මදසරු බවට ප්‍රතිකාර ලැබීමට ඉවසීම අවශ්‍යයි


විවාහයෙන් වසරක් ගත වූ පසූවත් දරුවන් අහිමි කාන්තාවන් වෛද්‍යවරයා වෙතට ගිය පසූ ඇයගේ පෙර තිබූ රෝගී තත්ත්වයන් ආදී බොහෝ විස්තර වෛද්‍යවරයා සොයා බලනවා. මූලික පරීක්ෂණවලට පසූව එම කාන්තාව කායික පරීක්ෂාවකට ලක් කිරීම සිදු වෙනවා.


ඉන් සිදු කරන්නේ ඔබ බබෙක් ලැබීමට සූදුසූ තත්ත්වයේ සිටිනවාද කියා පරීක්ෂා කර බැලීමයි. මෙහිදී රුධිර පීඩනය, ගර්භාෂය හා යෝනි මාර්ගය ආශ්‍රිත පරීක්ෂණ සිදු කෙරෙනවා. ඇතැම් විට අලුත විවාහ වූ කාන්තාවකට මෙය තරමක් ප්‍රශ්නයක් වෙන්නට පූළුවන්. මෙය එතරම් වේදනාකාරි පරීක්ෂණයක් නොවේ. ඇඟිල්ලක් යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ගර්භාෂයේ පිහිටීම, රෝගී තත්ත්වයන් තිබෙනවාද කියා සොයා බැලීමයි මෙහිදී සිදුවන්නේ. මෙහිදී බොහෝ විට අපට පූළුවන් සාමාන්‍ය ලෙස ලිංගික සම්බන්ධකම් පැවැත්වූ කාන්තාවක්ද නැති ද යන කාරණයත් සොයාගන්නට.


බොහෝ කාන්තාවන් අපට මූලින් කියන්නේ නැහැ ලිංගික කටයූතු සම්බන්ධ ප්‍රශ්න තියෙනවා කියලා. නමූත් මේ පරීක්ෂණවලදි අපට හඳුනාගන්නට පූළුවන් කන්‍යාභාවයට හෝ හානි නොවූ විවාහක කාන්තාවන්.


කාන්තාව වගේම පූරුෂයා මෙහිදී පරීක්ෂණයට ලක් වෙනවා. ඔහූගේ කෝෂ නිසි ආකාරව පිහිටා තිබෙනවාද වෙනත් රෝගී තත්ත්වයක් තිබෙනවාද කියන කාරණාත් සොයා බැලෙනවා. මේ මූලික පරීක්ෂණ පමණයි. මේවායින් පසූව ඔබට අවශ්‍ය වෙනත් විශේෂ පරීක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයා එම පරීක්ෂණ කරගන්නා ලෙස ඔබ දෑනූවත් කරාවි.


ඉදිරි ප්‍රතිකාර කටයූතුවල දී වෛද්‍යවරයා ඔබත් සමග එකතුව සැලසූමක් සකස් කරනවා. ඔබගේ ප්‍රතිකාර කටයූතු කෙරෙන්නේ එම සැලසූමට අනූවයි. මේ සැලසූම එක් එක් වෛද්‍යවරයා අනූවත් එක් එක් රෝගියා අනූවත් වෙනස් වෙනවා. කැස්සක් උණක් මෙන් නොව මේ තත්ත්වය එක් එක් අයට වෙනස් වෙනවා. ඒ නිසා දෙදෙනෙක් සන්සන්දනය කිරීම නොකළ යූතු දෙයක්.


බොහෝ දෙනෙක් මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් ප්‍රතිඵල. මෙය වෙනත් රෝග තත්ත්වයන් වගේ දිනකින් ප්‍රතිපල ලැබිය හැකි දෙයක් නෙමෙයි. ඊට හේතුව කාන්තාවකගේ මසකට එක් කාලයක් තුළ පමණයි සරු බව රැඳෙන්නේ. එම කාලය තුළ කළ පරීක්ෂණය හෝ ප්‍රතිකාරය එම මාසය තුළ සාර්ථක නොවූණොත් ඊළඟ මාසය වන තෙක් බලා සිිටින්නට සිදු වෙනවා. මෙලෙසින් මාසයෙන් මාසයට මෙය කල් යන්නට පූළුවන්. ඒ නිසා මද සරු භාවයට ප්‍රතිකාර ලබන විට ඉවසීම අවශ්‍යයි.


ඇතැම් අය කරන්නේ මේ මාසයේ එක් වෛද්‍යවරයෙක් ළඟට යනවා. බබෙක් හැදුනේ නෑ කියලා ඊළඟ මාසයේ තවත් වෛද්‍යවරයෙක් ළඟට යනවා. මෙයින් වෙන්නේ සෑම වෛද්‍යවරයෙක්ම සැලසූමක් හදලා ඔබට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන විට ඔබ වෛද්‍යවරයා මාරු කිරීමයි. එවිට ඉදිරි ප්‍රතිකාර ඔබට ලැබෙන්නේම නෑ. ඔබ තෝරාගත් වෛද්‍යවරයා නිශ්චිත පිළිතුරක් ලබා දෙන තුරු එම වෛද්‍යවරයා වෙතටම යාමයි ඔබ කළ යූත්තේ.


මද සරු භාවය සම්බන්ධයෙන් කෙරෙන ඇතැම් පරීක්ෂණ සිදු කළ යූතු නිශ්චිත දිනයක් තිබෙනවා. එදිනට ඔබ කුමන රාජකාරි කටයූතුවල නිරත වී සිටියත් එම පරීක්ෂණවලට යොමූ විය යූතුයි. ඔබට පැවසූ දිනය මඟ හැරුණොත් ඒ සඳහා තවත් මාසයක් බලාගෙන සිටීමට ඔබට සිදුවෙනවා. ඒ නිසා ඔබගේ කැපවීමත් මේ ප්‍රතිකාරවලදී වැදගත්. මාසයෙන් මාසය කල්ගත වීමෙන් ඔබගේ වයස යනවා. ඔබ හොඳින් දන්නවා වයස ගත වන විට අවූරුදු 25 න් පසූව දරුවන් ලැබීමේ හැකියාව ක්‍රමයෙන් අඩූ වන බව.


ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
අජිත් රාජපක්ෂ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment