ඉර බැසයන විට, අප වටා තවමත් තිබෙන තහංචි

ඉර බැසගෙන යන විට ගෙයි කුණූ එළියට දමන්න හොඳ නැතිද?


අයියෝ දෑම්මා නේද? ඉර බැසගෙන යන වෙලාවේ කුණූ ටික එළියට. මොන මූසල කමක්ද? කළේ යැයි අපේ නිවෙස්වල වැඩිහිටියන් නිතර පවසනවා ඔබ අසා ඇති. ගැමියන් අතර වඩා විශ්වාස කළ දෙයකි. ඉර බැසයන (ගොම්මන් වෙලාවේ) කුණූ, ඉඳුල් වතුර එළිියට නොදෑමීම මේ පිළිබඳ යම් සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව අපි විමසා බලමූ.

අපේ සමාජය එක ලෙස පවතින්නේ නැත. අද තිබෙන්නේ නවීන සමාජයකි. පැරණි සමාජයට වඩා වෙනස්කම් රැසක් වර්තමාන සමාජය තුළින් දෑකිය හැක. එදා සමාජය තිබූණේ තමන්ගේ රටෙි තිබූණූ අත්දෑකීම් සමූදායක් ගොඩ නගා ගත් සංස්කෘතියකි. නමූත් වත්මන් සමාජය ගෝලීයකරණයට හසූ වූ සංස්කෘතියකට හිමිකම් කියයි.

පැරණි සමාජයේ ජීවත් වූ මිනිසාට වෙන් වෙන් වශයෙන් ඉඩ කඩම් තිබූනේ නැත. වැටකින් කඩූල්ලකින් තම සීමාව සකස් කර ගෙන එකට ජීවත් විය. ඒ නිසා ඉර බැස ගෙන යන වෙලාවලදී අපේ පැරණි ගැහැණිය මිදුලට කුණූූ නොදමන්නේ ඇයගේ අතින් නොදෑනූවත්කමින් හෝ ඉවත ලන අපද්‍රව්‍ය වල වීදුරු කටූ කැබැල්ලක්, අරුණයක්, කම්බි කටූ කැබැල්ලක් එම අපද්‍රව්‍ය ගොඩට එකතු වී තිබූණූ විට රාත්‍රියේදී ගමන් ගන්නා කාගේ හෝ පයට පෑගි අනතුරක් වේයැයි බිය නිසා වේ. නැතිනම් එම අපද්‍රව්‍ය සියල්ල වළක් කපා එය තුළට දමා පිළිස්සීම සිදු කරය.

නමූත් අද පවතින වත්මන් සමාජය එසේ නොවේ. ඔවූන්ගේ නිවස පිරිසිදු කර ගැනීමට අන් අයගේ ඉඩම්වලට හෝ කුණූ ටික දමා යයි. මෙයින් ඔවූන්ට මෙන්ම සමාජයටද හිරිහැරයකි.

අපේ පැරණි මූතුන් මිත්තන් සාරධර්මවලින් පිරිපූන් මෙන්ම ආගම දහමට ලැදිව කටයතු කරයි. ඔවූන් රාත්‍රි කාලයේදී දෙවියන් වැදීම වැනි වත් පිළිවෙත් විශ්වාස කරයි. ඒ නිසා රාත්‍රි කාලයේ ඉඳුල් වතුර ටිකක්වත් විසිකිරීමට බිය වූයේ භූත ආත්ම වල සිටින අයට නිගරුවක් වේ යැයි සිතා ගෙනය. තවද නිවස අවට පේ්‍රතයන්, රාත්‍රියේදී ආහාර සොයා වතුවල ගමන් ගන්නා නිසා එම වතු අරක්ගනී යන බියද ඔවූන් තුළ විය.

තවද ඉර බැස යන වෙලාවේදි ගෘහණිය අපද්‍රව්‍ය ඉවත් කිරීමට බිය වී ඇතතේ රාතී්‍රයේදී බල්ලන්, පූසන් වැනි සතුන්ගෙන් තම මිදුල අපිරිසිදු වන නිසාත් කුණූ ගොඩ ගසා තැබීමෙන් කුඩා සතුන්වන පත්තෑයන් කුඩා සර්ප පැටව් ඒ තුළට ඇතුළු වීමෙන් කාට හෝ හානියක් වේ යැයි සිතාය.

පැරන්නන් ගෙයි කුණූ එළියට නොදෑමීමත් ඉර අවරට ගිය පසූ මිදුල ඇමදීමත් අකැමැති වී තිබෙන්නේ දහවල් කාලයේ පොළව මතුපිටට පැමිණෙන කුඩා කෘමින් පණූවන් වැනි සතුන් රාත්‍රියේදී නැවතත් පොළව තුළට යාම සිදු කරන බැවිනි. එයින් එම සතුන්ට හානියක් වේ යැයි සිතා මිදුල අතුගෑම ද ප්‍රතික්ෂේප කර ඇත. නමූත් ඔබට පහසූ වෙලාවක නිවස හා එහි අවට පිරිසිදු කර අන් අයට කරදරයක් නොවන ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම.

ඔබගේ වගකීමකි. එයින් ඔබටත් ඔබේ සිය පවූලටත් රටටත් නිරෝගි කම ලබාදීමට පූළුවන. බූද්ධ දේශණාවේ නිරෝගිකම උතුම්ම ලාභය යැයි සඳහන්ව ඇත.



ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යවේදි ගත්කතුවර
විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment