කම්මූල් දෙපැත්ත කළුවීම (බ්ලෙමිෂ්) සූව කළ හැකිද




ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවල ද කාන්තාවන් අතර පමණක් නොව පිරිමින් අතරද බහූලව දෑකිය හැකි දෙයක් වශයෙන් කම්මූල් දෙපැත්ත කළුවීම හැඳින්විය හැකිය. විශේෂයෙන්ම මූහූණේ කම්මූල් දෙපැත්තේ හෝ නළලේ මෙය ඇති වේ. මෙහි දෑකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ සාමාන්‍ය සමේ පැහැයට වඩා තද පැහැයකින් යූක්තව ලපයක් හෝ කැළලක් ආකාරයට ඇති වීමයි. මේ නිසා මූහූූණට යම් අවලස්සනක් ගෙන දෙන නිසා කාන්තාවන්ට මෙය මානසික කරදරයක් වී ඇත. නමූත් ඔබ මතක තබා ගත යූතු දෙයක් වන්නේ මේවා එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවන බවයි.

බ්ලෙමින් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු කීපයක් ඇත. මෙයින් ප්‍රධානම කරුණ වන්නේ හිරු කිරණයි. හිරුකිරණවල ඇති පාරජම්බූල කිරණ ් - ඊ මගින් සමට හානි කරන බව ඔබ දන්නා කරුණකි. හිරු කිරණ දෑඩි ලෙස නිතර නිතර මූහූණ මත පතිත වීමේදී සමේ ස්වභාවිකව පිහිටා ඇති මෙලනින් නැමති වර්ණ කාරකය මගින් හිරුිකිරණවල ඇති විෂ සහිත කොටස් උරා ගනූ ලබය.ි මෙලෙස කරනූ ලබන්නේ ඕනෑම හානිකර දෙයකින් ආරක්ෂා වීම සඳහා විශේෂිත උපද්‍රව යෙදීමේ පූදුම හැකියාවක් සමට ඇති බැවිනි. මෙසේ විෂ සහිත කොටස් උරා ගැනීමේදී සම පිළිස්සීම වැළැක්වීම සඳහා මෙලනින් වර්ණ කාරකය වඩාත් අඳුරු පැහැයක් ගනූ ලබයි. මෙසේ නිතර නිතර සිදුවීමේදී මෙම අඳුරු පැහැය ස්ථිර තත්ත්වයට පත් වේ. හිරු කිරණ වඩාත් -- පතිත වන්නේ මූහූණේ කම්මූල් දෙපැත්තට සහ නළලට මතට නිසා බ්ලෙමිෂ් ඇතිවන්නේ මෙම ස්ථානවල බව ඔබට දෑන් වැටහී යනූ ඇත.

වර්ණය වැඩිවීමවශයෙන් බටහිර රූපලාවන්‍ය වේදීන් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. නමූත් බ්ලෙමිෂ්වල විවිධ තත්ත්වයන් අපට දෑක ගත හැකිවේ. රතු පාට තුවාලයක ආකාරයටද බ්ලෙමිෂ් ඇති වේ. එමෙන්ම කුරුළෑ හෝ කුඩා සැරව ගෙඩි සමූහයක් එකම ස්ථානයේ තිබීමෙන් ඒවා කැළලක් බවට පත් වේ. ඒවාද බ්ලෙමිෂ් වශයෙන් හඳුන්වනූ ලබයි.

බ්ලෙමිෂ් වඩාත් කැපී පෙනෙන්නේ එමෙන්ම වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේද පැහැපත් සමත් ඇති අයට බව පෙනේ. තද කලු හමක් ඇති අයට බ්ලෙමිෂ් ඇතිවීම ඉතා අඩූය. එයට හේතුවන්නේ ඔවූන්ගේ සමේ මෙලනින් වර්ණකාරකය බහූලව පිහිටා තිබීමයි

බලෙමිෂ් ඇතිවීමට තවත් හේතුවක් වශයෙන් රූපලාවන්‍ය වේදීන් හඳුන්වන්නේ සිරුරේ ඇති හෝමෝනවල වෙනස්වීමයි. විශේෂයෙන්ම ගැබ් ගැනීම වැනි හේතු නිසා හෝමෝනවල ඇති වෙනස්වීම හේතු කොටගෙන මෙලනින් නිෂ්පාදනය වැඩි විය හැකිය. වැඩිවූ මෙලනින් ප්‍රමාණය එක් තැනකට ඒකරාශි වීමෙන් එම ස්ථානය වඩාත් දුඹූරු පැහැයක් ගනූ ලබයි.

බ්ලෙමිෂ් සඳහා දෑනට සොයාගෙන ඇති ප්‍රතිකර්ම අතරින් වඩාත් ප්‍රබලව ඖෂධීය වන්නේ ඇල්ෆාහයිඩ්‍රොක්සි අම්ලයයි. ඉදුනූ පලතුරු යූෂ වලින් ලබාගන්නා මෙම අම්ලය සමේ ලප කැළැල් නැතිකර සම වඩාත් පැහැපත් කිරීමට සමත් ඖෂධයකි. එම නිසා බ්ලෙමිෂ් නිසා ඔබත් මානසිකව පීඩා විඳින්නේ නම් ඇල්ෆාහයිඩ්‍රොක්සි අම්ලය අඩංගු සබන් වර්ගයේ ක්‍රිම් වර්ගයක් භාවිත කළ යූතුය. බීපෝලන් වයිටි සෝෆ් නැමතී සබන් වර්ගයක් ඇල්පාහයිඩොක්සි අම්ලය මූසූ කොට නිපදවා ඇත. ඔබ පේෂල් ප්‍රතිකර්මය කරන්නේ නම් ඇල්ෆාහයිඩ්‍රොක්සි අම්ලය අඩංගු කී්‍රම් පැක් සහ ලෝෂන් භාවිත කරන්න. එමෙන්ම බ්ලෙමිෂ් සූව කිරීමට සමත් තවත් ප්‍රතිකර්ම දෙකක් වන්නේ හයිපිරික්වනයි භාවිතය සහ විද්‍යූත් තරංග ප්‍රතිකර්මයයි. පේෂල් කිරීමේදී මේවා යෙදීමෙන් මෙය ඉක්මනින් වළක්වාගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment