හිසට සබන් පාව්චිචි කරනවාද? නැතිනම් ෂැම්පූ ගල්වනවාද?


රූපලාවන්‍ය ගැන කතා කිරීමේදී අනිවාර්යයෙන්ම ඔබ දැනූවත්ව සිටිය යූතු තවත් අංගයක් තමයි ඔබේ හිස කෙස් පිරිසිදු කර ගැනීම පිළිබඳව.
ඇතැම් විට ඔබ සිතනවා ඇති සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් පමණක් හොඳට සබන් දාලා හිස සේදුවාම ප්‍රමාණවත් කියා. මෙය සම්පූර්ණයෙන්ම වැරැදි අදහසක්. ඔබේ ශරීරයේ නියපොතු හැරුණූ කොට මූළු ශරීරයෙන්ම තෙල් කුණූ පිටවෙනවා. දිනපතා මේ තෙල් කුණූ සෝදා පවිත්‍ර කිරීම තමයි සැබෑ නිරෝගිකම කියන්නේ.

ඔබේ හිස කෙස් සහ ශරීරය පිරිසිදු කරන්නට ඔබ භාවිත කරන්නේ මොනවාද?
මේ සඳහා ඇතැම්විට ඔබ තවමත් සබන් භාවිත කරනවා වෙන්නට පූළුවන්. මෙය ද නිවැරදි පූරුද්දක් නොවෙයි. මෙහිදී ඔබේ මතකය මඳක් ආ පස්සට ගෙනියන්නට කැමතියි. ඔබට මතකද මීට වසර 15 කට කලින් තමයි අනතුරු අගෙව්වෙ සබන්වල තිබෙන සැර ගතිය. එනම් ඔඵත අගය සියයට 30 ක් නිසා සබන් භාවිත කර හිස සේදීම අහිතකරයි කියා. ඕනෑම සබන් කැබැල්ලක පිටූපස ඉංග්‍රීසි අකුරෙන් ඔතඵ අගය සියයට මෙපමණයි යනූවෙන් සඳහන්ව තිබෙනවා. මේ වනවිට මූළු ලෝකයේම සබන්වල සැර ගතිය ඔතඵ සියයට 80 බවට නීති ගතවෙලා තිබෙනවා. ඔබට වැටහෙනවා ඇති සියයට 30 ක්ව තිබියදීත් සබන් භාවිතයට අහිතකරයි කියා අනතුරු ඇඟෙව්වා නම් දැන් සියයට 30 සිට සියයට 80 දක්වා සැර ගතිය වැඩි වී තිබෙන විට සබන් භාවිතය කෙතරම් අහිතකරද කියා. නමූත් අවාසනාව වන්නේ මේ ආකාරයෙන් සැර ගතිය අධික සබන් භාවිතය අහිතකරයි කියා කිසිඳු ආකාරයක දැනූවත් කිරීමක්, ප්‍රචාරය කිරීමක් නොකිරීමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. තවමත් අපේ රටෙි සියයට 90 කට වැඩි ප්‍රමාණයක් හිස සෝදන්න පාවිච්චි කරන්නේ සබන්.


එසේ නම් මේ සබන් භාවිතය වෙනූවට විකල්පය කුමක්ද?
සැර ගතිය එනම් ඔතඵ අගය බෙහෙවින්ම අඩූ සබන් වර්ග ඔබට සොයාගැනීමට හැකි නම් ඒවා පාවිච්චි කළ හැකිය. නැතහොත් ඡ ්‍ය අගය 5.5 ක් අන්තර්ගත ෂැම්පූ වර්ග පාවිච්චි කිරීම සූදුසූයි. ඒ නිසා ඔබ තවමත් හිස සේදීම සඳහා භාවිත කරන්නේ සබන් වර්ග නම් වහා එය නවතා දමා ඔබේ හිසකෙල්වලට සූදුසූ ගැළපෙන හොඳ ෂැම්පූ වර්ගයක් තෝරාගන්න. ප්‍රථමයෙන් ඔබ ඔබේ හිසකෙස්වල ස්වභාවය අඳුනාගන්න. හිසකෙස් වර්ග කිහිපයකින් සමන්විත වන බව ඔබට අමූතුවෙන් කිව යූතු නැතැයි සිතනවා. සාමාන්‍ය හිසකෙස් ද තිබෙනවා. මීට අමතරව ඇතැම් විට හිස්හොරි සෑදුණූ හිසකෙස් ද තිබෙන බැවින් මේවා ගැන මනා අවබෝධයකින් යූතුව ඔබට සූදුසූ ෂැම්පූ වර්ගයක් තෝරා ගන්නට උත්සාහ කරන්න.

හිසකෙස් හැරුණූ විට සමස්ත ශරීරයම පිරිසිදු කිරීම සඳහා නම් සබන් භාවිතය සූදුසූයි. ඒත් කොස්ටික් සෝඩා, ලුණූ යනාදි ද්‍රව්‍ය භාවිත කරගෙන නිෂ්පාදනය කරන මේ සබන් භාවිතයත් අද නවීන ලෝකේ යල් පැන ගිය ක්‍රමයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වෙනූවට ශරීරයට අසාත්මික නොවන නවීන රසායනික ද්‍රව්‍ය භාවිත කරලා නිෂ්පාදනය කරන බොඩි ෂැම්පූ වර්ග එනම් දියර වර්ග (ඛසූමසා ීයදචඃ අද හඳුන්වා දී තිබෙනවා. සබන් කැබැල්ලකට වඩා මේ දියර සබන් මිලෙන් ටිකක් අධික වූවත් ගුණාත්මක බැවින් අනූන කොස්ටික් සෝඩා කියන අසම්තිකතාවයෙන් තොර ශරීරයම පිරිසිදු කිරීම සඳහා භාවිතයට සූදුසූ නිෂ්පාදනයන් වශයෙන් හඳුන්වා දෙන්න පූළුවන්. මේ දියර සබන් වර්ග බොඩි සෝප්, ඇක්වා සෝප් වශයෙන් වෙළෙඳපොලෙන් ඔබට මිලදී ගන්නට පූළුවන්.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment