චීනය රූපලාවන්‍ය සත්කාරයට පෙර වයස ගැනත් හිතනවා


අනාදිමත් කාලයක සිට චීන කාන්තාවෝ තමන්ගේ රූපය ගැන දක්වන්නේ සූවිශේෂ සැලකිල්ලකිි. පෙරදිග කාන්තාවන්ගේ චීන ලිය තමන්ගේ රුව රැක ගැනීමට අනූගමනය කළ ක්‍රියා පිළිවෙත ඉත විශිෂ්ට ගනයේ ඒවා වන්නේ කිසිම විටෙක ඒවා සමට හානිදායක නොවූණූ කිසියම් ආයූර්වේදිය පදනමක් මත බිහිවූ ඒවා නිසා යයි මගේ විශ්වාසයයි. පසූගිය සතියේ අපේ අවධනායට යොමූ වූණේ චීන රූපලාවන්‍ය විශේෂඥවරියන් මෙහෙය වන රූපලාවන්‍යගාරයකට ගොඩවැදුණූ විට මූහූණ දෙන්නට සිදුවෙන අත්දෑකීම්වලින් ටිකකි.

ස්වභාවික ශාඛ සාර. එළවළු පලතුරුවල ගුණ එලෙසින්ම රූපය රැක ගැනීමට උපයෝගි කරගන්නා හැටි අපි එතෙනදී අවධානයට යොමූ කළෙමූ.

සාමාන්‍යයෙන් එවැනි රූපලාවන්‍ය ආයතනයකට ගොඩවැදුණූ විට ලැබෙන පාන අතර කරවල සාරය හඳුන්වා දිය හැක. සැබවින්ම එය අපේ සිංහල ආයූර්වේදයේද නොයෙකුත් රෝග පීඩාවන්ට වගේම රුව රැක ගැනීම භාවිතයට ගන්නා බව නොරහසකි.

චීන රූපලාවන්‍ය ආයතනයකට ගොඩවැදුණූ ගමන් රූපයේ මතුපිටට සත්කාර කරන්නට උත්සාහ කරනවා වෙනූවට කෙළින්ම ශරීර අභ්‍යන්තරයට ආහාර ලබාදීමෙන් ද කරන බව දෑන් ඔබ දනී.

ඉන්පසූව කාන්තාවට සත්කාර කරන්නට ප්‍රථම තවත් කාර්යකට මූහූණ දෙන්නට සිදුවෙයි. ඒ වයස අනූවත් සමේ ස්වභාවය අනූවත් කාන්තාව වර්ගීකරණය කර ගැනීමයි.

ඉන්පසූව එතැන් පටන් රූපලාවන්‍ය සත්කාර පිළිබඳව තීරණය කරය.

සාමාන්‍යයෙන් අපේ රටෙි සිදුවන්නේ සේවදායකයා රූපලාවන්‍යගාරයට පැමිණ අසවල් දේ තමන්ට කර ගැනීම අවශ්‍ය යි කියා සිටීමය. නමූත් චීනයේ සිදුවන්නේ එහි අනෙක් පැත්තය. ඒ කියන්නේ සේවාදයකයාගේ රූපය අලංකාරයට අවශ්‍ය දේ තීරණය කරන්නේ රූපලාවන්‍ය ශි්ල්පියාය.


එය නිවැරදි ක්‍රමය බව අමූතුවෙන් කිව යූතු නැහැ නේද? රූපලාවන්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා අතින් සේවදායකයාට අවශ්‍ය දේ තෝරා ගැනීම තරම් තවත් සාර්ථක ක්‍රමයක් ලොවෙහි ඇද්ද?

චීන කාන්තවන් අන්‍යයන් ගැන දක්වන්නේ සූවිහාල විශ්වාසයකි. ඒ විශ්වාසය තමන් පැමිණ ඇති රූපලාවන්‍ය ශිල්පියා කෙරෙහිද ඔවූහූ දක්වති. රූපලාවන්‍ය ශිල්පිනිය තමන් උපරිම ලස්සන කරන බව ඔවූහූ දනිති.

වයස අනූව තමන්ගේ සේවදායකයා වර්ග කරන්නේ. ඔවූන් භාවිත කරන ආලේපන ගැන සලකා විය හැකිය.

වයස අනූව ඒවායේ මාත්‍රා ප්‍රමාණයද අඩූවැඩි විය හැකිය.

චීන රූපලාවන්‍ය ශිල්නියන්ගෙන් අපට උගෙන ගත හැකි ප්‍රධාන පාඩම නම් මතුපිට නමට කරන සත්කාර වලට පමණක් සීමා නොවී බඩ ගැනත් හිතා ආහාර ගැනීමය. අනෙක් එක වයස අනූව සමේ ස්වභාවය තේරුම් අරගෙන කරන සත්කාරය. ලබන සතියේ තවත් චීන රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ ක්‍රියාකාරකම් ගැන අවධානය යොමූ කරමූ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment