යූවතියකගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දෙකකි. ඒ ගැහැණූ දරුවෙකුගේ මල්වර වීම හා විවාහයයි. මෙම සිදුවීම් දෙක ඔවූන්ගේ ජීවිතවල ඉරණම වෙනස් කිරීමට සමත් වෙයි. පෙරදිග රටවල මෙන්ම යූරෝපීය රටවලද මල්වරවීම මංගල කටයූත්තක් ලෙස සලකනූ ලබයි. මෙය ජ්‍යොතීෂ්‍යයට අනූව යූවතියකගේ දෙවන උපත ලෙස සැලකේ.
විද්‍යාවට අනූව මල්වරවීම පවසන්නේ කාන්තාවන්ගේ හෝර්මෝනවල සිදුවන වෙනස්වීමක් නිසා සිදුවන දෙයක් බවයි. නමූත් ජ්‍යොතිෂ්‍යයට අනූව යූවතියකට මල්වර වීම සිදුවන්නේ චන්ද්‍රයා සහ කුජ (අඟහරු) ගේ බැල්ම ගැහැනූ දරුවෙකුගේ කුසට යම් අවස්ථාවක ලැබූණේ ද ඒ මොහොතේ ඇය මල්වර වූ බව පිළිගනී.
එම ප්‍රථම වෙනස්වීම සිදු වූ වේලාව (හෝරාව) මූල් කරගෙන වෙලාව සකස් කරයි. එය තත්කාල කේන්ද්‍රය ලෙස ජ්‍යොතීෂ්‍යයේදී හඳුන්වයි.
තත්කාල කේන්ද්‍රයේ හත්වැන්නායි පතිගේ පිහිටීම හා නැකත අනූව විවාහය ගැන කියනූ ලබයි. උදාහරණයක් ලෙස මල්වර වූ වෙලාව සාදන අවස්ථාවේ ලග්නයේ හතේ රවි සිටියේ නම් ස්වාමියා අපල හා දුක් කරදර ද ගුරු සිටියේ නම් ඉතා යහපත් වේ. උසස් ස්වාමියෙකු ලැබීමේ වාසනාව හිමි වේ. ශනි සිටියේ නම් දිළිඳු වේ. සිකුරු සිටියේ නම් ඉතා යහපත් වන හා මල්වර කේන්ද්‍රයේ මෙම ග්‍රහයින් සූබව පිහිටියේ නම් එතරම් බලපෑමක් සිදුනොවේ.
මල්වර යූවතියකගේ හත්වැන්නාධිපති ග්‍රහයා බලවත් විය යූතුය. විවාහයකදී විශේෂයෙන් නැකත් බලපානූ ලබයි. මල්වරවීමකදී අස්විද, රෙහෙන, මූවසිරස, පූනාවස, පූෂ, උත්‍රපල්, උත්‍රපූටූප, රේවතී, සියාවස, මා, හත, සිත, සා, අනූර, මූල යන නැකත්වලින් යූවතිය මල්වරවීම සූබ ලෙස සලකන අතර ඇයගේ විවාහ ජීවිතයත් සාර්ථක වන බවත් බෙරණ, කැති, අද, අස්ලිස, පූවපල්, වීසා, දෙට, පූවසල, පූවපූටූප නැකත් අසූබ හා විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවන බවත් සඳහන් වේ. දිනය සූබ වී නැකත අසූබ වූයේ නම් විවාහය සාර්ථක නොවේ.
මෙවැනි අසූබ දෝෂ සහිත කේන්ද්‍රයකට ජ්‍යොතිෂ්‍යයට අනූව තරමක් දුරකට සහනයක් ලබාගැනීමට පූළුවන් වන අතර පූර්ණ වශයෙන් දොස් දුරු කිරීමට නොහැක.
ජ්‍යොතීර්වේදී ඩී. පී. ජයසිංහ
0 comments :
Post a Comment