දෙහි දාලා හදන ගොටූකොළ, අච්චාරු වගේ දේවල් ඇලූමිනියම් පිඟන්වල කන්න එපා -වතුර බොන ක්‍රමයට අනූවත් සිරුර හැඩ කරගන්න පූළුවන්

දෙහි දාලා හදන ගොටූකොළ, අච්චාරු වගේ දේවල් ඇලූමිනියම් පිඟන්වල කන්න එපා
වතුර බොන ක්‍රමයට අනූවත් සිරුර හැඩ කරගන්න පූළුවන්

ආහාර ගන්න ඕනෑ.... බොහෝම ප්‍රසන්න නිරවූල් මනසකින් යූතුව. ආහාර ගන්න වෙලාවට හිත ක්‍රෝධයෙන් වෛරයෙන් ඇවිලෙන දේවල් කතා කරන්න ඒපා. ඒවගේම පිළිකුල් සිතෙන අප්පිරියාව දෑනෙන දේවල් ගැන කතා කරන්නත් හිතන්නත් එපා.

කෑම ගණන තැන ඇඟ හමගිය බල්ලෙක් වගේ පිලිකුල් සහගත කැත හිතෙන සතෙක් ඉන්නව නම් ඌ දිහා බල බලා කෑම ගන්නත්

එපා... බල්ලා හපයිද? දන්නෙත් නෑ කියලා හිත බය කරගෙන කෑම ගන්නත් එපා. තමන්ගේ නිවසෙදීම සකස්කර ගත්ත ආහාරයක් ගන්නවා නම් තමයි හොඳ. පදික වේදිකාවල විකුණන්න තියෙන ආවරණ රහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නත් එපා.

ගෙදරදි ආහාර ගන්නව නම් ඇඟට සැහැල්ලු ඇඳුමකින් සැරසිලා ආහාර ගන්න. කාර්යාලයේදී වැඩපලේදී නැත්නම් තවත් තැනකදී නම් ඉතින් සැහැල්ලූ ඇඳුම් අඳින්න බැහැනේද?

බඩගින්නෙ ඉන්න එපා කියලා ආයූර්වේදයේ කියනව වගේම ආයූර්වේදයේ කියනවා. නොගැලපෙන තැන්වල නොගැලපෙන විදිහට ආහාර ගන්නවාට වැඩිය බඩගින්නේ ඉන්න එක හොඳයි කියලා.

තරබාරු සිරුරක් කෙටිටූකර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කෑම ගන්න පෙර වතුර ටිකක් බොන්න කියලා ආයූර්වේදයේ කියනවා. සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරක් තියාගන්න ඕන නම් වතුර ගොඩක් නෙවි ටික ටික බොන්න. කෙටිටූූ කෙනෙක් මහත්වෙන්න ඕන කියලා හිතනවා නම් කෑමකාල ඉවරවෙලා වතුර බොන්න. එහෙම වතුර බිව්වම සියළුම පෝෂණ, කොටස් ශරීරයට උරාගැනීමේ ශක්තිය ඇතිවෙනවා.

කෑම ගන්න පාවිච්චි කරන භාජනත් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඇඹූල් මිශ්‍ර ආහාර ඇලූමිනියම් පිඟන්වල කන්න එපා. දෙහිදාලා හදන ගොටූකොළ, අච්චාරු වගේ දේවලූත් ඇලූමිනියම් පිඟන්වලින් කන්න එපා. මැටියෙන් කළ පිඟන්වලින් නම් ඒ වගේදේ කෑවට කමක් නෑ.





ආයූර්වේද වෛද්‍ය නිල්මිණී ප්‍රේමතිලක
ජයන්තිපූර කුරුණෑගල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment