පෙම්වතාගේ- පෙම්වතියගේ ස්වභාවය ඇහිපිය ගහන හැටියෙන් කිව හැකියි

මූවින් වචනයක් හෝ කතා නොකොට ඇහින් කතා කළ හැකිවා සේම අදහස් උදහස්ද ප්‍රකාශකළ හැකි බව ඔබ දන්නවාට සැකයක් නැත. ඇහින් කතා කිරීමේදී හා අදහස් උදහස් ප්‍රකාශ කිරීමේදීද නෙතඟ බැල්මටත් ඇහිපිල්ලන් ගහන ආකාරයටත් හිමිවන්නේ කැපීපෙනෙන ස්ථානයකි.

"ස්ත්‍රී ජානක චනද්‍රිකාවේ" සඳහන් ආකාරයට සූදු පැහැති විශාල, සිනිඳු, කළු ඇස් පිහාටූ සහිත ඇස් ශුභදායකය.


ඝණවූත් සිනිඳු වූත් සියූම් වූ කළු වූත් ඇහිපිහාටූ භාග්‍යවන්ත ලකෂණයකි. ඇහිබැම වක්‍රවීමක් සිනිදුවීම හා එකට එක සම්බන්ධ නොවීමත් උතුම්ය. සියූමැලි රෝම සහිතව දුන්නක් පරිද්දෙන් පිහිටි ඇහි බැම සූබදායකය.


එක් එක් පූද්ගලයා එක් එක් ආකාරයට ඇහිපිල්ලන් ගහන වග ඔවූන් දෙස විමසිලිමත්ව බැලූවොත් දෑකබලා ගැනිමට පූළුවනි. තත්පර කිහිපයකට වරක් දෙවතාවක් බැගින් කෙනෙකු ඇහිපිල්ලන් ගසද්දී තවෙකෙකු ඇහිපිල්ලන් ගහන අතරතුරදී ඕනෑවට වඩා වැඩි වේලාවක් දැස් වසා ගෙන සිටිනවා විය හැකියි. සෑහෙන වේලාවක් ගතවූවායින් අනතුරුව වරක් ඇහිපිල්ලන් ගසන අයද සිටින අතර කඩිනමින් එකපිටම කීපවරක් එසේ කරන අයද දක්නට ඇත. මේ අතර ඇහිපිල්ලන් ගැහීමේදී පිටපිටම කීපවරක් ඇහිපිල්ලන් ගැහීම තවත් සමහරුන්ගේ සිරිතය.


තත්පර කීපයකට වරක් දෙවතාව බැගින් ඇහිපිල්ලන් ගැහීම.


මේ ආකාරයට ඇහිපිය ගහන අය කිසියම් කටයූත්තකට අත ගහන්න මත්තෙන් දිගට හරහාට ඒ ගැන හිතා බලන අය විය හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවූන්ගේ කටයූතු අසාර්ථක වන්නටද බැරිකමක් නැත. ඔවූන් එලෙස ඇහිපිය ගසන්නේ හිතෙහි පවත්නා දෙගිඩියාව නිසාය.


ඕනෑවට වඩා වැඩි වේලාවක් දැස් වසා ගෙන සිටින අතරතුර ඇහිපිල්ලන් ගැසිම


මෛත්‍රී බූදු පියාණන් වහන්සේ බවට පත්වන්නට පෙරුම් පිරූ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක මාහිමිපාණන් වහන්සේ මෙන්ම මඩිහේ පඥාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සූපේශල, ශිකෂාකාමී මහා සංඝයා වහන්සේලා ඇහිපිය ගැහූව්වේත් ගහන්නේත් බොහෝ විට මේ ආකාරයෙනි.


ඕනෑම දෙයක් පිළිබඳව දෑඩි ආකල්පයක් දෑක්වීමට හෝ ලෝකයත් ලෞකික ස්වභාවයත් කෙරෙහි ඇලීගැලී සිටීමට හෝ එතරම් කැමැත්තක් නොදක්වන අය බොහෝ විට ඇහිපිය ගහන්නේ මේ ආකාරයෙනි.


සෑහෙන වේලාවක් ගතවූවායින් අනතුරුව වරක් ඇහිපිල්ලන් ගැසීම


කිසියම් දෙයක් පහසූවෙන් තේරුම් ගැනිමේ දකෂතාවයක් මෙන්ම කිසියම් දෙයක් අන්අයට පහසූවෙන් තේරුම් කරදීමේ දකෂතාවයද සහිත අය මේ ආකාරයට ඇහිපිල්ලන් ගැසිය හැකිය.


කිසියම් දෙයක් සම්බන්ධයෙන් මෙවැනි කෙනෙකු ගන්නා නිගමනයක් තීරණයක් ඵලදායී නිගමනයක් තීරණයක් විය හැක්කේ දුරදක්නා නූවණින් යූතුව දුරදිග බලා කටයූතු කරන හෙයිනි.


කඩිනමින් එකපිටම කීපවරක් ඇහිපිල්ලන් ගැසීම


මානසික ආතතියකට පත් පූද්ගලයන් සමහරවිට මෙලෙස ඇහිපිල්ලන් ගහන්න ඉඩ ඇත. හිතේ පැළපදියම්ව පැවති යමකින් නිදහස් වීම නිසා හෝ කියා අවසන් කර දෑමීම නිසා හෝ කෙනෙකු කඩිනමින් එකපිටම කීපවරක් ඇහිපිල්ලන් ගැසිය හැකිය.


පිටපිටම කීපවරක් ඇහිපිල්ලන් ගැහීම


හිසේ රෝගාබාධ වලින් පසූවන අයද වික්ෂිප්ත ව්‍යාකූල පටලැවිලි සහගත මානසික තත්ත්වයකින් පසූවන අයද පිටපිටම කීපවරක් ඇහිපිල්ලන් ගහන්න බැරිකමක් නැත.


තරුණයෙක් නම් තරුණයෙකුගේද තරුණියෙක් නම් තරුණියකගේද නෙතඟ බැල්මට හෝ නූරා බැල්මට හෝ ඉබේටම වාගේ කොටූවිය හැකි නමූත් තීකෂණ බූද්ධියක් තිබෙනවා නම් ඇය හෝ ඔහූ හෝ ආශ්‍රයට ගත යූතු කෙනකුදැයි වටහා ගන්නට එතරම් අමාරු නැත.


නෙතඟ බැල්මට හෝ නූරා බැල්මට හෝ කොටූවී අන්තිමේදී යූග දිවියට පවා එළඹෙන අය ඕනැතරම් සිටින අතර ඔහූට හෝ ඇයට හෝ තමන් රැවටූණූ වග ඔවූන්ගෙන් සමහරුන්ට තේරෙන්නේ පවූල් ජීවිතයේ අත්දෑකිම් ලබන විටය. තීරණයකට එළඹිය යූතුව තිබූණූ කාලය ඒ වනවිට ඉක්ම ගොසිනි. කනස්සලූතාවයකින් කාලය ගෙවන්න සිදුවීම එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඉබේමය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment