කොරළ කැත නැතිකරගන්න නම්...

මේවා අපිට දක්නට ලැබෙන්නේ වියළි ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන්ගේය. සමස්ථයක් ලෙස ගත්කළ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන කාන්තාවන්ගේද කොරළ දෑකිය හැැකිය.
නමූත් විශේෂයක් වන්නේ වියළි ප්‍රදේශවල ජීවත්වන අයටයි. මොන ප්‍රදේශයක ජීවත්වූවත් කොරළ ඉතාම අශෝබන දෙයකි. මෙය අත්වල පාදවල මූහූනේද දක්නට පූළුවන්.

කොරළ ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස හැදින්විය හැක්කේ අපේ සම වියළීමයි. එවැනි සමක් ඇති අයෙක් දනකට පානය කරන ජලය ප්‍රමාණය සාමාන්‍ය අයෙකුට වඩා වැඩියෙන් පානය කළයූතුයි.

අපේ ආහාරයට අළුත් පළතුරු ගැනීම, වියළි සම ඈත්කර ගැනීමට මගකි. මෙයට අමතරව දියරමය ආහාරවන දියලබූ, සාරණ මෙන්ම සව්කැඳ, බාර්ලි තම්බාගත් වතුර, තැඹිලි, කුරුම්බා ආදිය පානය කිරීමෙන් කොරළ දුරු කරවයි. ඔබ අධික සෙම් ගති අයෙක් නම් ඉහත දැ ආහාරයට ගන්නා විට ඉතා කල්පනාකාරීවිම ඉතා වැදගත් කටයූත්තකි.

පිරිසිදු කරගත් සම මත මොයිස්චරයිසර් ක්‍රීම් ආලේපයක් කරගත යූතු අතර රාත්‍රී කාලයේදී සම මත ක්‍රීම් වර්ග ආලේප නොකළ යූතුය.

කොරළ ගැන කතා කිරීමේදී ඒවා ඇති අයෙක් සබන් පාවිච්චි කිරීම හොඳද නරකද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. සැබවින්ම සබන්වල ඇති තෙල් සහිත ස්වභාවය නිසා ඒවා ගැල්විම කොරළ සමට හානියක් ඇති නොකරයි.

ඇතැම් අය කොරළ සම මත පොල්තෙල් තැවරීමට පූරුදුව සිටිති. ඒත් එය හොඳ දෙයක් නොවන බව අප මතක තබා ගතයූතුයි. පොල්තෙල් තැවරිමෙන් සමෙහි තාවකාලිකව, දිලිසීමක් ඇතිවන අතර සමට හානිදායක තත්ත්වයක් ඇති විමට ඉඩ ඇත.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment