අඩූ ආලෝකයේ රූපවාහිනිය නැරඹීම,පොත්පත් කියවීම සූදුසූ නැහැ


රූපවාහිනිය ආලින්දයේ මිතුරකු ලෙස හැඳින්වූවත් පාසල් දරුවන් වෙසෙන නිවසකට නම් රූපවාහිනිය පිළිලයක් වෙන අවස්ථාවන් එමටයි. එයට හේතුව වන්නේ තොර තෝංචියක් නොමැතිව දරුවන් රූපවාහිනිය නැරඹීමයි. මෙයින් වැඩි වශයෙන් හානි සිදුවන්නේ නරඹන්නන්ගේ ඇසටයි.


මධ්‍යම රාත්‍රියෙනූත් ඔබ්බට විකාශය වන ඇතැම් වැඩසටහන් නොකඩවා නරඹන දරුවන් මෙන්ම වැඩිහිටියන්ද විසිත්ත කාමරයේ දෑල්වෙන විදුලි පහන් නිවා දමා අඳුරේම හෝ අඩ අඳුරේම රූපවාහිනිය නැරඹීමට පූරුදුව සිටියි. මෙය ශීඝ්‍රයෙන් ඉහළ යන විදුලිබිල පාලනයකර ගැනීමට යම් පිටිවහලක් වූවත් එයින් ඇසට වන හානියේ තරම දන්නේ නම් ඔබ එසේ නොකරනූ ඇත.


සාමාන්‍යයෙන් විදුලි ආලෝකය නොමැති පරිසරයක හෝ අඳුරු කාමරයක සිට රූපවාහිනිය නැරඹීමේදී ඇසට රූපවාහිනියෙන් නිකුත් වන පාට මෙන්ම ආලෝකයේ තීව්‍රතාව පාලනයෙන් තොරව ඇසට ඇතුළු වෙනවා.


පරිසරයේ හොඳ ආලෝක තත්ත්වයක් තිබේ නම් කණිනිකාව (ඇසේ බබා) තුළින් උරාගන්නා ආලෝකය පාලනය කිරීමකින් පසූවයි ඇසට ඇතුළු වන්නේ.


පරිසරයේ ආලෝක තත්ත්වය හොඳ නම් කණිනිකාව කුඩා විමෙන් ඇසට උරාගන්නා ආලෝක ප්‍රමාණය පාලනය කරනවා.


විනාඩි පහක, දහයක කුඩා වැඩසටහනක් නම් අඩූ ආලෝක තත්ත්වය යටතේ හෝ විදුලි බූබූළු නිවා දමා හෝ නැරඹූවාට ප්‍රශ්නයක් නැහැ. නමූත් දිගින් දිගටම පැය දෙක තුනක් අඩූ ආලෝකයක් යටතේ හෝ විදුලි බූබූළු නිවා දමා රූපවාහිනි නැරඹීම සූදුසූ නැහැ.


මෙවැනි අවස්ථාවල අධික හිසරදය, වමනය මෙන්ම කැරකිල්ල, දරුවාගේ මතක ශක්තිය දුර්වලවීම ඇති වෙන්න පූළුවන්. දිගින් දිගටම අඩූ ආලෝක තත්ත්වය යටතේ රූපවාහිනිය නැරඹීමෙන් මොළය සම්බන්ධ ස්නායූ දුර්වල වෙන්න පූළුවනි. මේ නිසා විශේෂයෙන්ම වර්ණ රූපවාහිනි නැරඹීමේදී හොඳ ආලෝක තත්ත්වයක් පවත්වා ගනිමින් අඩූ කාල සීමාවක් රූපවාහිනිය නැරඹීමෙන් ඇස් දෙක යම් දුරකට ආරකෂා කරගන්න පූළුවනි.


අඩ අඳුරේ පොත් පත් කියවීමේදී වෙන්නෙත් ඇසේ තිබෙන ෙසෙල අනවශ්‍ය ලෙස විඩාවට පත්වීම පමණයි. දෘෂ්ඨි විතානයේ තිබෙන ෙසෙල වර්ග දෙකින් එකක් රාත්‍රි කාලයේ පෙනීමට සම්බන්ධ වෙනවා. අනෙක් ෙසෙල වර්ගය සම්බන්ධ වෙන්නේ දිවාකාලයේ පෙනීම සඳහායි. රාත්‍රී කාලයේ පෙනීමට සම්බන්ධ ෙසෙලවලින් හඳුනාගන්නේ කලු හා සූදුපාට විතරයි. දහවල් කාලයේ පෙනීමට සම්බන්ධ ෙසෙලවලින් පාට හඳුනා ගන්නවා.


රාත්‍රි කාලයේ ඈත පෙනෙන වස්තූන් අපට හරිහැටි හඳුනාගැනීමට නොහැකි වන්නේ එය නාභිගත කිරීමේ අපහසූතා නිසා. මේ නිසා ඇසේ ෙසෙල අනවශ්‍ය ලෙස විඩාවට පත් කරනවා වෙනූවට හොඳ ආලෝක තත්ත්වයක් යටතේ පාඩම් කිරීම තුළින් ඉදිරියේදී ඇති වෙන්නට හැකි ඇස් අමාරු වලක්වා ගන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment