ලස්සන ඇස් හිමිකර ගන්න නම්

නිල්වන් පැහැපත් මෙන්ම දීප්තිමත් නෙත් සඟලකට අප කවූරුත් බෙහෙවින් ප්‍රිය කරනවා. අපි මූහූණ ගැන සැළකිලිමත් වෙනවා වගේම අපේ දෙනෙත් ගැනත් විශේෂයෙන් උනන්දු විය යූතුයි. උදැසන සිට අප රාත්‍රි නින්දට යනතුරුම අපේ දැස් වෙහෙසෙනවා. සමහර විට ඔබ කර්මාන්ත ශාලාවක මහන තරුණියක් නම් එකම දෙය එකම ආකාරයට ඉලක්කය සම්පූර්ණ වනතුරු දෙනෙත් ඉවතට නොගෙනම මහනවා වන්නට පූළුවන්. නැත්නම් පවත්වන විභාග සඳහා පොත පතට ඇලී මහන්සි වී පාඩම් කරන අයෙක් වන්නට පූළුවන්.

පරිගණක යන්ත්‍රය අභියස සිට එය ක්‍රිඩා කරවන්නියක් විය හැකියි. එසේත් නැත්නම් තේ කඩයක කඩයප්පයන් සාදන අයෙක් විය හැකියි. මොනම ආකාරයෙන් බැලුවත් ඔබේ දැස් අධික ලෙස වෙහෙසෙන එක වළක්වන්න බැහැ. ඔබ මොහොතකට හිතුවාද ඔබේ දෙනෙත් ගැන. මූලින් ඉතා දීප්තිමත් තිබූ නෙත් සඟළකට උරුම කියූ ඔබ විඩාබර ගතිය නිසා ඉතාමත් අඳුරු දෙනෙතක් ඔබට හිමි වී ඇති බවට ඔබ ඔබේ කැඩපතට අභියසට ගොස් මොහොතක් දෙනෙත් දෙස බලන්න.

එවිට ඔබට පෙනේවි ඔබේ දෙනෙත් මොන තරම් වෙහෙස වීද විඩාබර ද කියා.

ඒ නිසා ඔබේ දෙනෙත්වලට විවේකය ලබා දෙන්න. සිසිලස ලබාදෙන්න ඔබට නිවසේදීම මේ කටයූතු වියදමක් නැතිනම් කර ගත හැකි බව ඔබ සිතට ගන්න. මූහූණ පරිසිදු කර පිපිඤාඤා පෙති දෙකක් විනාඩි දහයක් පමණ වෙලාවක් දැස් මත තබන්න. සවසට සමන් පිච්ච මල් කිිහිපයක් වතුරට දමා උදැසන එම වතුරවලින් මූහූණ සහ දෙනෙත් සෝදන්න. එවිට දැස් පිරිසිදු වෙනවා මෙන්ම දුවිලිද ඉවත් වෙයි.

සෑම මොහොතකම පිරිසිදු ඇල් ජලයෙන් දෙනෙත් සෝදන්න. වෙහෙසට පත් ඇස් පියාගෙන සිත එක අරමූණකට ගෙන විනාඩි දහයක් පමණ සිටින්න.

ඔබ ඇස් කණ්ණාඩි පාවිච්චි කරනවා නම් වඩාත්ම ඔබේ දෙනෙත් ගැන සැලකිලිමත් වන්න. නිියමිත කාලසීමාව තුළදී වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි මාරු කිරීම කරන්න. නිතරම අව් කණ්ණාඩි ඇස් කණ්ණාඩි පිරිසිදු කරන්න අව් කණ්ණාඩි පාවිච්චිය හිතුමතේට නොකරන්න. වෛද්‍ය උපදෙස් මත එය පැළඳීමෙන් ඇස්වල පෙනීම වගේම බාහිර අලංකාරයත් ආරක්ෂා වේ.




ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
ගේ්‍රස් සී. ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment