දෙවියන්ගේ ලෙඩ සඳහා -අදටත් පිළිපදින ගැමි සිරිත් විරිත්


තවමත් ඇතැම් ලෙඩ රෝග අපි දෙවියන්ගේ ලෙඩ නමින් හඳුන්වමූ. ඒ සඳහා දෙවියන් කෙරෙහි උපන් භක්තියෙන් කටයූතු කරමූ. කවූරුන් කෙසේ කීවත් අදටත් අපි ඒ හා බැඳුණූ සිරිත් විරිත් අනූගමනය නොකරනවා යැයි ඔබටත් කියන්නට බැහැ නේද?


ලොව ජනගහණය හා ජනාවාස ශීඝ්‍රයෙන් පැතිරවීමත් සමගම ප්‍රචලිත වෙන විවිධ රෝගාබාධ වැඩිවීම පූදුම සහගත නම් නොවේ. මෙයින් වසංගත රෝගවල පැතිර යාම ඉතාමත් සූලභය.

ජලයෙන්, වාතයෙන, ස්පර්ශයෙන් හා සතුන්ගෙන් බෝවෙන මේ ලෙඩ රෝග පැරණි ජනයා හැඳින්වූයේ දෙවියන්ගේ ලෙඩ නමිනි. සරම්ප, පැපොල, වසූරිය, කම්බූල්ගාය වැනි ලෙඩ ඒ අතර ප්‍රධාන වේ.

එදා මිනිස්සූ මෙයින් බේරීමට බොහෝ පරෙස්සම් වූහ. ගමේ වෙද මහතා, වැඩිහිටි කෙනෙකුගේ උපදෙස් පිළිපැදීම ඔවූන් අනූගමනය කළ සූවිශේෂී දෙයකි. එසේ නැතිනම් රෝගියා ලෙඩින්ම මියයෑම හෝ සූවපත් වීම යන කරුණූ මත රෝගියා දෙවියන්ට බාර කරන ලදී. මේ රෝගියාගේ පිටත්වීම හෝ මියයෑම බාරවූයේ දෙවියන්ගේ කැමැත්ත මත සිදුවන්නක් බව ඔවූහූ තීරණය කළේ.

දෙවියන්ගේ ලෙඩ සෑදුණූ ආතුරයා අනෙක් අයගෙන් වෙන්කර ඔහූ වෙනූවෙන් ම කෙනෙකු වෙන් වී තිබිණි. ඒ උපස්ථායකයා මෙවැනි රෝගී තත්ත්වයකින් මූලදී පෙලී පසූව හොඳ වූ පූද්ගලයෙකු විය. නිවසේ සන්සූන්කමක් අපහසූවත් නොවන පරිදි හැසිරීම සූවිශේෂී දෙයකි. රෝගියාගේ නම භාවිත නොකරයි. ආතුරයා හෝ අපහසූකාරයා නමින් ආමන්ත්‍රණය කරයි.

කඩූල්ල අසල හෝ ගේ දොරකඩ කොහොඹ අතු එල්ලා තිබීම සූවිශේෂය. ගැමි සිරිත් අනූව පිටස්තර අයෙකු මෙවැනි නිවෙස්වලට නොපැමිණේ. ඉතාම අසාද්‍ය තත්ත්වයේ සිටින රෝගියෙකු සිටින අවස්ථාවල මෙන්ම සාමාන්‍ය රෝගී අවස්ථාවලදීත් දෙවියන් උදසො පඬූරු ගැට ගසා කන්නලව් කිරීම සිදුකෙරේ. තව ද ආහාර ද ඉතා පරෙස්සමෙන් ගනී. තෙල් සහිත, පිළිහූඬූ ආහාර වර්ග පිසීමෙන් හා වැළඳීමෙන් වළකී.

තව ද ගොම මැටි ගෑමෙන් වැළකීමද හිසතෙල් ගෑමෙන් වැළකීමද සිදුවේ. දෙවියන් උදහස් වී දුක් කරදර වැඩිකරතැයි ගැමියෝ විශ්වාස කරයි. ශාන්ත වූ පරිසරයක් වට පිටාව තුළ නිබඳවම සැළසේ.

දෙවියන්ගේ ලෙඩ සෑදුන අයගේ ආරක්ෂාව පිනිස වැතිර සිටින තැන්වලට කොහොඹ කොළ, දෙහි කොළ, නා පැඟිරි කොළ අතුරනූ ලැබේ. එයින් අදහස් කරණූයේ ශරීරයේ මතු වූ කැළැල් ඉක්මනින් සූවවෙන්න යැයි සිතාගෙනය.

මේ සියලු ලෙඩ දුක් නිමා වූ පසූව දෙවියන් සඳහා වූ භාර හාර ඔප්පූ කිරීමට පෙළඹේ. ඉතා ගෞරවාන්ත ලෙස පිරිසිදුව හා පිළිවෙලට මේ සියලු පඬූරු වෙන් කළ බාරහාරයන් මැනැවින් ඉටූකරයි. ගම පූරා පැවැති දුක්කම්කටොලු, රෝග බිය පහවී මේ සෙත් ශාන්ති කර්මයන් නොපිරිහෙලා ඉටූකර ගනී.

පැරණි ගැමි සිරිත් විරිත් අනූව වැළඳෙන රෝග අනූව කෙම් ක්‍රම ද භාවිත වූහ. නූතන සමාජයේ ප්‍රතිශක්තිකරණයට වැඩි දියූණූ වූණත් ඇතැම් ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන බෙහෙත් වර්ග තිබේ. මේ අවස්ථාවලදී කරණූ ලබන කෙම් ක්‍රම සාර්ථකව පවතී.

නවීකරණය වූ ලොවේ සියලු දේ වෙනස් වේ. අලුත් යමක් සොයා යන තාක්ෂණයක ගමන් අරඹනූ නමූත් පැරණි වෙද හෙදකම් කළ පූජනීය රටක ඉපිද ඇති අපිත් වරක් නොව දෙවරක් මේ පැරණි කෙම් ක්‍රම සහ ඖෂධ වර්ග පානය කර ඇති ඔබ මොහොතකටවත් අමතක නොකරමූ. සාරධර්ම හා ගුණ ධර්මයෙන් හෙබි නූතන පරම්පරාවක් බිහිකිරීම සඳහා මනා සෞඛ්‍යය තත්ත්වයෙන් පිරී රටකට හෙට ලැබෙන සූපරීක්ෂාකාරීකම මනා පිටිවහලක් වේවි. පැතිරී යන සූලභ ලෙඩ දුක් නිමා කර ගැනීම සඳහා පිරිසිදුකම අපට බෙහෙවින්ම බලපානූ ඇත. මනා සෞඛ්‍යය තත්ත්වයෙන් හෙට දින ජයගන්න ඔබට නිබඳවම හැකිවේවි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment