ඇඹූලෙන් ලැබෙන්නේ රස පමණක් නෙමෙයි


ඇඹූල් ගැන කතා කරන කොට දකුණූ පළාතේ විශේෂයෙන් බල මාළු වගේ වර්ගවලට ගොරකා එකතු කරලා ඇඹූල් තියල් හදනවා. ඇඹූල කියන්නේ රසයක් පමණක් නෙමෙයි. කුඹූරට ගෙනියන්නෙත් ඇඹූූල. මෙයින් සිදුවන්නේ ශරීරයේ ඉන්ද්‍රිය ප්‍රබෝධමත් කිරීමයි. ආහාර රුචිය ඇතිවීමත් මෙයින් සිදුවෙනවා. ඇඹූල් තියල්වලට යොදන්නේ ගොරකා පමණයි. මෑතකදී කළ පර්යේෂණයකදී සොයාගත්තා මාළු ඇඹූල් තියල්වල ඇති ගොරකා මගින් බල මාළු වැනි මාළු වර්ගවල නිපදවන හිස්ටමින් කියන රසායනය හීන කරන බව. හිස්ටමින් රසායනය නිසා තමයි මේ මාළු උෂ්ණ බව පැවසෙන්නේ. මේවා ආහාරයට ගත්විට ඇතැම් අයට පළු දෑමීම, කැසීම වැනි අසාද්මිකතා ඇතිවන්නේ හිස්ටමින් නිසයි. ගොරකා දෑමීමෙන් මේ තත්ත්වය ඇතිවන්නේ නැහැ. ඒ අනූව පෙනෙනවා අපේ රටෙි අය මේවා පාවිච්චි කළේ රසය, ගුණය වගේම ඊට එහා ගිය දෙයක් බලාපොරොත්තුවෙන් බව.

ආහාර සකස් කිරීමේදී කුළුබඩූ යෙදීමත් මේ වගේ. මේ සෑම වර්ගයක්ම ශරීරයේ කුමන හෝ අංශයක ක්‍රියාකාරීත්වයට උපකාර වෙනවා. නමූත් අද වෙළෙඳ පොළේ තියෙන කුළුබඩූ වර්ග ගැන නම් අපට සෑහීමකට පත්වෙන්නට බෑ. ඒවායේ කුමන ද්‍රව්‍ය අඩංගු වනවාදෑයි අපි දන්නෙත් නෑ. ඇතැම් වර්ග මගින් ශරීරයේ රෝග තත්ත්වයන් පවා පාලනය කරනවා. පෝෂණයට අමතරව සෞඛ්‍යමය ගුණයකුත් ඇතුළත්. ආහාරයක රස හයක් තිබෙනවා. අප ලබා ගන්නා ආහාරය රසවත් වීමට නම් මේ රසයන් මිශ්‍රව තිබෙන්නට ඕන. පැණි රස, ඇඹූල් රස, ලුණූ රස, තිත්ත රස, කහට රස හා කටූක රස මේ රස හයයි. අද සමාජයේ මිනිසූන් පූරුදු වී සිටින්නේ ලුණූ, ඇඹූල් හා පැණි රස යන තුනට පමණයි. නමූත් මේ රස පමණක් තිබෙන ආහාරය සමබර නැහැ. පෝෂණයෙන් වගේම රසයෙන් ද ආහාරය සමබර වෙන්න ඕන. තිත්ත රසය මගින්ද ආහාරයට විශාල රසක් එකතු වෙනවා. තිත්ත රස ලබා ගන්න තිත්ත අගුණ, කරවිල, කතුරු මූරුංගා, වැනි ආහාර ලබා ගන්න ඕන. ඒවායෙන් තිත්ත රස ලබා දීම වගේම ශරීරයේ සීනි පාලනය කිරීමත් සිදුවෙනවා.

තවත් වැදගත් දෙයක් තමයි අපේ අම්මලා ආච්චිලා බොහෝ ආහාර සමග පොල් කෑමට ගත්තා. විෂ සහිත බව වළක්වා ගන්නටත් පොල් උදව් වෙනවා. දිනපතාම වූවත් නිකම්ම හෝ පොල් ආහාරයට ගැනීම හොඳයි. ආහාරවලට එකතු කර ගැනීමත් වරදක් නෑ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment