බඩ පිරෙන්නම කන්න එපා


අපි ආහාර ගන්න ඕනෑ ප්‍රමාණයක් තියෙනවා. අමාශයෙන් අඩක් පිරෙන තුරු පමණක් ආහාර ගන්න. අමාශයේ ඉතිරිවී තිබෙන බාගයෙන් කාලක ප්‍රමාණයක් පිරෙන්න වතුර බොන්න. ඉතිරි කාල පිරෙනතුරු ආහාර ගන්නත් එපා. වතුර බොන්නත් එපා. ඒ කාලක ප්‍රමාණය නිතරම හිස්වම තියන්න.


එතකොට තමයි ආහාර ජීර්ණය හොඳට සිදුවන්නේ. ආහාරවල තියෙන පෝෂක කොටස් හොඳට සිරුරට උරා ගන්නෙත් එතකොට තමයි.


"අඩක් කෑම දහස් වටී" කියලා හොඳ කතාවක් සෘෂිවරු කියලා තියෙනවා. වැඩියෙන් කෑවොත් අජීර්ණ ඇතිවෙනවා. අඩූවෙන් කෑවොත් පෝෂණය පිළිබඳ ප්‍රශ්න ඇතිවෙනවා.


තමන් කාපූ ප්‍රමාණය තමන්ටම දෑනගන්න පූළුවන්. ගණනකට කෑවා නම් ඉතින් පමණට වැඩිය බඩ පිම්බෙන්නේ නෑ.. බඩේ බරගතියක් එතකොට දෑනෙන්නෙම නැහැ. පංච ඉනද්‍රියන් නියමිත ක්‍රියාවල නිසි අයූරින් යොදවන්නත් පූළුවන්. පොතක් කියවනව නම් නිදහසේ සැහැල්ලූවෙන් ඒ පොත බලන්න පූළුවනි.


කවූරු හරි මොනවා හරි කියනව නම් ඒ කියන දේ වූනත් නිදහසේ අහගෙන ඉන්න පූළුවන්. ළඟපාතකට පයින් ඇවිදගෙන වූනත් යන්න පූළුවනි. ඒ නිසා බඩ පිරෙන්නට කන්න එපා.


ආයූර්වේද වෛද්‍ය නිල්මිණි ප්‍රේමතිලක
ජයන්තිපූර කුරුණෑගල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment