ස්වභාවිකවම කාන්තා ආකර්ශනය ඇති කරන හාස්කම

තාරුණ්‍යයේ පිරිපූන් බව වරක් බැලූවිට නැවත වරක් හැරී බැලීමට තරම් සිතෙන රූප සෝභාව සහ මේ සියලූ දේ කාන්තාවට ලබාදෙන්නේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයකින්ද?
කාන්තාවන්ට ආශිර්වාදයක් සේ සැළකෙන ඊස්ට්‍රජන් නම් වූ ස්ත්‍රී හෝර්මෝනය වටා ගෙතුන සූබවාදී ආරංචි බොහොමයකි. කාන්තා අනන්‍යතාවය පමණක් නොව කාන්තාවන්ගේ ආකර්ශනයද මෙම හෝර්මෝනය සමග බැඳී තිබෙනවා කිව්වොත් එහි ඇති වැරැද්දක් නැත.

ලිංග වශයෙන් ස්ත්‍රී - පූරුෂ අතර පැහැදිලි බෙදීමක් තිබූණත් ආකර්ශණය සඳහා බලපෑමක් ඇතිවීමට හෝර්මෝනවලින් සිදුවෙන බලපෑම ඉහළයි. කාන්තාවන් අතර ආකර්ශනයේ විවිධතා ප්‍රදර්ශනය වෙන්නේ මේ නිසයි.
කාන්තාවන්ගේ ආකර්ශනය සඳහා ශරීරගත ඊස්ට්‍රජන් හෝර්මෝන මටිටම සෘජූ ලෙසම බලපෑමක් ඇතිකරන බව ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා. මේ පිළිබඳව පර්යේෂණය සිදුකළේ මිරාමි ලෝස්මින් ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසිනූයි. මෙම අධ්‍යනයට අවූරුදු 18 සිට 25 අතර කාන්තාවන් 59 දෙනෙක් තෝරා ගෙන සති හයක කාලයක් මූළුල්ලේ ඔවූන් ඡායාරූප සඳහා සම්බන්ධ කර ගත්තා. මෙම ඡායාරූප ගන්නා අතරතුර එදිනට ඔවූන් ඔසප් චක්‍රයේ සිටින දිනය ගැනද විශේෂ අවධානයක් යොමූ කළා. එදිනම මූත්‍රා සාම්පලද ලබාගත් අතර අධ්‍යනය අවසාන වෙන තුරු උපත් පාලන පෙති භාවිත කිරීම සහ රූපලාවන්‍ය භාවිත කිරීමටද අවසර ලැබූණේ නැහැ.


මූත්‍රා සාම්පල ආශ්‍රිතව හෝර්මෝන මටිටම ගනනය කිරීමෙන් අනතුරු පර්යේෂකයන් විසින් ලබාගත් නිගමනය වූනේ ඔසප් චක්‍රය මැද භාගයේදී සිදුවෙන ඩිම්බ මෝචනයට ඊස්ට්‍රජන් හෝර්මෝනය මගින් සෘජූ බලපෑමක් සිදුකරන බවයි.

දරුඵල ලබාදීමට අමතරව අස්ථි වර්ධනය සමේ ස්වභාවය සහ පටක අලුත්වැඩියාවට කොටින්ම කිවහොත් කාන්තාවන්ගේ ආකර්ශනය සඳහා ඊස්ට්‍රජන් සෘජූ බලපෑමක් ඇති ක රන බව "මිරාමි" අවධාරනයෙන්ම සඳහන් කරනවා.

ගැහැනූ දරුවෙකු වැඩිහිටි වියට එළැඹෙන විට ඊස්ට්‍රජන් හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය වැඩි වශයෙන් සිදුවෙනවා. දැරියන් තුළ ඉතාම නැවූම් බවක් ප්‍රදර්ශනය වෙන අන්දම ඔබත් දැක ඇති. ඊස්ට්‍රජන් මගින් කම්මූල්වල මේදය තැන්පත් කිරීම, තොල් මහත් කිරීම සහ ඇස්වල ප්‍රමාණය වර්ධනය කොට ස්ත්‍රී ලාලිත්‍යය ඉස්මතු කරනවා.

රූපලාවන්‍ය උපක්‍රම මගින් මූහූණේ ආකර්ශනය ඇති කර ගැනීමට පූළුවන් බව හැබෑවක් වූනත් ඊස්ට්‍රජන් මගින් සිරුරට ලබාදෙන ස්වභාවික ආකර්ශණය ඇති කර ගැනීමට පූළුවන්කමක් නොලැබෙන බව මිරාමි සඳහන් කරනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment