රටක සංස්කෘතික අංග සමස්ත සමාජය සිසාරා පවතියි. එකී සමාජයේ පොදු භාෂාව, ඇඳුම් පැළඳුම් රටාව මෙන්ම එම සමාජයේ පූද්ගලයන්ගේ හැසිරීම් රටාව පොදු ජනප්‍රිය සංස්කෘතියට අයත් දේවල්ය. මේවා එදිනෙදා සාම්ප්‍රදායට අයත් හූරුපූරුදුය.
සංගීතය සිනමාව ජනප්‍රිය පොත්පත්, සඟරා මෙම ජනප්‍රිය සංස්කෘතියට අයත් තවත් දේවල්ය. එමෙන්ම මෙම ජනප්‍රිය සංස්කෘතිය පංති පරතරය අනූවද වෙනස්වෙයි. ඉහළ පන්තියේ ජනප්‍රිය සංස්කෘතිය පහළ පන්තියේ ජනප්‍රිය සංස්කෘතියට වඩා වෙනස්ය. එය මිල අධිකය. මහා පරිමාණ නිෂ්පාදනයකි. එහෙත් එය පරිභෝජනය කරන්නේ සූළු පිරිසකි.
ඒ කෙසේ වූවද ජනප්‍රිය සංස්කෘතිය පවතින සමාජයක එකී සංස්කෘතියෙ පරිභෝජනය කරන රටාව හා ආකල්ප ආදිය එකී සමාජයේ සියලූ දෙනා කෙරෙහි බලපෑම් ඇති කරයි. අද වනවිට මේ බලපෑම හේතුකොට ජීවන රටාවන්ද වෙනස් වෙයි.
ජනප්‍රිය සංස්කෘතිය සමාජයේ වෙත ගෙන ඒම සඳහා රූපවාහිනිය ගුවන් විදුලිය ඇතුළු සමස්ත මාධ්‍යම කරනූ ලබන්නේ විශාල මෙහෙවරකි. සාමාන්‍ය පොදු ජනතාව අතරින් ප්‍රේකෂක සංඛ්‍යාවක් තමන් වෙත රඳවා තබා ගැනීමටත් එම මාධ්‍ය දරන උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස මේ ජයප්‍රිය සංස්කෘතියේ උන්මාදය සමාජය වෙත ළඟා වෙයි.
මෙම බොහෝ තත්ත්වයන් දෑනට බටහිර රටවල තත්ත්වයන් වන අතර නවතම අත්දෑකීම් ලෙස ඒවා අපරටට හඳුන්වාදෙන්නේ මාධ්‍යයයි. උදාහරණයකට සූපර්ස්ටාර් වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් හැඳින්විය හැකියි. එමෙන්ම මැතිවරණ සමයට මාධ්‍යය ප්‍රේකෂක හා පාඨකයන් වෙත ගෙන එන දේශපාලන මතවාද ඉදිරිපත් කිරීම ආදිය දෑක්විය හැකිය.
මේ අනූව ඉතාම සූළු පූද්ගල සංඛ්‍යාවක් විසින් රජයට මෙන්ම ජනගහනයටද බලපෑමක් ඇති කරනූ ලබයි.
විශේෂයෙන්ම විද්‍යූත් මාධ්‍ය විවිධ වූ වැඩසටහන් තුළින් තරුණයින් උන්මාදයට පත්කරයි. මෑතකදී ඇතිවූ සූපර් ස්ටාර්ලාගේ හැසිරීම රටාව ඔවූන්ගේ ගමනට විරාමයක් තිබේද යන්න සිතිය යූතුයි. මෙසේ ජනප්‍රිය සංස්කෘතියක් බිහිවීමත් සමඟ ඒ ඔස්සේ තරුණ පිරිස් ගමන් කිරීම තුළින් හැසිරීම් අදහස් හා ආකල්පවලට පදනමක් තිබේද යන්න සැළකිය යූතුවාක් මෙන්ම ඔවූන්ගේ අනාගතය අඳුරු ආගාධයකට වැටීමට පූළුවන.
මෑත කාලින ජනප්‍රිය සංස්කෘතියට එක්වූ සූපර් ස්ටාර් උන්මාදයට අනූව ගාල්ල හා මාතර ප්‍රදේශයේ පාසල්වල සිසූ සිසූවියන්ද සංදර්ශන සංවිධානය කළ අතර ඒවා අවසන් වූයේ ඉතා කණගාටූදායක සිද්ධීන්වලිනි. මහනූවර විදුහලක ශිෂ්‍යාවක් සිය ළැම ගායකයාට පෙන්වා එහි ඔහූගේ අත්සන යොදන්නැයි ඉල්ලා ඇත. මෙවන් උන්මාදිනියන් නිසා සිදුවන්නේ සමස්ථ කාන්තා පරපූරම හෑල්ලූවට ලක්වීමයි. එමෙන්ම සූපර් ස්ටාර්ලා කිරීමේදී සංවිධායකලාත් ලිංගවාදයක්ද සමාජයට තිලිණකර ඇත. ඒ පිරිමි පාර්ශවයෙන් පමණක් අවසන් ප්‍රථිපල දෑක්වීම තුළිනි. මෙහිදී ඔවූන්ට සිය මතය ඉදිරිපත් කර ඇත්තේද කාන්තාවන් වීම තවත් සූවිශේෂි ලකෂණයකි. මේඅනූව බලන විට සමාජ විද්‍යා මානයට ජනමාධ්‍ය පොදු ජනයා වෙත කෙරෙන බලපෑම කොතෙක්ද යන්න මනාව පැහැදිලි වෙයි.
මූද්‍රිත මාධ්‍යට වඩා විද්‍යූත් මාධ්‍යට තරුණ පරපූර වඩාත් නැඹූරුව සිටියි. ඒ නිසාම ඔවූන් විවිධ අනූවර්තන වලට ලක්කිරීමට මේ මාධ්‍ය විවිධ වැඩ සටහන් සම්පාදනය කරයි. එහෙත් මෙමගින් යහපත් දේ සිදුවන බවට කෙනකුට තර්ක කළ හැකියි. එහෙත් අනෙක් අතට සමාජ බලපාන කණ්ඩායම්වල අවශ්‍යතා පමණක් ඉටූකරන බවටද කෙනෙකුට තර්ක කළ හැකියි. ජංගම දුරකථන භාවිතා කරන්නන් මේ රටෙි පොදු ජනමතය නියෝජනය කරන්නේ නැත.
මේ සෙසූ බලවේග ක්‍රියාකරනූ ලබන්නේ පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයක් තුළයි. මේ තුළ ගෝලීයකරණය හරහා බටහිරින් ගලා එන දේවල් සමාජය පිට පැටවීම පිළිබඳව පූදුම විිය යූතු නැත.
තත්ත්වය එසේ වූවද ගෝලීයකරණය තුළින් බටහිර කරණය තුළින් හෝ එන දේවල් එලෙසම නොගෙන අපට ගැළපෙන දේ පමණක් තෝරා බේරා ගෙන එය වැළඳ ගැනීම යහපත් හෙට දවසකට මහෝපකාරී විය යූතු බව තරුණ පරපූර වටහා දිය යූතුයි. සූපර්ස්ටාර් යනූ ජීවිතය නිවන එක මාර්ගයක් නොවන බවද ඔවූන්ට වටහා දිය යූතුයි. ඒ සඳහා ක්‍රියාකළ යූත්තෙද මාධ්‍යයයි.
0 comments :
Post a Comment