ඇවිදීමට නොහැකි දරුවන්ට ජල චිකිත්සාවෙන් ප්‍රතිකාර


ශිෂ්‍යත්වයක් ලබා ජපානයට ගොස් එහිදී ඉගෙන ගත් භෞතචිකිත්සක ක්‍රම පිළිබඳව ඔබව දෑනූවත් කිරීමට මම මේ ලිපිපෙළ මගින් උත්සාහ ගනිමි. ජපානයේ භෞතචිකිත්සක ක්‍රම අතර ජල චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි. දෙපා පණ නැතිවන රෝග තත්ත්වවලදී කරන ප්‍රධාන ප්‍රතිකාරයකි ජල චිකිත්සාව. ජලයේ පවත්නා ඉපිලෙන ගුණය භාවිත කරමින් රෝගියාට ජලය තුළදී පණ නැති දෙපා ඉහළට ඔසවා තැබීමට පූළුවන්. තවද එම ජල තටාකවල ඇති විද්‍යූත් උපාංග මගින් ජලය විවිධ දිශාවලට විවිධ වේගයෙන් ගැලීමට සැලැස්විය හැක. එහිදී ජලයේ ඉපිලෙන ගුණය මෙන්ම ජලයේ වේගයද රෝගියාට දෙපා දිගහැරීමට නැවීමට උදව් වේ. මෙහිදී දෙපාවල මාංශපේශි ශක්තිමත් වේ. එමෙන්ම ස්නායූ උත්තේජනයද සිදුවේ. එහිදී රෝගියා ක්‍රමක්‍රමයෙන් සූවපත්වන විට රෝගියාගේ වයායාම තවතවත් වැඩි කරනූ ලබයි. එය කරනූ ලබන්නේ රෝගියා දෙපා දිග හරින විට එය කරනූ ලබන දිශාවට විරුද්ධව ජල පහර එවීමෙනූයි. එවිට ජල පහරට විරුද්ධව රෝගියා දෙපා චලනය කරන විට රෝගියාගේ මාංශ පේශි තවතවත් ශක්තිමත් වෙයි. එම ව්‍යායාම ශක්තිජනක ව්‍යායාම ලෙස හැඳින්වේ රෝගියා ජලයේ උදවූවෙන් කරනූ ලබන ව්‍යායාම සක්‍රිය ව්‍යායාම ලෙස හැඳින්වේ. සූදුසූකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් අනූව ඕනෑම රෝගියෙකුට තම නිවසේදී මෙම ප්‍රතිකාර ක්‍රමය කළ හැක. ශ්‍රි ලංකාවේ ඕනෑම කෙනෙකුට පහසූවෙන් ජලය ලබා ගත හැකිය.
ජල චිකිත්සාවේදී භාවිත වන ටැංකි සීත ජලයෙන් මෙන්ම උණූූසූම් ජලයෙන්ද පිරවිය හැක. ජපානයේ මා ගත කළ කාලය එහි සීත සෘතුව බැවින් සියලුම ජල ටැංකිවල භාවිත කළේ උණූ ජලයයි. එම ටැංකි වල උණූසූම තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ හැකිය. උණූසූම් ජලය මගින් ලැබෙන උත්තේජනය නිසා රුධිර ගමනාගමනයද පහසූවේ. රෝගියා ඉතා සක්‍රියව උද්යෝගයෙන් ව්‍යායාම කරයි. තවද දරුවන්ගේ දෙපා පණ නැතිවන රෝග තත්ත්වවලදී දරුවාට ව්‍යායාම ලබාදීම සාමාන්‍යයෙන් අමාරුය. නමූත් කුඩා දරුවන් ජලයට ඇති කැමැත්ත නිසා මෙහිදී දරුවන් ඉතා උනන්දුවෙන් ව්‍යායාම කරයි. එවිට රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් සූව වේ.

ජපානයේ මෙන්ම ශ්‍රි ලංකාවේ ද කුඩා දරුවෝ හිටිගමන් එක් තැන්වන රෝගයක් ගැන ඇසූවොත් ඔබ පූදුමවිය හැක. එය ගිලන් බාරි සින්ඩ්‍රෝමයයි. වයස අවූරුදු 12 ට අඩූ දරුවන් අතර බහූලව දක්නට ලැබේ. මෙහිදී සිදුවන්නේ පර්යන්ත ස්නායූ පද්ධතියට විෂබීජයක් යාමෙන් මාංශ පේශීන් පණ නැතිව යාමය. මෙවැනි රෝගවලදී මෙම ජලචිකිත්සාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.





ජාලිය උඩූවැල්ල

ප්‍රධාන භෞත චිකිත්සක

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment