මවූකිරි දරුවාට පෝෂ්‍යදායි ආහාරයක් මිස ඇසට දැමිය යූතු ඖෂධයක් නොවේ



මිනිස් සිරුරේ ඇති වැදගත්ම ඉන්ද්‍රිය ඇස ලෙස හැඳින්විය හැකිය. ඇස ආරක්ෂා කල යූත්තේ ඒ නිසාය. මේ නිසා ඇසේ ඇතිවෙන ආසාධන තත්ත්ව සඳහා හිතුමතේට බෙහෙත් නොකල යූතුය.

ඇස් රතුවීම විෂබීජ තත්ත්ව නිසා මෙන්ම අසාත්මිකතා නිසාද විය හැකිය. එමෙන්ම විෂ බීජ නොවන තත්ත්ව නිසාත් ඇස් රතුවිය හැකිය. පරිසරයේ ඇති දූවිලි, කුණූ රොඩූ ගියවිටත් ඇස් රතුවීමට පූළුවන.

ඇස් රතුවීම, ඇසෙන් කබ ගැලීම රෝගී තත්ත්වයකි. මෙවැනි අවස්ථාවක ඔබ බොහෝ දෙනෙක් කරන්නට පෙළඹෙන අත් බෙහෙත් බොහෝය. එයින් මූලික වන්නේ ඇසට මවූකිරි දැමීමය.

මවූකිරි යනූ ඉතාම පිරිසිදු පෝෂ්‍යදායී ආහාරයක් මිස ඇසට දෑමිය යූතු බෙහෙතක් නොවන බව මූලින් කිව යූතුය. නමූත් මවූ කිරි ඇසට දැමීමට පෙළඹෙන්නේ එය විෂබීජ රහිත දෙයක් නිසාවෙනි. නමූත් ඇසට මවූකිරි දැමීමේදී එය වෙනත් භාජනයකට හෝ හැන්දකට දොවා ඇසට නැවත දැමීමෙන් වන්නේ මවූකිරි වාතයට නිරාවරනය වීමෙන් විෂබීජ ඇසට එකතුවීමයි. මෙයින් සිදුවෙන්නේ තවත් විෂබීජ ප්‍රමාණයක් ඇසට නැවතත් එකතුවීමයි.

ඇස් රතුවීමේදී වෙන්නේ ඇසේ ඇති ඉතාම සියූම් කේශනාලිකා සහ අක්ෂි පටලය ඉදිමීමයි. පිටතින් විෂබීජ ඇසට ඇතුළුවීමෙන් මෙය බරපතල තත්ත්වයක් ද විය හැකිය.

එවිට ඔබට මෙසේ ද තර්ක කරන්න පූළුවනි. කෙලින්ම තන පූඩූවෙන් ඇසට මවූ කිරි දැමීමෙන් විෂබීජ ඇසට ඇතුළු නොවනවා යනූවෙනි. නමූත් එය ප්‍රායෝගික නැත. එසේ කරන්නේ නම් තන පූඩූව හොඳින් සෝදා මවූකිරි ඇසට දැමීම කල යූතුය. නමූත් ඇසට අත් බෙහෙත් කිරීම කිසිසේත්ම අනූමත කළ නොහැක.

එමෙන්ම ඇසට දමන කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස්වලින් තොරව පාවිච්චි කිරීම අවදානමකි.

මේ දවස්වල පවතින ඇස් අමාරුවට මවූකිරි හෝ වෙනත් අත් බෙහෙත් එහෙමත් නැතිනම් ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම සූදුසූම නැත. මෙයින් නොයෙක් අසාත්මිකතා මෙන්ම ඇස් නරක්වීම වූනත් වෙන්න පූළුවනි.

ඇතැම් අය පවසනවා මවූකිරිවල ඇති මේද කොටස්, ප්‍රෝටීන කොටස් නිසා එය ඇසට අහිතකරයි කියල. ඒත් එම කොටස්වලින් ඇසට හානියක් වන්නේ නැහැ.

ඒ වගේම අපේ ඇතැම් වැඩිහිටියන් ඇස් අමාරු හැදුණූ විට දෙළුම් කොළ, කොහොඹ කොළ තම්බා වතුරින් ඇස් සෝදන්න, ඇස් තවන්න උපදෙස් දෙනවා. මෙම ශාක කොළවල ඇති විෂබීජ නාශක ගුණය නිසා වැඩිහිටියන් මෙසේ උපදෙස් ලබාදෙනවා වෙන්න පූළුවන්.

මෙය නොකළ යූතු දෙයක්. මේ කොළවල රැඳී ඇති දූවිලි, රොඩූ ඇසට ගියාම වෙනත් ඇස් රෝග, ආසාධන පවා සිදුවෙන්න පූළුවනි. මෙම කොළ වර්ගවලින් රෝගී ඇස් තැවීමෙන් තාවකාලික සූවයක් පමණක් ඇති වෙන්න පූළුවන්.

බූලත් කොළ කොටා, යූෂ දැමීම, කෝපි කුඩූ දැමීම වැනි දේවල් පවා තවමත් දක්නට ලැබෙනවා. මෙවැනි දේවල් ඇසට දැමීම නොකල යූතුයි.

මේ මාසවල අනූරාධපූරය, පොළොන්නරුව වගේ පළාත්වල ජීවත්වන ජනතාව ඇස් රෝගවලින් පීඩා විඳිනවා. වී හූළං කරන මේ වගේ කාලෙදි වී ඇට විසිවෙලා ඇස්වල වැදිලා ඇස් තුවාල වෙනවා.

මේ තුවාලවල විෂබීජයක් නිසා පූස් වර්ගයක් ඇති වෙනවා. එවැනි තත්ත්වයට අත් බෙහෙත් කිරීමට යාමෙන් ඇසේ ෙසෙල නරක් වෙලා ඇස ඉවත් කරන්න පවා සිද්ධ වෙන්න පූළුවනි. මේ නිසා ඉහත පළාත්වල ජීවත්වෙන ජනතාව ඇස් රෝගවලින් පෙලෙනවා නම් ළඟම ඇති රජයේ රෝහලේ අකෂි වෛද්‍ය සායනයට යොමූ කරනවා නම් හොඳයි.





වෛද්‍ය කපිල පියසේන
කායික රෝග විශේෂඥ ජාතික රෝහල
කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment