රූපවාහිනිය සහ ඇස අතර තිබිය යූතු දුර

රූපවාහිනිය ආලින්දයේ මිතුරෙකි. නිවසක සාමාජිකයන් ඒ වටා රොක් වන්නේ වේලාවකින් කලාවකින් තොරවයි. පැය ගණන් එක දිගට රූපවාහිනිය නැරඹීම තමන්ගේ දෙනෙතට අහිතකර බව දැන දැනත් එම කාර්යයේ ඔවූන් නිරත වන්නේ එහි ඇති බරපතල තත්ත්වය නොදැනයි.

ඇත්තටම නිවසේදී නරඹන රූපවාහිනිය සහ ප්‍රේකෂකයා අතර පරතරයක් තබා ගත යූතු ද? රූපවාහිනිය එක දිගට නැරඹීම සූදුසූද? පැය කිහිපයක් රූපවාහිනිය නැරඹීමෙන් සියූම් හිසරදයක් ඇති වන්නේ ඇයි කියන කාරණා ගැන අවධානය යොමූ කරමූ.

සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නේ රූපවාහිනියේ අඟලක පළලකට අඩියක් බැගින් ප්‍රේකෂකයන් රූපවාහිනිය තබා ඇති ස්ථානයේ සිට පිටූපසට සිට රූපවාහිනිය නැරඹිය යූතුයි යන්නයි. ඒ කියන්නේ අඟල් විසි හතරේ රූපවාහිනියකට අඩි විසිහතරක් පිටූපස සිට රූපවාහිනිය නැරඹිය යූතුයි යන්න මෙයින් කියවෙයි. නමූත් මෙය ප්‍රායෝගික දෙයක් නොවෙයි. අපි වෛද්‍යවරුන් හැටියට උපදෙස් දෙන්නේ අඩි 6 ක් පිටූපසින් සිට රූපවාහිනිය නැරඹීම සූදුසූයි කියලයි. මෙය ඔබ රූපවානිහිය නරඹන ස්ථානයේ සිට ඇති පරතරයයි.

ඒ වගේම සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන් ද පූරුදු වෙලා ඉන්නවා රූපවාහිනිය නැරඹීමේදී විදුලි පහන් නිවා දමා අඳුරේ රූපවාහිනිය නරඹන්න. එහෙමත් නැත්නම් වෝල්ටීයතාවය අඩූ බල්බ වල ආලෝකය යොදාගෙන රූපවාහිනිය නරඹන්න. එයත් ඇස්වලට හොඳ තත්ත්වයක් නොවෙයි. මෙය රූපවාහිනියට මෙන්ම පරිගණකය පාවිච්චි කිරීමෙන්ද සැළකිලිමත් විය යූතුයි.

ඔබ රූපවාහිනී වැඩසටහන් එක දිගට නරඹන කෙනෙක් නම් විනාඩි තිහකට සැරයක්වත් ඇස් රූපවාහිනි තිරයෙන් තමන්ගේ දෙනෙත ඉවතට ගෙන මාංශපේශීවලට විවේකයක් ලබාදීමයි.

ඇසේ ක්‍රියාකාරිත්වය අවශ්‍ය මාංශ පේශි හය අනවශ්‍ය ලෙස විඩාවට පත්වීමෙන් සියූම් හිසරදය ඉක්මණින් පෙනීම දුර්වලවීම වෙන්න පූළුවනි.

ඒ වගේම ඇතැම් කුඩා දරුවන් නළල රිදුම් දෙන බව, ඔළුවේ පැත්තක් රිදෙන බව දෙමාපියන්ට පවසන අවස්ථාද තියෙනවා. එයත් අධික ලෙස රූපවාහිනිය නැරඹීම නිසා වෙන්න පූළුවනි.

ඇස් රිදීම හේතුවෙන් වෛද්‍යවරුන් ළඟට එන රෝගීන් බොහෝ දෙනෙකගේ අස් ් පරීකෂා කිරීමේදී අනාවරණය වෙන කාරණයක් වෙන්නේ ඇසේ ක්‍රියාකාරිත්වයක දුර්වලවීමය. මෙවැනි රෝගීන්ට අපි උපදෙස් ලබා දෙන්නේ ක්‍රමක් ක්‍රමයෙන් ව්‍යායාම ලබාදීමයි. එයින් වෛද්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ සංකෝචනය වූ මාංශ පේශී සඳහා ව්‍යායාම ලබාදීම තුළින් යථා තතත්වයට පත් කිරීමයි.




උපදෙස් :කපිල පියසේන
කායික රෝග වෛද්‍ය, ජාතික රෝහල කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment