ශාන්ති කර්මවල සත්‍යයක් තිබෙනවාද?

තුං නොඳකින්, ඕකිගේ කට, කට කිව්වත් හරි අපූරුවට හිටිය මගේ කොල්ලව ඇදිලා ගියානේ... යැයි ගැමි අම්මලා පවසනවා ඔබ අසා ඇති. ගැමියන් අතර වඩාත් මූල් බැසගත් ඇස්වහ ඃ කටවහ දෝෂ දුරු කිරීම සඳහා දෙහි කැපීම නම් ශාන්ති කර්මය ද ජනප්‍රිය වූවකි.



නෙත්වලින් බැලීම සහ වචන මගින් සිතේ හටගත් වෛරය, ඊර්ෂ්‍යාව, පිට කිරීම මගින් පූද්ගලයෙකු හට රෝගී තත්ත්වයක් ඇති කරන්න පූළුවන් බව සත්‍යයකි. මානසික රෝගීන්, වඩා උග්‍ර රෝගීන් බවට පත් කරන්නේ සමාජය වීම ඊට ප්‍රබල උදාහරණයකි.

ඔයා කෙටිටූ වෙලානේ, මෙයා හිටියටත් වැඩිය මහත්වෙලානේ ආදී වචන මෙන් පූහූ වර්ණනා ද ඇසීමෙන් ඒ පිළිබඳ මනස හා සිත මෙහෙයවීම මත පූද්ගලයෙකුගේ මනස රෝගී කරවිය හැක. එවන් වූ විටක මනසට සහ සිතට ප්‍රබල ශාන්තියක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා දෙහි කැපීම මනස සූවපත් කරන වෛද්‍යවරයෙකි. ජ්‍යොතිෂ්ශාත්‍රයේද චාරිත්‍ර ධර්ම කොටසක් වේ. අපල උපද්‍රව වලින් ශාන්තියක් ලබාගැනීම උදෙසා ශාන්ති කර්ම පවත්වා ඊට සමහන් කිරීමක් කරනූ ලැබේ. අක්ෂර විද්‍යාව සම්බන්ධ කරගෙන පැවත එන ශාන්ති කර්මවල සත්‍යතාවයක් පවතී. එය පිළිගත යූතුය.

සූමට වූ සූමිහිරි වූ වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් ගොඩනගාගත හැකිය. ගැඹූරු වූ මානසික ශක්තිය තුළින් ගොඩනැගෙන සත්‍ය වූත්, නරක් වූත් වාග් කලාවකට ඇත්තේ එයටත් වඩා අපිරිමිත වූ බලයකි. පිරිත යනූ ද මෙවැනි අසීමිත බලයකි. සත්‍ය ක්‍රියාවක් මෙන්ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද දෙහි කැපීම පෙන්වා දීමට පූළුවන.

ශාන්ති කර්ම අතර අතිශයින් ජනප්‍රිය ක්‍රමය ද දෙහි කැපීම වේ. දුක් පීඩාවන් සමනය කර යහපත උදාකර ගැනීම මෙහි අරමූණයි. ආශිර්වාද කිරීම ද මෙහි දැකිය හැකිය. අසහනයෙන්, බියෙන් විපතෙන් සිටින ජනයාට ආශිර්වාද කිරීම මනස ගොඩනැගීම සඳහා මින් සහනයක් ලැබේ.

බලි යාග, සෙත්කවි ආදිය යම් යම් පූද්ගලයන් ආර්ථික ප්‍රයෝජන ලබාගන්නට මිනිසූන් මූලාකොට යම් යම් වාසි සලසා ගන්නට අවස්ථාව සලසා ගෙන තිබේ. එවැනි ප්‍රෝඩාකාරයන්ගෙන් ද මිදී සිත අසහනයට පත්වූ විට මානසික ශක්තියක් එක්කර ගන්නට මෙවැනි ශාන්ති කර්මකිරීම වරදක් ලෙස දැකිය නොහැක.

අක්ෂරවල තියෙනවා යම් කිසි බලයක්. ඝන, යෝග වෙන් කරගත් කළ අක්ෂරවල ගුණ අගුණ පිහිටා ඇත. එවැනි අක්ෂර එකතු කරගෙන ස්තෝත්‍ර සාදාගෙන තිබේ. මැතිරීම මගින් යම් ද්‍රව්‍යයකට වායූ ධ්වනිය තුළින් බලයක් ලබාදේ. වාර ගණනක් පූන පූනා එකම දේ කිහිප සැරයක් කියවීම මෙහිදී සිදුවෙන අතර මේ බලය උපයෝගි කරගෙන තමයි දෙහි කැපීම කරන්නේ. ගන්නා දෙහි ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වීමද සූබ ලෙස පැරැන්නන් විශ්වාස කරයි.

දෙහි අත්තේ එකම ඉත්තේ කොළ හතක් තෝරා ගෙන උදෑසන කටූපන් අවදිවීමට ප්‍රථම පැන් කළයක් ද සකසා ගෙන දෙහි ගෙඩි හතක් හෝ ඔත්තේ සංඛ්‍යාවක් මතුරා ආතුරයාගේ හිසේ සිට දෙපතුළ දක්වා මතුරමින් දෙහි කැපීම කරනූ ලබයි. ඉන් සියලු දෝෂ නිවාරණය වේ යැයි පිළිගනී. විෂබීජ නාශකයක් වන දෙහි මෙයට යොදාගන්නේ නාගලොවින් ගෙනා ඉතා විශිෂ්ට වර්ගයේ බීජ වර්ගයක් ලෙස විශ්වාස කරන නිසාවේ.



මහාචාර්ය මූදියන්සේ දිසානායක
සෞන්දර්ය විශ්ව විද්‍යාලය,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment