ඇසට සිවිකාච පැළඳීම හොඳද?

දවසින් දවස වෙනස්වෙන විලාසිතා ලෝකයත් සමඟ තරුණ පරපූර ගැහැණූ පිරිමි භේදයකින් තොරව විලාසිතා අනූගමනය කිරීමක් දක්නට ලැබෙනවා.

මේ නිසාම තරුණ පරපූර ඇස් කණ්නාඩි වෙනූවට පෙනීම ලබා ගැනිමටත් විලාසිතාවක් ලෙසටත් සිවි කාච පැළඳීමට පටන් අරගෙන.

විලාසිතාවක් ලෙසත්, පෙනීම, ලබාගැනීමටත් "කන්ටැක් ලෙන්සර්") kontak lensler හෙවත් "සිවි කාච" පැළඳීම කොයි තරම් දුරට සූූදුසූද යන්න අද අපි අවධානය යොමූකරමූ.

සිවිකාච පාවිච්චි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පෙනිම වැඩි කර ගැනිමක්. කණ්නාඩි පළඳින්නට අකමැති පූද්ගලයන් සිවිකාච පැළඳීම මගින් පෙනිම ලබා ගන්නවා. සිවිකාච පැළඳීම පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වෙනවා. මෙහිදී පාවිච්චි කරන සිවි කාචයේ වක්‍රතා අරය පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් සිවි කාච වර්ග දෙකක් වෙළඳපොළේ තියෙනවා. දෘඩ සිවිකාච හෙවත් ්‍ය්රා කදබඒජහ ඛැබිැ සහ මෘදු සිවිකාච හෙවත් ීදඓ කදබඒජඑ ඛැබිැ යනූවෙන්. ්‍ය්රා කදබඒජහ ඛැබිැ නිෂ්පාදනය කර ඇත්තේ ඇසට හිතකර වීදුරු වර්ගයකින් ීදඓ කදබඒජඑ ඛැබිැ හදලා තියෙන්නේ ප්ලාස්ටික් විශේෂයකින්.

සාමාන්‍යයෙන් පෙනීම ලබාදෙන්න පාවිච්චි කරන්නේ දෘඩ සිවිකාච. නමූත් මෙය කුනීතය මත රඳවා තබා ගත හැකි කාලය සීමා සහිතයි. වැඩි වූණොත් පැය දෙකක් තුනක් විතරයි. නමූත් මෘදු සිවි කාචයක් පැය දොළහක් වූණත් ඇසේ කුනිතය ඉදිරියේ රදවා තබාගන්න පූළුවනි. මෙය විලාසිතා සඳහා පළඳින සිවිකාච විශේෂයක්.

එම නිසා ඇඳුම් පැහැයට, ඇසේ පැහැයට අවහ්‍ය පරිදි සිවිකාචය ලබාගන්න පූළුවන්.

සාමාන්‍යයෙන් ඇසේ කුනීතයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැපයෙන්නේ අපේ ඇසේ තිබෙන කඳුළු වලින්. දෘඩ සිවි කාචයක් ඇසේ කුනීතය මත රැදවූ විට කුනීතයට අවශ්‍ය ධ2 ප්‍රමාණය නොලැබී යනවා. එම නිසා දෘඩ සිවිකාච ඇස මත පැළඳීම සීමාසහිත කාලයක් වෙන්නේ ඒ නිසාවෙන්. මෘදු සිවිකාච කුනීතය මත රැදවූ විට ධ2 ලබාගැනීම කළ හැකියි. මේ නිසා මෘදු සිවිකාච පැය 12 ක් පමණ, වැඩි කාලයක් වූවත් කුනීතය මත රදවා තබාගන්න පූළුවන්.

සිවි කාචය ඇසේ කුනීතයෙන් ඉවත් කළ විට එය විෂබීජ හාරක ද්‍රාවණය තුල තැන්පත් කළ යූතුයි. ඇතැම් විට සිවි කාචය බහා ඇති විෂබීජහාරක ද්‍රාවණය යම් පූද්ගලයෙකුට අසාත්මික විය හැකියි. තවත් කොටසකට අතුරු ආබාධ ඇතිවිය හැකියි.

යම්ලෙසකින් සිවි කාචය හරහා වැලි කැටයක්, යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇසට ගියවිට ඇස් තුවාලවී ඇස් නරක්වෙන තත්ත්වයට එන්නත් පූළුවන්. එවැනි අවස්ථාවල නරක්වූ ඇස ඉවත් කර ඇස් බද්ධ කිරීමක් පවා සිදුවෙන්න පූළුවන්.

ඔබ කන්ටැක්ටි ලෙන්ස් පාවිච්චි කරනවිට අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්නවා නම් හොඳයි.

සිවිකාච නින්දට යන සෑම අවස්ථාවකම කුනීතයෙන් ඉවත් කරන්න අවශ්‍යයි. අවූරුදු 16 ට අඩූ ඕනෑම දරුවෙකුට සිවිකාච පැළඳීම සූදුසූම නැහැ. සිවි කාචයත් පැළඳි කෙනෙකු එම ඇස අතපත ගෑමෙන් වැලකී සිටිම ඉතාම වැදගත් වෙනවා.





කායික රෝග වෛද්‍ය කපිල පියසේන
ජාතික රෝහල , කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment