සම පැහැපත් කරන තල-සිහින් සිරුරක් ඇති අය කෝලිකුටිටූ සමග තල ආහාරයට ගන්න




තල යනූ ඉතා ප්‍රනීත ආහාරයක් බව ඔබ දන්නවා නිසැකය. එහෙත් එහි අඩංගු පෝෂණ ගුණය හා ඖෂධීය ගුණය ගැන ඔබ කොතෙක් දුරට අවධානය යොමූ කර තිබෙනවාද යන්න පිළිබඳ අද අපි විමසා බලමූ.

මෙය ආයූර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රතිකාර හා රෝග සමනය සඳහා ඖෂධවලට අමතරව ආහාරයක් වශයෙන්ද භාවිත කරයි. තල ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල කෘෂිකර්මය වශයෙන් වගා කෙරෙන අතර තල ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනකින් යූක්ත වේ. කළු තල, සූදු තල, රතු තල වශයෙනි.

නමූත් ආයූර්වේදයේ ඖෂධවලට භාවිත කරන්නේ හ ගුණයෙන් යූතු වන්නේ කළු තල වේ. මෙහි තල ඇට, දඬූ, මල්, දලු, හා සියලුම පැලෑටිය ඖෂධ සඳහා යොදා ගැනේ. එමෙන්ම මෙම තල වර්ග තුනම ආදායම් මාර්ග සඳහාද උපයෝගි වේ.

කළු තල මගින් මේදය ලබාගන්නා අතර පෝෂණ ගුණයෙන්ද යූතුය. මේය 50 % 60% ප්‍රෝටීන 22% විටමින් 18 කාබෝහයිඩේ්‍රටි 4% ශාර වර්ග අඩංගු වේ.


ඖෂධ ගුණ
ශරීරය පෘෂ්ටිමත් කරන, ශරීරය ශක්තිමත් කරන ගුණයෙන් යූක්තයි. තල කෝලිකුටිටූ කෙසෙල් සමග ආහාරයට ගැනීම ගුණදායක වේ. ශරීරය පිරිපූන් වේ. තවද තල හොඳින් සෝදා වියළා සීනි සමග හෝ හකුරු සමග කොටා ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය කරයි. ශුක්‍ර ධාතු වර්ධනයට ද ගුණ වේ.


ආයූර්වේද ගුණ
ආයූර්වේදයට අනූව තල ඉතා රසවත් හා උෂ්ණය, ආයූර්වේදයේ සෑම ඖෂධ තෙලකටම භාවිත කරන්නේ තල තෙල්ය. තල ඇට පත්තු වර්ග සඳහා යොදාගන්නා අතර ශරීරයේ තුවාල සූව කරන, හන්දි කැක්කුම, හා කකුලේ ඉදිමූම් වලට ගුණ වේ.ඔලිව් ඔයිල් වෙනූවට තල තෙල් භාවිත කරන්නත් පූළුවන් බව ඔබ නොදන්නා විය හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment