බහිරව පූජාවක් තියන්නම ඕනෙද ?

අතීතයේ සිට නවීන සමාජය තුල අදටත් නිවසක් සෑදීම ආරම්භ කිරීමේදී තම භූමිය ආරකෂා කිරීම සඳහා බහිරව පූජාව පවත්වනූ ලබයි. සැබවින්ම අපේ ජනයා තුල බියක් පැවතියා බහිරව පූජාව නොකර නිවසක් ඉදිකිරීමේදී එය සාර්ථක නොවී දියූණූවක් නොලබන බවට ඔවූන් විශ්වාස කළ ආකාරයට එම පූජාව තබා කරනූ ලබන සියලු වැඩ කටයූතු සාර්ථක වන බවට විශ්වාස කළා. බහිරව පූජාව නොකිරීමෙන් සියලූ කටයූතුවළට බාධා කරන හා පූජාව කිරීමෙන් ආශිර්වාදය දෙන බහිරවයා කවූද කියා අපි මේ ලිපියෙන් අවධාරණය කර ගනිමූ.
ගැමියන් තුළ බහිරවයා පිළිබඳව විවිධ මත පවතියි. මොහූ ස්වභාවයෙන්ම අවූල්වූ බොකුටූ හිසකේ ඇති, විරූපී මහත මිටි අත්පා කොට බලසම්පන්න යකෂයෙකු ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. බහිරව නම ඇසූ පමණින් සිංහල ගැමියන්ගේ සිතට නැගෙන්නේ රොස් අල්ලන ලද බත් මූටිටියයි. කෙටියෙන් කියතොත් බහිරවයා කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් යැයි සැලකීම සිංහල ගැමි සමාජයේ සිරිත විය.

ඉඩම්වලට අරක්ගෙන සිටින බහිරවයෝ හැර ලෝකපාලනය සඳහා බහිරවයෝ අට වර්ගයක් සිටිති. ඔවූන් අශ්ඨ බහිරවයෝ ලෙස හා අට කොම්බාර බහිරවයෝ ලෙසද හඳුන්වනූ ලබති. අට කොම්බාර බහිරවයෝ අරක් ගෙන සිටිනූයේ ආතාල හෙවත් (අහස) හා පාතාල හෙවත්(පොළොව)යි.

මීට අමතරව නිධන්වළට අධිපති බහිරවයන්ද සිටී. පෙර රජ දරුවෝ ලංකාවේ සතුරු ආක්‍රමණ වලදී තමාගේ වස්තු සම්භාරය සටනට රැගෙන නොයයි. එම රාජ වස්තුව ආරකෂා සහිත ස්ථානයක තැන්පත් කරයි. එම ආරකෂා ස්ථානයේ තබා ඇති වස්තුව රජූ යූද්ධයට ගොස් නැවත පැමිණෙන තෙක් ආරකෂා කිරීම සඳහා රජූට විශ්වාසවන්ත පූද්ගලයෙකු කැඳවා ගෙනවිත් මා එනතෙක් මෙම වස්තුව ආරකෂා කරගන්නා ලෙස පොරොන්දු කරවා එම පූද්ගලයාව මරුමූවට පත්කරයි. එම මැරුණූ ආත්මය උරුමක්කරු එනතෙක් තැන්පත් කළ වස්තු සම්භාරය ආරකෂා කරයි. එම වස්තුව ආරකෂාකරන පූද්ගලයා බහිරවයා ලෙස ගැමියෝ හඳුන්වති.

මේ කොතෙක් බහිරවයෝ ගැන සඳහන් කළත් අපට වැදගත් වනූයේ ඉඩම්වලට අරක්ගෙන සිටින බහිරවයා කවූද කියා දෑන ගැනිමටයි. අපේ භූමිවළ අරක්ගෙන සිටින බහිරවයා නම් ඉඩම්වළට අශාවැති ඉඩම් හිමියෝය.

නිවසක් සෑදීමේදී පළමූව අපි මියගිය ඥාතින්ට දොළදී බහිරව පූජාව පවත්වනූ ලබන්නේ මේ නිසාය. ඉඩම අරක්ගෙන සිටින මියගිය ප්‍රාණකාරයා ගේ සිත සතුටූ කර ඉඩමෙන් ඉවත් කරයි. එසේ නොකර සූබ වැඩකට අතගැසීමෙන් සිදුකරනූ ලබන කටයූතු සාර්ථක නොවී නිවසේ සිටින අයට ලෙඩ රෝග උවඳුරු ඇති කරන බවට ජනයා තුළ විශ්වාසයක් පවතී.

මේ සියලු බහිරවයෙකුටම අණ දෙනූ ලබන්නේ ඊෂ්වර දෙවිදුන් වන අතර තවත් සමහරු බහිරවයා යනූ ඊෂ්වර දෙවිදුන් ගේ අවතාරයක් ලෙසට විශ්වාස කරයි. ඉඩමක බහිර පූජාව පැවැත්වීමේදී අප මියගිය ප්‍රාණ කාරයාට පමණක් පූජා පැවැත්වීම පමණක් නොව අශ්ඨ බහිරවයන්ට පූජාව ලබාදීමෙන් කිසිදු කරදරයකින් තොරව වැඩ කටයූතු සාර්ථක කර ගැනීම හා ආශිර්වාදය ලබා ගැනීම අදටත් බොහෝ අයගේ සිරිතවී තිබේ.



ජ්‍යොතීර්වේදි ඩී.පී. ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment