ඔබටත් තිබෙන්නේ ඉක්මණින්ම කැඩෙන නියපොතුද?



ඔබේ ශරීරයේ අවලකෂණ අංගයක් තිබෙන බව දුටූවහොත් ඔබ කුමක් කරයිද? එය ඔබේ ශරීරයේ රුවට බාධාවක් වන නිසාත්, ඔබට අවලකෂණ පෙනූමක් ගෙන දෙන නිසාත්, එය අන් අයගේ විවේචනයට හා උපහාසයට ලක්වන නිසාත් එම තත්ත්වය වහා සූවපත් කර ගැනීමට හෝ ඊට පිළියම් යෙදීමට ඔබ උත්සූක වනවා නොඅනූමානයි.


එසේනම්, රුවැති සිරුරක් ගැන කතා කරන විට, ඔබ සම ආරක්ෂාකර ගැනීමට පියවර ගන්නා සේම ඔබේ දෑත් ඇඟිලිවල, ඇඟලිකරුවල, නියපොතු, දෙපාවල විලුඹ, තොල් යනාදී අංගයන්ගේද ආරක්ෂාව, පවිත්‍රතාව හා පෝෂණය ගැන සැළකිලිමත්වීම අත්‍යවශ්‍යයි.


ඔබේ ශරීරයේ වැඩිපූරම අන් අයට ප්‍රදර්ශනය වන එක් අංගයක් තමයි අතේ ඇඟිලි, නියපොතු වර්ග කිහිපයක් තිබෙනවා. දිගටි, වටකුරු, වශයෙන් හැඩගත් නියපොතු පිහිටා තිබූණත්, ඒවා නිසි පෝෂණ තත්ත්වයෙන් නොතිබෙන විට නොයෙක් ආකාරයේ දුර්වලතාවලට නියපොතු භාජනය වනවා. එනම්, ඔබ දැක ඇති ඇතැම් අයගේ නියපොතු සූදුමැළි පාටට, බිත්තර කටූවේ පාටට කඩදාසි පාටට දුර්වර්ණයෙන් පිහිටා තිබෙනවා. ඇතැම් අයගේ නියපොතුවල සූදු පැහැති පැල්ලමක් තිබෙනවා. ඒ අය, හඳුන්වා දෙනවා, "නියමල පිපිලා" කියා. ඒ වගේමයි තවත් නියපොතු වර්ගයක් තිබෙනවා යම්කිසි දෙයක යාන්තම් හෝ වැඳුණූ සැණින් කැඩී පිපිරී ගෙවී යන නියපොතු වර්ග. නිරෝගීමත් නියපොතු මේ ආකාරයේ දුර්වලතාවලට ගොදුරු වන්නේ නැහැ. නිරෝගිමත් නිය, රෝස පැහැයෙන් යූක්ත විය යූතුයි. "නියමල" කියන සූදු ලප නොතිබිය යූතුයි. යමක වැදුණූ සැණින් කැඩී, බිඳී, ගෙවී නොයා යූතුයි.


නියපොතු මෙවැනි තත්ත්වයකට භාජනය වන්නේ අපේ ශරීරයේ තිබෙන කොලජන් තත්ත්වයේ වෙනසක් ඇතිවූ විටයි. එනම් කොලජන් ප්‍රමාණය අඩූවූ විට එහි ඝනත්වය අඩූවූ විට තමයි නියපොතුවල මෙවැනි තත්ත්වයන් උද්ගත වන්නේ.


නියපොතුවල ඇතිවන මේ දුර්වලතා මඟහරවා ගැනීමට නිතර ජෙලටින් අඩංගු ආහාර අපේ ආහාර වේලට එක්කර ගත යූතුයි. ජෙලටින්වල ස්ථීර වශයෙන් ම මිනරල්ස් 18 ක් අඩංගු වෙනවා. මෙය නියත වශයෙන්ම ලබාගන්න පූළුවන් ආහාරයක් තමයි "මූහූදු පාසි". සීඃවීටි, මොස් ජෙලි කියන නම්වලින් හඳුන්වනූ ලබන මේවා වෙළෙඳපොළෙන් මිලදී ගන්න පූළුවනි. ඇතැම්විට පොලිතින් ආකාරයෙන් ලැබනෙ ජෙලි විශේෂ තිබෙනවා. ඒ වගේම "සැවැන්දරා මූල්" ආකාරයෙන් අපට ලැබෙනවා. සීඃවීටි කියන මූහූදු පාසි වර්ගය. පොලිතින් ආකාරයෙන් තිබෙන මූහූදු පාසිය, හොඳින් සෝදලා සීනි එක්කර, වතුර එක්කර තම්බා ආහාරයට ගන්න පූළුවනි. නමූත් සීඃවීටි කියන පාසි වර්ගය, තම්බල වතුර පෙරා ආහාරයට ගත යූතුයි. මූහූදු පාසී සියල්ලම පිළියෙල කරන්න පෙර ඉතාම හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යයයි. මන්ද මූහූදු පාසි මූහූදේ අයඩීන්කරයේ වැවෙන ශාක විශේෂයක් නිසා සියූම් දුඟඳක්, ලුණූ මිශ්‍ර දුඟඳක් තිබෙන නිසයි.


මොස් ජෙලි පාවිච්චි කිරීමේදී ඔබ අමතක නොකළ යූතු කරුණක් තිබෙනවා. මොස් ජෙලි ශීතල අධික ආහාරයක්. එමනිසා ඔබට සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් ගතිය තිබෙනවිට මොස් ජෙලි පාවිච්චිය නූසූදුසූයි. මේ මූහූදු පාසිවලින් සමන්විත ජෙලි වර්ගවලට අමතරව, සමට අවශ්‍ය කරන සේ ජෙලටින් ප්‍රමාණය ලබාගත හැකි තවත් එක් ප්‍රනීත ආහාර වර්ගයක් තමයි යෝගටි. මේ දෙවර්ගය තුළින්ම මතු සඳහන් කළ සමේ ඇතිවෙන දුර්වලතා මඟහරවා ගන්නට පූළුවනි.





බොරැල්ල ජයවර්ධන ජාත්‍යන්තර වෛද්‍ය මධ්‍යස්ථානයේ
මහාචාර්ය එන්. එච්. ජයසිරි ජයවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment