කැස්සට, පෙනහළු රෝගවලට ලූණූවිල ඉතාම ගුණයි


ලුණූවිල නම කියූ පමණින් ඔබගේ සිහියට නැගෙන්නේ තිත්ත රසින් යූතු හා දියර ගතියෙන් යූතු ලොකු කුඩා කවූරුත් අකමැති පලාවර්ගයකි. නමූත් මෙහි අඩංගු ඖෂධීය ගුණය පිළිබඳව ඔබ දන්නවා නම් ලුණූවිල ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. වෙළඳ පොලේදීත් කලාතුරකින් දැකිය හැකි මෙය ඉතා දුර්ලභගනයේ පලාවර්ගයකි. මෙහි ඇති ගුණය පිළිබඳව අපි අද ඔබට කියාදීමට සූදානම් වන්නෙමූ.


ඉන්දියාව, ශ්‍රී ලංකාවේ මූහූදු බඩ ප්‍රදේශ දියසීරාව ඇති ප්‍රදේශවල බහූලව වැවෙන පැළෑටියකි. මෙම පැළෑටිය කටූකරෝසන කුලියට උරුමකම් කියන අතර සිහින් කුඩා සිනිඳු පත්‍ර සහිත වැල් ආකාරයෙන් දිස්වේ.

බ්‍රාහ්මීය, බ්‍රාහ්ම සූවඵල, සරස්වතී යන නම්වලින් ද හඳුන්වනූ ලබයි. ඔබ නොදන්නාව විය හැකි ලුණූවිල වල අඩංගු වී තිබෙන සූවිශේෂී ගුණය ගැන, ලුණූවිල ආහාරයට ගැනීමෙන් බූද්ධි වර්ධනයට හිතවත් මෙන්ම ශරීරයේ රුධිර වර්ධනය හා රුධිරය පිරිසිදු කිරීමේ ගුණය මෙහි ඇත.

දඬූ, මූල් හා පැළෑටියේ සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගනී. වැසිකිළි යාම අපහසූ රෝගීන්ට අරළු, ලුණූවිල තම්බා බීමෙන් සූවයක් ලැබේ.

අපස්මාර රෝග, උන්මාද රෝග සඳහා ගුණ වන අතර කැස්ස, පෙනහළු රෝගවලට, ලුණූවිල ඇල්දියෙන් සිහින්ව අඹරා ආලේප කිරීමෙන් ඉතා හොඳයි.

ආයූර්වේදයේ බූද්ධි වර්ධනයට යොදා ගන්නා කල්ක, අරිෂ්ඨ වර්ග සඳහා ලුණූවිල භාවිතා කරයි.

මෙය ව්‍යංජනයක් ලෙසත් සම්බල් ආකාරයෙන් ද සාදා ආහාරයට ගැනීමට පූළුවන්.... ලුණූවිලයන්හී ගුණය පිළිබඳ දන්නා නිසා එදිනෙදා ආහාරවේලට මෙය අනිවාර්යයෙන්ම එක්කර ගන්නවා නොඅනූමානයි.



ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment