ෂැම්පූවලින් කරන්නේ හිස පිරිසිදු කරන එක විතරයි

අපි මේ සතියේ අවධානය යොමූ කරන්නේ කන්ඩිෂනර් භාවිතා කරන හැටියි. මූලින්ම ෂැම්පූ සහ කන්ඩිෂනර් අතර ඇති වෙනස කුමක්ද කියා අපි මූලින්ම සොයා බලමූ.

ෂැම්පූ භාවිතයෙන් හිසට කරන්නට පූළුවන් එකම දෙය වන්නේ පිරිසිදු කිරීම පමණයි.

හිසකෙස් වර්ධනයට පැවැත්මට පිරිසිදු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ නිසා ඉදහිට හෝ කන්ඩිෂනර් සත්කාරයක් කර ගැනීම අවශ්‍යයි. කන්ඩිෂනර් වලින් කොණ්ඩය ගැටගැසීම ගැලවීම වලක්වනවා පමණක් නොවේ එහි දීප්තියද ආරකෂා කෙරෙයි. අනිත් අතට කන්ඩිෂනර් භාවිතයෙන් හිසකෙස් පීරන්ටත් විලාසිතා දමන්නටත් පහසූවෙයි.

සාමාන්‍යයෙන් තමන්ගේ කොණ්ඩය ටින්ටි කරන්නට රීබොන්ඩ් කරන්නට හෝ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට බව අදහස් කරන කෙනෙක් නම් කන්ඩිෂනර් කිරීම ගැන සිතිය යූතුයි. ඒ තුලින් ඒවාට පහසූ වගේම හිසකෙස් වල කල්පැවැත්ම ආරකෂාව සහතික වෙයි.

අපේ කාන්තාවන් තමන්ගේ හිස ගැන අවධානය යොමූ කිරීමේදී බොහෝවිට අපට දෑකගන්නට ලැබෙන්නේ ෂැම්පූ කරන්නට උත්සූක වන අයයි. නමූත් ෂැම්පූ කිරීමෙන් නොනැවතී තමන්ගේ කොණ්ඩයට කන්ඩිෂනර් සත්කාරයෙන් ලබාගැනීම අත්‍යාවශ්‍යය වන මගේ විශ්වාසයයි.

වෙළඳපොලේ ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ග බොහොමයක් ඇත. ඒවායෙන් හොඳ ෂැම්පූ වර්ගයක් මිලදී ගැනීමද අපහසූ කටයූත්තක් නොවේ. හිසට කන්ඩිෂනර් භාවිතා කිරීමට පෙරාතුව ෂැම්පූවලින් ඒවා පිරිසිදු කළ යූතුයි. නැතිනම් එකවරම කන්ඩිෂනර් පාවිච්චි කිරීම සූදුසූ නොවේ.

සාමාන්‍යයෙන් කජන්ඩිෂනර් එකක් භාවිතා කිරීමට උත්සූක නොවන කාන්තාවක් ෂැම්පූ මිලදී ගන්නා විට කන්ඩිෂනර් මිශ්‍ර ෂැම්පූ එකක්වත් මිලදීගෙන භාවිතා කරන්නේ නම් හොඳයි.

ලස්සන කෙස් කළඹක් නැත්නම් කාන්තාවගේ රුව ඉස්මතුවෙන එක වැලැක්වෙන බව රහසක් නොවේ. මේ බව අපි තේරුම් අරගෙන කටයූතු කළ යූතුයි. හිසකෙස් ගැන උනන්දුවක් දක්වන කාන්තාවන්ට ප්‍රයෝජනවත් වන කන්ඩිෂනර් සත්කාරයක් කරගන්න හැටි ලබන නවලියෙන් අපි සාකච්ඡා කරාමූ.




ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
තිරාණි පීරිස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment