හිත පිරිසිදු කරගැනීමෙන් රුව ලස්සන කරගත හැකියි

ගත පිරිසිදු කාන්තාවගේ හිත නිරවූල්ය. ඒ නිසාම ඇයගේ සිතත් පිරිසිදුවීම වලක්වන්නට බැරිය. පසූගිය සතියේ අපේ සැලකිල්ලට ලක්වූණේ කාන්තාවගේ පිරිසිදුකමේ ඇති වැදගත්කම ගැනයි. මේ ගැන අපි මේ සතියේ තවත් කරුණූ කිහිපයක් අවධානය යොමූ කරමූ.


ඇඟපත සේදීමේදී අත් සහ පය පිරිසිදු කරගැනීමද ඉතා වැදගත්ය. අත්වල නිය වැවී ඇත්නම් ඒවා ක්‍රමානූකූලව කපා ගත යූතුයි. එමෙන්ම පාදවලද නිය පිරිසිදුව තිබිය යූතු මෙන්ම ඒවා ලස්සනට කපා ගත යූතුවේ.
අපේ ගැමි කාන්තාවන් ඇඟ ඇතිල්ලීම සඳහා ගලායන ජලයේ ඇති කුඩා ගල් කැබලි භාවිතා කරනවා අප කොතෙකුත් දෑක ඇත. එය හොඳ දෙයක් නොවේ. මේ මගින් සම විනාශවී යනූ ඇත. ඔබ කළ යූත්තේ කුඩා රෙදි කැබැල්ලක් ගෙන සබන් ගා ඒ මගින් කුණූ අතුල්ලා ගැනීමය.

අපේ කාන්තාවෝ උදැසන අවදිවී ගේ දොර වැඩ අවසන් කර කඩිමූඩියේ මූහූණ අත් පා සෝදාගෙන, සූදානම් වී පවූඩර් ටිකක් ගෙන මූහූණේ ගාගෙන රාජකාරි සඳහා පිටවී යතිි. මේ නිසා අත්වල කරුවල පවූඩර් තැවරී ඉතාමත් අශෝබන තත්ත්වයක් උද්ගත විය හැකියි. පවූඩර් ගෑමෙන් පසූ අත් සෝදා ගැනීම කළ යූතුවේ.

අද වැඩට යන කාන්තාවක් නම් ගමන් කරන්නට සිද්ධවෙන්නේ සෙන

ඟ පිරුණූ තදබද වූ වාහන වලය. එවිට දහදිය දෑමීම තෙරපීම බොහෝවිට ඇතිවේ. අපේ රට උෂ්ණාධික රටක් හෙයින් අපගේ සිරුරින් දහදිය ගැලීම ඉතාමත් වැඩිවන අතර එයින් දුඟදක් හමන්නට පූළුවන්.


කාන්තාවන් නිතරම පිරිසිදුකමට මූල්තැන දිය යූතුය. ඒ නිසා උදැසන අවදිව සියලූ වැඩ අහවර කර හොඳින් ඇඟපත සෝදා පිරිසිදු කර ගැනීම කළ යූතුයි. ඒ වගේම පිරිසිදු ඇඳුම් අඳින්නටත් වග බලා ගන්නේ නම් මැනවි. ඒ තුලින් දහදිය දෑමීම පමණක් නොව දුඟද හැමීමද අවම කරගත හැක

පිරිසිදු කම ගැන කතාකිරීමේදී අප විසින් පාවිච්චි කරනූ ලබන තුවා පනා බ්‍රෂ් ඇඳ ඇතිරිලි කොටිටා උර පමණක් නොව ඇඳුම් පැළඳුම් පාවහන්ද පිරිසිදුව තබාගැනිම වැදගත් වේ.

කොටිටා උර සතියකට වරක් සෝදා පිරිසිදු කර තද අවූවේ වියලාගන්න. පනා, බ්‍රෂ්, ආදිය දිනපතා සෝදා පිරිසිදු කර ගන්න.


ඇඳුම් ගැන විශේෂයෙන් සඳහන් කළ යූත්තක් ඇත. ඇඳුම් සෝදා වියලා ගත් පසූව ඉස්ත්‍රික්ක කරන්නේ නම් බැක්ටීරියාවන් විෂබීජ විනාශවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment