රත් කළ ආහාර සිසිල් කිරීම සූදුසූ නැහැ

ආහාර පිසීමේදී ගෘහණියන් අද අනූගමනය කරන පිළිවෙළ නිවැරදිද කියන කාරණය ගැන කතා කරන කොට අපට පෙනෙනවා, සාම්ප්‍රදායිකව පැවතගෙන ආ දේ අද අත් හැරලා අමූතුවෙන් උගන්වපූ දේ ඔවූන් කරන්නේ. කෙටියෙන් කියනවා නම් තොරතුරු තාකෂණය නිසා ගෘහණිය පවා තොරතුරුවලින් දූෂ්‍ය වෙලා ඉන්නේ. මේ නිසා අහන දකින දේ කරන්නට පෙළඹෙනවා. සාම්ප්‍රදායිකව ඉගෙන ගන්නා දේ අත් හරිනවා. මේ නිසා හැඳිමිටෙි නූවණ නැතිවෙලා. කාන්තාවකට හැඳිමිටෙි නූවණ තියෙන්න ඕනේ.

ඒ නූවණ නැති නිසා. අද කාන්තාවන්ට පොතක් බලාගෙන උයන්නට සිද්ධවෙලා. අද බොහෝ නිවෙස්වල ආහාරයක් පිළියෙළ කරනවා. කොටසක් කනවා. ඉතිරි කොටස ශීතකරණයේ දානවා. මෙය නැවත පිටතට ගන්නේ සමහරවිට දවසකින් දෙකකින් හෝ සතියකින්. ඊට පස්සේ ලිපේ තියලා රත් කරනවා.

මේ ලෙස ආහාර ගැනීම ශරීරයට ඉතාම අහිතකරයි. ශීතකරණයේ තබන කාලය වැඩිවෙන විට අහිතකර බව තවත් වැඩිවෙනවා. ආහාරය පිළියෙල කරන විට ඒ තුළ රසායන විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ වගේම එහි හැඩය, පාට, තදබව, මොලොක් බව ආදියෙත් වෙනසක් සිද්ධ වෙනවා. මේ පිසගත් ආහාරය ශීත කරන විට වෙනත් ආකාරයකට තවත් වෙනස්වීම්වලට ලක්වෙනවා. මෙසේ පිසගත් ආහාරවල ස්වාභාවික බවක් අපේ ශරීරයට ලැබෙන්නේ නෑ.

ඇතැම් ආහාර වර්ග තියෙනවා ශීතකරණයේ තැබීම කොහෙත්ම සූදුසූ නෑ. විශේෂයෙන් පලතුරු. ඒ අතරින් කෙසෙල් ගෙඩි ප්‍රධානයි. ශීතකරණයේ තැබූ කෙසෙල් ගෙඩිවල ලෙල්ල කළු වෙනවා ඔබ දෑක ඇති. කළු වූ කෙසෙල් ආහාරයට ගැනීම සූදුසූ නැහැ. මේ නිසා හොඳින් කල්පනා කරන්න ඕන ශිතකරණය වූවත් පාවිච්චි කරන්න ඕන බූද්ධිමත්ව.

බොහෝ විට ඉවූම් පිහූම් කටයූතුවලදී ගෘහණියන් සිදුකරන තවත් වරදක් තියෙනවා. ඒ ඇතැම් ආහාර රත් කළ විගස ශීත කරනවා. ඒ වගේම මූලින් කිව් ලෙස ශීත කළ ආහාර රත් කරනවා. මේ කටයූතු දෙකම හොඳ නැහැ. ඇතැම් අවස්ථාවල වේල් දෙකකට පමණ ආහාර සූදානම් කරන විට එය මයික්‍රෝවේව් උදුනේ දාලා රත්කරනවා. මෙයද එතරම් සූදුසූ නැහැ. මෙවැනි උදුන්වලත් ශරීරයට අහිතකර ඇතැම් තරංග යම් තාක් දුරකට නිකුත් වෙනවා. ඒ නිසා ආහාරයට, එම තරංග එකතුවීමෙන් ශරිරයට යම්යම් බලපෑම් ඇතිවෙන්නට පූළුවන්.

ආහාර පිළියෙල කිරීමේදී කරන වැරදි ගැන කතා කළොත්, තම්බාගැනීමේදී ඇතැම් විට ආහාරවල පෝෂණය ඉවත්වෙනවා. එළවළු, පලාවර්ග, වැඩිපූර තැම්බීමෙන් ඒවායේ පෝෂණය විනාශ වෙනවා. පලාවර්ග නිතරම මැල්ලූම් ලෙස පොල් සමඟ ආහාරයට ගැනීම ඉතාම හොඳයි. පලාවර්ගවල තියෙන කැරොටින්, විටමින් ඊ පදාර්ථය බවට පත්වීමට පහසූවෙනවා පොල් සමඟ ගැනීමෙන්. කොළ කැඳ වශයෙන් ගැනීමත් හොඳයි. ඒ වගේම මැල්ලූම් හදන විටත් බොහෝ වේලාවක් පිසගන්නේ නැතිව මලවලා ගන්න ඕනේ. අතීතයේ සිටම අපේ අම්මලා ළඟ ඉතාම හොඳ සිරිතක් තිබූණා ඒ ඇතැම් පලාවර්ග ධාන්‍ය වර්ගයක් සමග එකට උයනවා. එය ඉතාම හොඳ සංයෝගයක්. මූංඇට, කව්පි, පරිප්පූ වගේ පියළි ධාන්‍ය ප්‍රෝටීන් බහූල ආහාරයක්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment