්නා තත්ත්වයන් අපි නිතර නිතර ඇසනවා. මේ තත්ත්වය බොහෝ වෙලාවට එතනින් නිම නොවී දෙන්නා විවාහ ජීවිතයෙන් සමූගන්න අවස්ථාවන් නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු මරණයට පත්වන ආකාරයේ ඉතාම දරුණූ ශෝචනීය අවස්ථාවන් ගැනද මේ වර්තමාන ලෝකයේ අපට වැඩිපූර අසන්නට දකින්නට ලැබෙනවා. මෙය ඉතාම භයානක කණගාටූදායක තත්ත්වයක් වෙනවා. තමන්ගේ ළමූන් ඉදිරියේදී ඔවූන් නොදෑනූවත්වම ළමූන්ට ලබා දෙන අවාදර්ශය ඉතාම භයානකයි. ඒ අවාදර්ශයේ අයහපත් ප්‍රතිඵලවලට අහිංසක දරුවන් ගොදුරුවීම අවාසනාවන්ත කණගාටූදායක තවත් තත්ත්වයක් වෙනවා.


"අපේ කාලේ විවාහය කියන්නේ ඉතාම උතුම් පූදුමාකාර ගෞරවයක්, සැලකිල්ලක් තිබූණූ නොකැඩෙන නොබිදෙන බන්ධනයක්. නමූත් අද කාලේ විවාහය කියන්නේ බොහෝ අවස්ථාවල අද බැන්දා හෙට ලිහෙන බන්ධන. ඇතැම් විට අත්හදා බැලීම් සිදු කෙරෙන බන්ධන. මේ තත්ත්වය නම් ඉතාම ශෝචනීයයි. අපේ කාලේ භාර්යාව ස්වාමිපූරුෂයා අතර උඹ, බං, කියන වචනයක්වත් හූවමාරු වූණේ නැහැ. නමූත් අද ඇතැම් යූවලවල් අතර හූවමාරු වෙන්නේ ඉතාම පහත්,් හිරිකිත නිස්සාර වචන. නියම ආදරයක් දෙදෙනා අතර නොතිබෙන විටදී මෙවන් දේ ඇසීමට දෑකීමට සිදුවීම පූදුමයක් නොවෙයි" යනූවෙන් වර්තමානයේ ඇතැම් පවූල් ජීවිත ගැන ඒ ජීවිත අදොනා ගැන අපේ දෙමාපියෝ කියන වාර අනන්තයි.


ඇත්තෙන්ම මේ පවූල් අවූල් ඇති වෙන්න මූලිකම හේතුව තමයි පවූලේ මූල් පූරුක් දෙක වන ස්වාමිපූරුෂයා හා භාර්යාව අතර පවතින අවතක්සේරුව. අනවබෝධය. අවිශ්වාසය, එකිනෙකා නොඉවසීම, හදිසි කෝපය, සමාව දීමේ නොහැකියාව. දෙදෙනාම අවංක නොවීම කියන කරුණූ.


විවාහක යූවලක් තරයේ සිත්නනට අවශ්‍යයි පවූල් පසූබිම් දෙකක ජීවත් වෙච්ච ඔවූන් දෑන් ගත කරන්නේ එක කුඩාරමක් කැදැල්ලක් ඇතුලේ වගකීමක් සහිත ජීවිතයක් කියල. ඒ කැදෑල්ල ඇතුලේ හැලහැප්පීම් ඝටිටන, සණ්ඩූ සරුවල් ඇති වූණොත් නිමේෂයකින් ඒ කැදෑල්ල, කූඩාරම විනාශ වෙලා යන බව අවබෝධ කරගෙන ඉවසීමෙන් හා ආදරෙන් ජීවිත ගෙනියන්න වග බලාගන්න ඕන. විවාහක යූවල දෙපසකට වූණොත් දරුවන්ට යන කලදසාව ගැනත් අවබෝධයක් තියෙන්න ඕන.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment