දේදුනූවන් ඇහි බැම

ඇස්වල කාන්තාවකගේ ලස්සන රැඳී ඇති බව අමූතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඇස්වල ලස්සන පවත්වාගෙන යන්නට ඇහි බැමවලට කරන්නට පූළුවන් කාර්යය බාරයක් ඇත. අද අපේ අවධානය යොමූ වන්නේ තම ඇහි බැම ලස්සනට තබාගන්නේ කෙසේ ද කියාය.

කාන්තාවන්ගේ මූහූණූවල හැඩය විවිධාකාර වගේම, එක් එක් අයගේ ඇහි බැම ද විවිධ ආකාරයට පිහිටා ඇති බව අප දනී. දේදුන්නේ හැඩයට, රවූමට, හීනියට, දිගට මෙකී නොකී ආකාරයට පිහිටා තිබෙනවා. විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනෙන්නට පූළුවන.

කුමන ආකාරයකට පිහිටා තිබූණත් අපට මෙය, ඉතා ලස්සනට තමන්ගේ මූහූණට ගැළපෙන ආකාරයට සකසා ගත හැකි බව අපේ මතකයේ තබාගත යූතුය.

එය කරන්නේ කෙසේද? විමසා බලමූ.

මෙය අපට ක්‍රම එකක් නොව දෙකකින් සකසා ගැනීමට හැකියාව තිබේ. ටූවිසර් එකක් ආධාරයෙන් ඇහි බැම සකස් කරන්නේ නම් පළමූව ඇහි බැමි මත මොයිස්චර්රයිසර් ක්‍රීම් හෝ ඔලිව් තෙල් බිංදු කිහිපයක් ගා ගත යූතුය. ඉන්පසූ ඇඟිලි තුඩූ මගින් මසාජ් කිරීම සිදු කළ යූතුය.

ටූවිසර් එකක් ගෙන රෝම වැවී ඇති දිශාවට නොව විරුද්ධ දිශාවට ගලවා ගන්න. මෙය ඉතාමත් කල්පනාකාරීව කළ යූත්තක් වේ. මෙය අපේ මූහූණේ හැඩය අනූව ගැළපෙන ආකාරයට සකස් කර ගැනීම වැදගත්ය.

තව ද නූලක ආධාරයෙන් ද රෝම ඉවත් කර ගැනීම කරන්න පූළුවන. මූලින්ම ඔලිව් මසාජ් එක කර ඉහත කී ආකාරයට නූලක් ගෙන ගැට ගසා එය ඇඟිලිවල පටලවාගෙන ඉතා සීරුවෙන් ඇහි බැම හා මූහූණේ රෝම ඉවත් කරගන්න. මෙය ද රෝම වැවී ඇති දිශාවට නොව විරුද්ධ දිශාවට ගැලවිය යූතුවේ. මේ කාර්යය අවසන් වූ පසූව පිරිසිදු වතුරින් සෝදාගෙන මාත්තුකර මොසිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කරන්න.


ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී

ග්‍රේස් සී. ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment