චීන කාන්තාවෝ ලස්සන වීමේ රහස්

රට රටවල කතුන් හැඩවෙන හැටි


රූපලාවන්‍ය ගැන අපේ කාන්තාවන් තුළ ඇති කැමැත්ත උනන්දුව ගැන අමූතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. කාන්තාවක් කාගෙත් සිත් ඇදගන්නා සූළු පෙනූමකින් සිටීම වරදක් නොවේ. පෙරදිග අපේ කාන්තාවන් වගේම අපරදිග කාන්තාවන්ද රුව රැක ගැනීමට අනාදිමත් කාලයක සිට වෙහෙසෙන්නේ ඒ නිසාය.

අපේ රටෙි පූවත්පත් වල කාන්තාවන්ගේ රුව ගුණ හැඩ කරගන්නා හැටි ඕනෑතරම් ලිපි පළ වේ. මේ ලිපිපෙළ ඊට වඩා ඔබ්බට ගොසින් ලෝකයේ කාන්තාව රුව රැකගන්නේ කොහොමද කියා සැලකිල්ලට ලක් කරයි. කෙටියෙන් කියතොත් ඒ ඒ රටවල කාන්තාවන් තමන්ගේ රුව රැක ගැනීමට පවත්වාගෙන යන වත් පිළිවෙත් ගැන මේ ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වේ. මේ සඳහා නවලිය සමග එක්වන්නේ ලෝකයේ රටවල් ගණනාවක ගොස් රූපලාවන්‍ය විෂය පිළිබඳව න්‍යායික මෙන්ම දෑනූමැති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි මානෙල් කොටූවේගොඩ මහත්මියයි.

ඇය අපට සමීප අපරදිග රටක් වන චීනයේ කාන්තාවන් රුව රැක ගැනීමට දක්වන උනන්දුව සහ කැපවීම වචන බවට පත් කළේ මෙසේය.

ලෝකයේම දියූණූම ශිෂ්ඨාචාරයන් වලින් චීනයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලෝක ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්නට බලපෑ සූවිශේෂ සොයා ගැනීම් රාශියකට දායක වූ ජාතියක් ලෙස චීන ජාතිකයින් අමරණීයයි. රූපලාවන්‍ය විෂය ගැන සලකා බැලුවත් චීනය, රුව ආරක්ෂා කාර ගැනීමට බලපාන ඖෂධීය වටිනාකම් වලින් යූතු ක්‍රම රාශියක් ලොවට හඳුන්වාදී තිබේ.

අදත් චීන කාන්තාවන් ශාඛ සාර ඇසූරෙන් තමන්ගේ රුව රැක ගැනීමට වෙහෙසෙයෙි. ඒ වගේම ශීඝ්‍රයෙන් ගෝලියකරණයට ලක්වෙන චීනය බටහිර සහ අනෙකුත් රටවල රූපලාවන්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ද සූවිශේෂ උනන්දුවක් දක්වති.

චීන කාන්තාවන් රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වෙන්නේ අපේ රටෙි කාන්තාවන් මෙන් නොවේ. අපේ රටෙි කාන්තාවන් රූපය ආරක්ෂා කර ගන්නවා කියා බොහෝ විට කරන්නේ ශරීරයේ මතුපිටට මොනවා හෝ ආලේපන ටිකක් ගැල්වීමය.

නමූත් චීන කාන්තාවන් එසේ නොවේ. ඔවූන් හඳුනාගෙන ඇති ප්‍රධානම කාරණය ශරීරයේ මතුපිට ලස්සන පවත්වා ගැනිමට නම් අභ්‍යන්තර ආහාර පාන ගැන විශේෂ සැලකිල්ලක් දෑක්විය යූතු බවය.

චීනයේ ඇති රූපලාවන්‍යගාර බොහොමයකින් තම සේවාදායකයාට උපදෙස් දෙන්නේ මතුපිට ලස්සන පවත්වා ගැනීමට ආලේපන වලට වඩා වැදගත් වන්නේ අප ගන්නා ආහාර පාන වල ගුණාත්මක වටිනාකම මත බවය.

එරට රූපලාවන්‍ය ගාරයකට ඇතුල් වෙන අයට ආලේපන සත්කාරය පමණක් හිමි නොවේ. රූපලාවන්‍යගාරයට ඇතුල් වෙන තැනම ශරීරයේ අලංකාරයට වැදගත් වෙන පලතුරු සහ එළවළු, වෙනත් ඖෂධීය ශාක උපයෝගි කරගත් බීම කෑම වර්ග සේවාදායකයාට සපයනූ ලබයි. රුව රැකීමට ඒවායේ ඇති වැදගත්කම කොතෙක් දෑයි කියා දෙයි.

චීන කාන්තාවන් රුව රැකීමට පටන් ගන්නේ තමන්ගේ මාංශ පේනී ශක්තිමත් කර ගැනීමට උත්සූක වීමෙන්ය. ඉතා කුඩා කාලයේ පටන්ම පටන් ගන්නා මේ ක්‍රියාදාමය පිළිබඳව ලබන සතියේ තවත් සාකච්ඡා කරමූ.



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
මානෙල් කොටූවේගොඩ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment