රාත්‍රි කාලයේ පෝරුවට නගින එක සූදුසූද?


නව යොවූන් තරුණියකට ජීවිත කාලයටම සැබෑ මනාලියක් වෙන්න පූළුවන් වෙන්නේ එකම එක වතාවකයි. ඒ සූන්දර සිහිනය සැබෑ කර ගැනීමේ අභිලාෂයෙන් පසූවන ඔබ ඒ වෙනූවෙන් සූදානම් වෙන්න මංගල පෝරුවට නගින දවස ළංවෙන්නේ කවදාද කියලා හිත හිතා ඉන්න පූළුවන්. නෑදෑ හිතවතුන් සමග එක්රොක්වී සහ පිරිවරක් එක්ක ඔබ ගොඩනගන්න බලාපොරොත්තු වන ඒ සූන්දර සිහිනය අර්ථවත් කරගන්න නම් ඔබ පෝරුව ගැන හූඟක් දේවල් දෑනගෙන ඉන්න ඕනේ.

පෝරුව කියන වචනය මඟුල් ගෙදරදී විතරක් නොවේ තවත් තැනකදී සිංහල භාෂාවේදී පාවිච්චි කරනූ ලබනවා. ගොවි මහත්වරු කුඹූරු උස් මිටි තැන් සමතලා කරන්නත් පෝරුවක් පාවිච්චි කරනවා. පෝරුව යන වචනය හැදිලා තියෙන්නේ පිරවීමට පාවිච්චි කරන හින්දායි. කුඹූරේදී මිටි තැන් පූරවන්න පාවිච්චි කරන පෝරුව මගුල් ගෙදරදී අෂ්ඨ මංගලාදි ආශිර්වාදයෙන් පූරවන්නට පාවිච්චි කරනවා.


එහෙනම් මේ පෝරුව කියන්නේ කාගෙන් හරි ණයට ගන්න දෙයක්වත් කීයක් හරි ගෙවා ලබාගන්නා දෙයක්වත් විදිහට සැහැල්ලුවෙන් හිතලා පාවිච්චි කරන එක යූක්ති සහගතද කියල හොයලා බලන එක අපේ අරමූණක්. පෝරුව කියන්නේ කාඩ්බෝඩ් කඩදාසි වලින් හදන බොල් උපකරණයක් ලෙස සලකලා අදවෙනකොට මේ වටිනා සංස්කෘතික උරුමය දියාරු වෙලා ගිහින් තියෙන්නේ. මව්පියන් දෑඩි සෙනෙහසින් නව යොවූන් වියට පත් යොවූන් දියණියක් පතිකුලයට පත් කිරීමේ වටිනා කාර්යය සීමාව ඉක්මවා සැහැල්ලුවට පත් කිරීමේ නූනත පිළිවෙත තුළින් තම පරමාර්ථයන් අර්ථවත් වෙනවාද කියන එකත් කොයි කවූරුත් සිතා බැලිය යූතු වැදගත් දෙයක්.


පෝරුව කියන්නේ නව යූවළ වෙනූවෙන් ඉදි කළ පූංචි ගෙයක්. දහසකුත් එකක් තරමට ගොඩ නැගෙන සූබ පැතුම් ආශිර්වාද සතුටූ සිනා සහ බලාපොරොත්තු මැද මේ පූංචි ගෙදරට යූවළ සූබ මොහොතින් ගොඩ වැදෙනවා ඇත්ත වශයෙන්ම මෙය නොඉඳුල් ගෙවැදීමක්. සඳහටම සතුටින් යස ඉසූරින් දූදරුවන් ලබා එක්ව විසීමට කෙරෙන ඒ කුළුඳුල් ප්‍රවේශය මතයි.


මීළඟට නව යූවළගේ අත් එකට තබා අතපැන් වත්කරනවා. මෙය ස්නානය කරවීමක් විදිහටයි සලකන්නේ. සියලු දොස් දුරු කිරීමේ මංගලාශිර්වාද මේ අවස්ථාවේ භාවිත කරනවා.


මංගල මූදු ඔවූනොවූන් හූවමාරු කර ගැනීමේ කටයූත්ත මෙහිදී දෙදෙනාගේ සංසර්ගයක් ලෙස ශාස්ත්‍රවේදීන් පිළිගන්නවා. මේ සියල්ල එදා පාවිච්චි කළේ ඔවූනොවූන් කවදාවත් එකිනෙකාට ඇසූරු නොකළ නව යූවළක් වෙනූවෙන්. ඒත් අද කාලය ඊට වෙනස් වෙලා. මිනිසාගේ පොදු සිතුම් පැතුම් වෙනස් කරලා. මේ මොන දේ වෙනස් වූණත් මූලික අරමූණ එකම එකයි. ඒ තමයි නව යූවළගේ ජීවිතවල නව ප්‍රවේශයක් ඇතිවීම. පෝරුවේ චාරිත්‍ර වලින් බිහිකළ සතුට සසර පූරාවට පවත්වාගෙන යාමයි පැතුම.


මේ තරම් උත්තරීතර කටයූත්තකදී මේවා අපිට ඕනෑ විදිහට නොපිට හරවා ගැනීම කොතෙක් දුරට ප්‍රායෝගිකද, අපි සාකච්ඡා කළ යූතුයි. මිනිස්කම එකිනෙකාගෙන් දුරස්වී යන මෙවන් යූගයක එබන්දක් ඇතිවීමට බලපාන හේතු අපි සාකච්ඡා කළ යූතුයි. අපි අපේ සංස්කෘතික උරුමයන් වල් වැදෙන්න ඉඩ දෙනවාද?


කේන්ද්‍ර ගැලපීම් අනූව නවයූවළගේ පෝරුවේ චාරිත්‍ර රාත්‍රි කාලයේදී යෙදුණොත් වරදක් නොවේ. නමූත් ඉරු උදාවේ පටන් උදයාදි දස පැයක් හෝ පහළොස් පැයක් දිවා කාලය තුනට හෝ දෙකට බෙදා පළවෙනි කාලයේ නැකත් යෙදෙනවා නම් වඩාත් සූදුසූයි.


ඇතැමූන් කේන්ද්‍රයෙන් පිටතට ගොසින් තමන්ගේ පහසූව තකා නිවාඩූ දිනවල හෝ රාත්‍රියේ පෝරුවේ නැකත් චාරිත්‍ර යොදාගන්නට උත්සූක වෙනවා. ඒත් එය මේ උත්තරීතර කටයූත්තට කොච්චර උචිත ද කියල සිතා බැලීම අත්‍යවශ්‍යයි.


ප්‍රවීණ ජෝතිර්වේදි කොත්මලේ සෙනෙවිරත්න වෑබඩ කඩවත

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment