ජපන් රටෙ සැමියා ඃ බිරිඳ මූල්තැන දෙන්නේ තමන් කරන රැකියාවට


අපේ ගෘහනිය දෑලි කුණූ පෙරාගෙන දවස පූරාම කෑම උයන්න වෙහෙසූණත් ජපන් කාන්තාව එහෙම නෙමෙයි
ජපානය කිව්වහම අපට ඇතිවෙන්නෙ මොන වගේ සිතුවිල්ලක්ද? ලෝකයේ දියූණූ රටවල්වලින් එකක් ලෙස ගැනෙන මේ රටෙ සවාරියක් යන්නට ඇත්නම් වැනි සිතිවිල්ලක් අපේ සිතේ අතිවෙනවාට සැකයක් නැත. මෙරට තරුණ, තරුණියන් රැකියා සොයමින්, වගේම වැඩි දුර අධ්‍යාපනයටත් අවූරුදු ගණනාවක සිට ජපානයට යති. එති.


අප සමග එක්වන සූවිශේෂ කාන්තා චරිතය මංගලා රාජපකෂයි. ඇය ජපානයට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නටයි. ඇගේ හැකියාව දැනූම නිසාම ජපානයේ මෝටර් රථ සමාගමක සේවය කරන්නට ලැබූණි. ඇය නවලිය පූවත්පත සමග ජපානය ගැන අදහස් දැක්වූවාය. එරට ජන ජීවිතයත් කාන්තාවන් ගැනත් අප සමග කතා කළාය. මේ සියල්ල sinhalamag පාඨකයින්ට අලුත් අත්දැකීමක් වෙනවාට සැයක් නැත. ඒ නිසා මෙසේ සටහන් කරමූ.


ජපන් කාන්තාව ගැන කතා කරනකොට අපි මූළුතැන්ගෙයින්ම පටන් ගනිමූ. අපේ කාන්තාවන් වගේම නොවෙයි ඔවූන් කෑම බීම සකස් කරන්න විශාල කාලයක් නාස්ති කරන්නෙ නැහැ. පැය භාගයක් වගේ ඇතුළත පවූලේ සියලු දෙනාටම සරිලන ආහාර වේලක් සකස් කර ගන්නවා. ජපන් පවූල කේන්ද්‍ර වෙලා තියෙන්නෙ වැඩ කිරීම වෙනූවෙන්. සැමියා, බිරිඳ පළමූ තැන දෙන්නෙ තමන් කරන රැකියාවට. ගේ ඇතුලේ දෙදෙනා අතර තියෙන බැඳීම, ඉතාමත් අඩූයි කියලයි මං හිතන්නේ.. විශේෂයෙන්ම, දරුවෝ අවූරුදු හය හත වෙනකොට එක්තරා ප්‍රමාණයකට ස්වාධීන වෙනවා. දරුවන්ට බොහෝ දේවල් තනියෙන්ම කරගන්න පූරුදු පූහූණූවක් ලබාදෙනවා. පාසල් යන වයසේ දරුවන් හැම දෙනාගේම අතේ ජංගම දුරකථනයක් තියෙනවා. මේවායේ බිල ගෙවාගන්න මූදල් සොයාගන්නෙත් ඔවූන්මයි. ඉහළ පංතිවල ඉගෙන ගන්න දරුවන්, පාර්ටි ටයිම් කුමක් හෝ රැකියාවක් කරලා මේ මූදල් හොයා ගන්නව.


ජපානයේ දෙන්නෙක් කඩේකට කෑමකට ගියොත්, ලැබෙන බිල දෙදෙනා බෙදාගෙන තමයි ගෙවන්නෙ.් ජපන් මංගල උත්සවයකට සහභාගි වූණාම, තමන්ගේ කෑම පිඟානේ, බිල එතන සඳහන් වෙලා තියෙනවා. ඒක මංගල්‍ය උත්සවයට ආරාධනාව ලබන කෙනා විසින්ම ගෙවා දැමිය යූතුය.


හැම දෙයක්ම, මූදල් මත පදනම් වෙන නිසාදෝ හැමෝම, මං මූලිනූත් කිව්වා වගේ රැකියාවට මූල් තැන දෙනවා. ඒක තමයි, ජපානයේ, ආර්ථික දියූණූවට හේතුව.


ජපානය බෞද්ධ රටක්. එහේ අයගේ ආගම ඇදැහීමට තියෙන නැඹූරුව කොහොමද?

ඇත්තටම, ජපන් අය බූද්ධාගම අදහන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය තුළත් එය විෂයක් හැටියට උගන්වන්නෙත් නැහැ. පන්සලකට ගිහින් අත්පූඩියක් ගහලා සල්ලි ටිකක් විසි කරලා ආපහූ අත්පූඩියක් ගහලා හැරිලා එනව. ඔවූන්ට පන්සල අවශ්‍ය වෙන්නෙ මරණයක් වූණහම. ජපන් කාන්තාවට තමයි වැඩිපූරම ගෙදර මූලිකත්වය ලැබෙන්නේ. සැමියා හම්බ කරන වැටූප පවා ඇයගේ අතට ගෙනත් දෙනවා. ඉන්පසූ රැකියාවට යන අතර දිනපතා පොකටි මනි බිරිඳගෙන් ලබාගන්නව.


ජපන් සමාජය ගත්තහම නිරුවත සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දෙමාපියන් දරුවන් සමග නිරුවතින් දිය නෑම කරනවා. අපේ රටෙි නම් කාන්තාවක් කොට කලිසමක් ඇඳලා ගියොත්, පිරිමි හැරි හැරී බලන තත්ත්වයක් තියෙනවනේ... නමූත් එරට ඒ වගේ තත්ත්වයක් නැහැ.


ජපනූන් ගැන කතා කරනකොට විශේෂයෙන් එකක් කියන්න ඕනේ. ඔවූන් සතුව ඇති වැඩකට ඇති කැපවීමෙ හැකියාව. අනිත් එක ඕනෑම වැඩක් කරන්න ගියහම ඔවූන් සතුව තියෙන සැළසූම් සහගත බව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. මේ ගතිය කාන්තාවන්ටත් අඩූවක් නැතිව තියෙනව. මූළුතැන්ගෙයි වැඩ ඉක්මණට කෙරෙන්නෙත් ඒ නිසා තමයි. අනෙක් එක තමයි ඔවූන්ගේ හූඟක් කෑම සකස් වෙන්නෙ අමූවෙන්මයි. සෝස් වර්ග දාලා සකස් කරන ඒ ආහාර අමූවෙන් කෑවා කියල අපූලක් දැනෙන්නෙ නැහැ. ඔවූන් මාළු පවා අමූවෙන් කෑමට සකස් කරනවා. ඔවූන්ගේ සූපිරි වෙළඳ සැල් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම සූපිරියි. මාළු පෙත්ත මිළදී ගෙන ආවොත් එය සෝදන්නටවත් අවශ්‍ය නැහැ. කෙළින්ම ආහාරයට සකස් කරන්න පූළුවන් ආකාරයට ඇසූරුම් කරලා තියෙනවා.


ජපන් සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම වගේ දෙයක් දකින්නේ කොහොමද?

ඇත්තටම, තමන්ගේ දියණිය වැඩිවියට පත්වූණාද, එහෙම දෙයක් තියෙනවද කියල මවූවරුන් සලකන්නෙ නැහැ. සූපූරුදු පරිදි, ඇය පාසල් යනව. අපේ වගේ මල්වර උත්සව කිසිවක් නැහැ.


ජපන් කාන්තාවගේ ආරක්ෂාව තහවූරු වෙනවද?

අපරාදේ කියන්න බැහැ. ජපානයේ ජීවත්වෙන බොහෝ දෙනෙක් නීති ගරුකයි. යම් අපරාධයක්, වරදක් සිදුවූණ වෙලාවට දුරකතන ඇමතුමක් දීලා, විනාඩි පහක් ඇතුළත පොලීසියෙන් එනව. ඒ වෙලේම ඊට දඬූවම් හෝ විසඳුම් ලැබෙනවා. මෑතකදී පේරු ජාතිකයෙක් විසින් ජපන් දැරියක් දූෂණය කරලා මරා දමා තිබූණා. දින කිහිපයක් ඇතුළත, ජපන් පොලිසිය විසින් අපරාධකාරයාව අල්ලා ගනූ ලැබූවා. ඒ වගේම ඉක්මණින්ම නීතිය ක්‍රියාත්මක වූනා. මාධ්‍ය නීතිය ක්‍රියාත්මක වෙනතුරු විශාල අවදියකින් හිටියා. නැතිව මාධ්‍ය ඒ සිද්ධියේ ජූගුප්සා ජනක පැත්ත නොවෙයි ඉස්මතු කළේ.


ජපානයේ තරුණ, තරුණියන් අතර ආදරය, ලිංගිකත්වය වගේ දේවල්වලට අසීමිත නිදහසක් තියෙනව නේද?

තරුණ දූවරු පූත්තු ඉන්න දෙමාපියන්, දරුවන්ගේ සම්බන්ධකම් ක්‍රියාකාරකම් ගැන ඒ තරම් තදින් හිතට අරගෙන හිතන්නෙ නැහැ. ඔවූන් දරුවන්ට දැරියන්ට උපරිම නිදහස දීලා තියෙනවා. තමන්ගේ අනාගත සහකාරයා හෝ සහකාරිය සොයාගන්න ඔවූන්ට උපරිම නිදහස තියෙනවා. බොහෝ තරුණ තරුණියෝ විවාහයට කලින් එක වහලක් යට ඉඳලා තමයි විවාහයට සූදුසූද නැද්ද කියල තීරණය කරන්නේ. එපා නම් වෙන් වෙනවා. ඕනෑ නම් එක්වෙනවා. මට මේ මොහොතේ එක සිද්ධියක් මතක් වෙනවා. අවූරුදු දහතුනක පාසල් ශිෂ්‍යාවක් ගැබ් ගත්තා. ඒ අවස්ථාවේ ඇයගේ පාසලේ ගුරුවරියවත්, මවවත් කලබල වූණේ නැහැ. ඔවූන් දෙදෙනා දියණියවත් අරගෙන ගිහින් ගබ්සාවක් කරගෙන ආව. නමූත් අපේ රටෙ මවක්, දියණියක් මේ තත්ත්වයට පත් වූණානම් මොන වගෙද? ලිංගිකත්වයට තියෙන සීමාවන් බොහොමයක් ඇරිලා. ඒ සංස්කෘතිය අපි වගේ ථෙරවාදී බූද්ධාගම තියෙන රටක අයට හූඟක් ආගන්තුකයි.


ජපන් සමාජයෙන් ගත යූතු හූඟක් දේවල් තියෙනවා. නැතිනම් කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් හැටියට සේවය කරමින් ඉඳලා පී. එච්. ඩී. ඩිග්රිය අරගන්න ගිය මම ජපානයේ වෘත්තියක් කරන්න නතර වෙන්නේ නැහැනේ. මම දුවල දෙන්නෙකුයි පූතෙකුගෙයි මවක්. ඔවූන් ජපානයේ හොඳ දේවල් වගේම අපේ රටෙි සංස්කෘතියේ හොඳ දේවල් මූසූ කරමින් යහපත් දරුවෝ ලෙස ගොඩනගන්නයි මං වෙහෙසෙන්නේ. මමයි මගේ මහත්තයා ගාමිණී රාජසිංහයි.ි මේ වතාවේ ලංකාවට ආවේ අපේ රටෙි අලුතින් හදන ගෙදර වැඩ කටයූතු බලන්නයි, දරුවන්ට අපේ රටෙි වෙසක් උත්සවය පෙන්වන්නයි.


ජපන් කාන්තාවගෙන් අපේ කාන්තාවන් ඉගෙන ගතයූතු හූඟක් දේවල් තියෙනව. ඔවූන් හරිම කඩිසරයි. පිරිමින් කරන ඕනෑම වැඩක් කරන්න ඔවූන්ට හැකියාව තියෙනවා. කරනවා. ස්කැමල් වැනි දැවැන්ත වාහන පදිනවා.


අවසාන වශයෙන් මංගලා අප සමග පැවසූවාය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment