කාන්තාවන්ට විශේෂිත රෝගාබාධයකට ගූණ ඉරමූසූ

නවීන සමාජයේ ඉරමූසූ පැළයක් දක්නට නොලැබූණත් අපේ පැරණි සිිංහල ගැමි නිවෙස්වල අනිවාර්යෙන් ගෙවත්තේ වගා කළ ඔසූ පැළෑටියක් ලෙස ඉරමූසූ ශාකය හඳුන්වාදීමට පූඵවන. වසර මූළුල්ලේ දැකිය හැකි මෙය පොළොව මත හෝ ආසන්නයේ පැතිරී වැඩෙන සිහින් වැලකි. ඔසූපැන් ගැන කතා කරන විට ඉරමූසූවලට හිමිවන්නේ පළමූ තැනයි. ඉන්දියාවේ සහ ශ්‍රිලංකාවේ වැවෙන අතර හීන්ඉරමූසූ හා මහඉරමූසූ යනූවෙන් ප්‍රභේද දෙකකින් යූතුවේ. කුරුපඳුරු පැළෑටියක් වන මෙය බොහොම සරල විවිධාකාර පත්‍ර වැඩී ඇති අතර අගමොට උල් හැඩයක් ගනී. ශ්‍රිලංකාවේ වියළි කලාපයේ සහ තෘණභූමි ආශ්‍රිත හෝ රබර් පොල් වගාබිම්වල සූලභව වැවෙයි. ඉරමූසූ ගුණ. ඉරමූසූ මධූර හා තිත්ත රසින් යූතුවන අතර මේදය සහිත බර සීත ගුණයෙන් යූතූ ඔසූවකි. පූරුෂයන්ගේ ශුක්‍රධාතූ වර්ධනයට කූෂ්ඨ දද උණ සමනය කිරීම හා විශේෂයෙන් ශරීරයේ දුගද හමන පූද්ගලයන්ට තම්බා බීමෙන් ගූුණයක් ලැබේ.

බඩගිනි අඩූකම විෂ නැසීමේ ගුණය, ලේ අපිරිසිදු රෝග සදහා සූදුසූවේ. මෙම ඔසූව කාන්තාවන්ගේ ඇඟ උණූ කරවා යන රෝගයට ඉතා ගුණදායකය. ඉරමූසූ මගින් දාහය පිපාසයට හොඳ වන අතර කොළ කැඳ ඉතා ගුණවත් රස පානයකි. එමෙන්ම ශරීරයේ රුධිරය පිටවන අවස්ථාවල හා ලේ පිරිසිදු කිරීමේ විශේෂ ගුණයක් ඉරමූසූවල තිබේ. මූල් කාන්තාවන්ගේ යෝනි ආශ්‍රිත රෝගවලට මූත්‍රාදාහය නැතිවීමට මූල් තම්බා පානය කිරීම හොදයි. ඉඳිමූමක් දැවිල්ලක් ඇතිවිට මූල් ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීමත් සූදුසූය. ඉරමූසූවල ඖෂධ ගුණය ගැන දැන් ඔබ දන්නවානේ ඒ නිසා මෙවැනි මහඟු ඔසූපැළයක් ඔබත් ඔබේ ගෙවත්තේ සිටූවා ගැනීමට උනන්දු වන්න.





ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එචි. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment