පෑන් විල්ලක් කට තුළ දමා සිටියදී එය ගිලීමෙන් ස්වාසනාලයේ සිරවී සය හැවිරිදි දෑරියක් මියගිය පූවත ඇසීමට මෙලොව වසන හිතක් පපූවක් ඇති කාහට වූවද ඔරොත්තුදේ යැයි මට හිතන්න බැහැ.
ඒත් ඒ අවාසනාවන්ත සිදුවීම පසූගිය සතියේ අපට අහන්න ලැබූණා. දරුවෙක්ව උදේ පාන්දර නැගිටවලා පාසල් ඇඳුමෙන් සරසලා උදේම පාසල් ඇරලන්නේ මොන තරම් බලාපොරොත්තු කන්දරාවක් දෙමවූපියන්ගේ හිත් තුළ පොදි කරගෙනද?
ඒත් ඒ බලාපොරොත්තු සියල්ල සූනූවිසූනූ කළේ කවූද?
මරණයෙන් පසූව පශ්චාත් මරණ පරීකෂණ පැවැත්විම අපට ඇති කාර්යයක් නොවෙයි. ඒත් අනතුරක් සිදුවූ පසූව ඒ අනතුර ගැන වැඩිදුර විමසා බැලීමෙන් තවත් අනතුරක් සිද්ධවෙන එක වැලැක්වීමේ හැකියාව තියෙනවා. මරණයට ගොදුරු වූණ ළමයා පෑන් විල්ල කටෙි දමාගෙන ඇත්තේ පංති කාමරයේදීය. එය දරුවා නොදැනීම ගිලින්නට ඇති.
දරුවන් විවිධ දේවල් කටෙි දරුවා ගන්නවා වැඩිහිටි අපි කොතෙකුත් දෑක තිබෙනවා. ඒත් ඒවා කටෙි දමන්නට හොඳ නැති බව කියා එහි ආදිනව කියා දෙමින් දඬූූවම් දෙන්නට වැඩිහිටියන්ගෙන් කීයෙන් කීදෙනෙක් ද ඉදිරිපත් වෙන්නේ.
අද පැන්විල්ල ගිලි දරුවෙක් අවසන් ගමන ගියා වගේම හෙට ඒ වර්ගයේ වෙනත් දෙයක් ගිලී දරුවෙකුට හිරි හැරයක් සිදුවිය හැකිබව අප අමතක කළ යූතු නැත. ඒ නිසා දරුවා කටෙි දමන පෑන් විල්ල ගැන පමණක් නොව අනෙක් දේවල් ගැනද සැළකිලිමත් වෙන්න.
පෑන් විල්ලක් කටෙි දමාගෙන හපන ළමූන් අපි කොතෙකුත් දෑක තිබෙනවා. ළමයි මෙවැනි තත්ත්වයකට මූහූණ දෙන්නේ නොයෙකුත් මානසික ආතති තත්ත්වයන් නිසා විය හැකියි. ඒ නිසා දෙමාපියන්, ගුරුවරුන් දරුවන්ගේ ඒ හැසිරීම ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න.
මේ සටහන අවසන් කරන්නට පෙරාතුව එකක් ලිවිය යූතුමයි. ඒමේ වර්ගයේ කොතරම් අනතුරු සිදුවූණත් අපේ සමාජයේ බොහෝ දෙනෙක් පාඩම් ඉගෙන ගන්නේ නැති බව. දිනෙන් දින රෝහලට ඇතුල්වන කාසි , මූදල් ගිල්ල වෙනත් කුඩා උපකරන ගිල්ල රෝගී දරුවන්ගේ සංඛාවෙන් අපට ඔප්පූ වෙනවා.
කොහොම වූණත් කුඩා දරුවන්ට සෙල්ලම් බඩූ මිලදි ගන්නකොට ඒවා කටෙි රුවාගත නොහැකි අංගෝපාංග වලින් යූක්ත වෙනවා නම් හොඳයි.
නොසැලකිල්ල මේ වර්ගයේ හූඟක් අනතුරුවලට ප්‍රධාන හේතුවයි. ඉතිං අපි කුමක් කරමූද?
කොළඹ මහ රෝහලේ පූහූණූ කිරීමේ හෙද නිලධාරිනී
පූෂ්පා රම්‍යානි සොයිසා
0 comments :
Post a Comment