රෝග රැසකට අත වනන කෂණික ආහාර

කාර්ය බහූලකම වැඩි හින්දම අපි කෑම වේලට දෙන්නේ අඩූ තැනක්. කෑම කකා ඉන්න වෙලාවක් නෑ කියලා වැඩ ගැනම හිතන එක තමයි බොහෝ දෙනාගේ සිරිත. ඒත් මේ අතරේදි මොනවා හෝ පොඩි දෙයකින් කුස පූරවාගන්නත් අමතක කරන්නේ නැහැ. මේ පොඩි පොඩි කෑම අපි හඳුන්වන්නේ කෂණික කෑම කියායි. ඒ වෙලාවට යන්තම් කුසගින්න පාලනය කරගන්න පූළුවන් වූනත් පස්සේ කාලෙකදී වෙනදේ ගැන අපි හිතන්නේ නෑ.

ඇතැම් රසකාරකවලට ඇබ්බැහිවීමක් සිදුවෙනවා. විශේෂයෙන්ම ඵිට කියන රසායනය. ඇතැම් කෂණික සූප්, කෂණික නූ්ඩ්ල්ස්වල ඇතුළත් සූප් පැකටි එකට මේ රසායනය යොදනවා. අම්මලත් තමන්ගේ දරුවන්ට මේවා අරගෙන හදලා දෙනවා, නමූත් මෙය පිළිකා කාරකයක් බව බොහෝ දෙනා දන්නේ නෑ.

වෙළෙඳ පොළේ ඇති පැකටි කළ කෂණික කෑම වර්ගවලට කුඩා දරුවන් වැඩි කැමැත්තක් දක්වනවා. මේ කෑම වර්ගයටත් මූලින් කිව් රසායනික ඇතුලත්. ඒ වගේම චීන කෑමවලටත් දමනවා. භයානකම දේ කුඩා දරුවන් මේවාට ඇබ්බැහිවීම, දරුවන් පමණක් නොවෙයි වැඩිහිටියන්ට පවා මේ තත්ත්වය ඇති වෙනවා. ටිකක් කෑවම තව තවත් කන්න අවශ්‍යතාව දෑනෙනවා. විශේෂයෙන්ම මෙහිදී දිව

රැවටෙනවා. ලූණූ රසය නිසා තව තවත් කන්නම හිතෙනවා. මෙයින් පසූකාලීනව විවිධ රෝගාබාධ තත්ත්ව ඇතිවෙනවා. නිතරම වතුර තිබහ ඇතිවෙනවා. කෑම අරුචිය ඇති වෙනවා. බඩ, පපූව දෑවිල්ල ඇතිවෙනවා. දීර්ඝ කාලීනව මේ කෑම සහ චීන කෑම ආහාරයට ගැනිම නිසා මේ රෝග තත්ත්ව ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි මෙය පවූල් ප්‍රශ්නයක් බවටත් පත්වෙනවා. වැඩි වශයෙන්ම පිටතින්, කඩවලින් ආහාර ගන්නා ස්වාමිපූරුෂයන් නිවසට ආවත් ගෙදර කෑම රස නෑ කියලා ලොකු ප්‍රශ්න ඇති කරනවා. බිරිඳ දන්නවා ගෙදර කෑම රස නැත්තේ තමන් කෘත්‍රීම රස කාරක දාලා නැති නිසා කියන එක. ඉතින් බිරිඳටත් සිද්ධ වෙනවා කෘත්‍රිම රසකාරක, මැජික් කැට , එකතු කරන්න. එතකොට මෙපමණ කල් නිවසේ ආහාරයට ගත්, ස්වභාවික ආහාරයත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපි ලොකු විනාශයක් උදා කරගන්නවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment