ආයූෂ වැඩි කරන මූකුණූූවැන්න

මූකුණූවැන්න ආහාරයට ගැනීමෙන් සමේ පැහැපත් බව ඇතිවන බව අමතක කරන්නට එපා.


මූකුණූූවැන්න නම කියූ පමණින් අපගේ සිතට නැගෙන්නේ එය ඉතා ගුණවත් ප්‍රනීත පලාවර්ගයක් බවයි. එහි ඇති පෝෂණ ගුණය හා ඖෂධ ගුණය අතිමහත්ය. ඕනෑම නිවසක සමබර ආහාර වේලකට පලා වර්ගයක් නැතිවම බැරිය. ඒ නිසා අපි අද කතා කරන්නේ මූකුණූූවැන්න පිළිබඳ වන අතර එහි ඇති ගුණය ගැනද අවධානය යොමූ කරමූ.

බෙංගාලය, ශ්‍රි ලංකාව වැනි රටවල තෙත් සහිත පහත් බිම් ප්‍රදේශවල බහූලව වැඩෙන ශාකයකි මෙය. මූකුණූූවැන්න ශාකයේ පත්‍රය දෙස ඇස ගැටූණ සැනින් අපට සිහියට නැගෙන්නේ එය මාළුවකු ගේ ඇසට සමාන බවකි. මේ නිසා මෙම පලාවර්ගය මීනාක්ෂි, මත්‍යාක්ජ, මීන ලෝචන යන නම්වලින් ද හඳුන්වනූ ලබයි.

ඔබ දන්නවාද මූකුණූූවැන්න වල ඇති සූවිශේෂ ගුණය ගැන. මූකුණූවැන්න ආහාරයට ගැනීමෙන් ආයූෂ වැඩි වී සමපැහැපත් කර තාරුණ්‍ය පෙනූම ලබාදේ ඒ නිසා එය වයස්ථා යන නමින්ද හඳුන්වයි.

අක්ෂි රෝග, වාත රක්ත රෝග, කකුල් පැලීම, ශරීරයේ දෑවිල්ල රොග, පීනස රොග සඳහා ඉතාමත් ගුණවන අතර ඖෂධ සඳහා භාවිත කරයි.

අක්ෂි රෝග සඳහා ඇස් සේදීමට මූකුණූූවැන්න දඬූ තම්බාගත් ජලය ඉතා සූදුසූ වෙන අතර දින හතක් කැඳ සාදා බීමෙන් රෝග සූව වේ.

ශීත ගුණයෙන් යූක්ත වීමූත් විටමින් මද වශයෙන් හා විටමින් ණ බහූලව ඇති පලා වර්ගයකි. මූකුණූූවැන්න පරිප්පූ සමග ව්‍යාංජනයක් ලෙස ඉතා රසවත් මෙන්ම මැල්ලුම හා සම්බල් ලෙසද ආහාරයට ගත හැක.

කාන්තාවන්ගේ රූසපූවෙහි ප්‍රධාන අංගයක් වන හිසකෙස් සඳහා ඉතාමත් ගුණදායකය. මූකුණූූවැන්න ආහාරයට පමණක් නොව ආයූර්වේදයෙහි හිසට ගල්වන තෙල් සඳහා උපයෝගි කරගන්නා ඔසූ පැළෑටියකි.

මේ නිසා මූකුණූූවැන්න කෙස් කළඹට ඉතා හිතවත් බව හඳුන්වා දීමට පූළුවන්.



ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී. එම්. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment