ශරීරයෙන් දෑනෙන දහඩිය ගඳ නැතිකර ගන්නට කළ හැක්කේ කුමක්ද?


බොහෝ දෙනෙකුගේ මැසිවිලි නැඟීමක් තමයි දහඩිය දුඟද බව. මේ දුඟදට ඇතැම් අය හේතු දක්වනවා බඩ සූද්ද වෙන්න බීවේ නැති නිසා, ලේ අපිරිසිදු නිසා මේ දුර්ගන්ධය ඇතිවෙන්නේ යැයි කියා. නමූත් බාහිර බැක්ටීරියා හමේ ක්‍රියාත්මක වෙලා හටගන්න දුර්ගන්ධයක් නිසයි දහඩිය එසේ දුගඳ හමන්නේ. ඒ වගේම මෝර තෙල් පාවිච්චි කරන කෙනෙකුගේ ශරීරයෙන් පිටවන දහඩියද පිළිකුල් සහගත දුගඳක් ඇතිකරනවා. මෙහිදී ඔබ වරදවා වටහා නොගත යූතුයි, අපි මේ කතා කරන්නේ මෝර තෙල් වලින් අපට ඇති ප්‍රයෝජනය හා එහි ඇති ඖෂධීය ගුණය ගැන නොවෙයි, එහි ඇති අහිතකර තත්ත්වය ගැන පමණයි.


ශරීරයෙන් දෑනෙන දහඩිය ගඳ නැතිකර ගන්නට කළ හැක්කේ කුමක්ද?
ඔබට පූළුවනි මේ දහඩිය දුගඳ නැතිකරගන්න ඉඳහිට සමට ප්‍රතිකර්මයක් කරන්න. බෙලි කොළ මිටවල් දෙකයි, පේර කොළ මිටවල් දෙකයි, සැවැන්දරා කුඩූ තේ හැන්දකුයි, අමූ අමූකහ අල අඟලක පමණ කැබැල්ලකුයි අරගෙන පොඩිකර තලපයක් සාදා ඇඟේ ආලේප කරන්න. පැයකට පමණ පසූව සෝදා හැරීම හෝ ස්නානය කිරීම තුළින් ඔබේ ශරීරයෙන් දැනෙන දහඩිය දුගඳ නැතිකර ගන්නට පූළුවන්. බෙලි කොළ සහ සැවැන්දරා තුළින් ශරීරයට ඉතාම ප්‍රසන්න සූවඳක් ලබා දෙනවා. ඒ වගේම එය දිලීර වලට විෂබිජ නාශකයක්. ඔබේ ශරීරයේ දුඟඳ නැති කරගන්නට විශාල වශයෙන් මූදල් වියදම් කරමින් නොයෙක් නොයෙක් ආලේප වර්ග සූවඳ විලවූන් භාවිතා කරනවාට වඩා විශ්වාසනීය ලෙස අඩූ පිරිවැයකින් ලෙහෙසියෙන් සකස්කර ගන්නට පූළුවන් මේ ස්වභාවික දේශීය ක්‍රම අනූගමනය කිරීම ඔබට වඩාත් පහසූ වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment