සමනලවියේ පේ්‍රමය එපා කියන්නේ හේතු ඇතිවයි




සෑම පූද්ගලයෙකුට තම අනාගතය පිළිබඳව කිසියම් කල්පනා කිරීමක් අවශ්‍ය වෙනවා. සාර්ථක පූද්ගලයින් යනූ එදිනෙදා තිබෙන වැඩ කටයූතු කිරීම පමණක් නොව අනාගතය පිළිබඳව හොඳ දෑකීමක් ඇතිව වර්තමානයේ කටයූතු කරන අයයි. මිනිසෙකුට දෙයාකාරයකට කටයූතු කළ හැක. පළමූ ආකාරය නම් අද උදේ නැගිට අද දවස ගෙවා ගන්නේ කෙසේද යන්න කල්පනා කර යමක් උපයාගෙන එයින් කා බී අද දිනය නිම කිරීමයි. මෙම පූද්ගලයාගේ දෑක්ම පටූයි. කෙටි කාලීනයි. ඊළඟ ක්‍රමය නම් දුරදක්නයකින් දකිනව වගේ දෑක්මක් ඇති කර ගැනීමයි. ඉලක්ක සටහන් කරගෙන එම ඉලක්ක කරා යාමට අවශ්‍ය අන්දමට පියවර ගත යූතුය. එනම් අනාගතය දකිමින් වර්තමානයේ ජීවත් වීමයි.


මෙම පූද්ගලයින් දෙදෙනාගේ වෙනසක් ඇත. පළමූ පූද්ගලයාගේ දියූණූව මන්දගාමි බවක් පෙන්නූම් කරයි. එම දිනයේ යමක් උපයා ගැනීම කළ හැක. නමූත් ස්ථාවරයක් ප්‍රගතියක් නැත. එහෙත් අනාගත දෑක්මක් ඇති පූද්ගලයා පළමූ පූද්ගලයාට වඩා අඩූ මහන්සියකින් දිගු කාලීන සාර්ථකත්වයකට ලඟා විය හැක. අප හැම කෙනෙකුටම දුර දෑක්මක් තිබීම වැදගත් වේ. අනාගතය සැලසූම් කිරීම ජීවිත සාර්ථකත්වයේ ප්‍රධාන රහසක් වේ. අනාගතය යනූ හූදෙක් අප ළඟාවෙන තැනක් නොව අප විසින් නිර්මාණය කර ළඟා වන තැනක් බවට පත් කර ගත යූතුය. එනිසා සෑම කෙනෙක්ම පෞද්ගලික ජීවිතයේ රැකියා ක්ෂේත්‍රයේ මූදල් ක්ෂේත්‍රයේ පවූල් ක්ෂේත්‍රයේ අනාගත දෑක්මක් ඇතිව සිටින්නේ නම් අනිවාර්යෙන්ම එය අපගේ සාර්ථකත්වයට හේතු වේ.


නව යොවූන් වියට එලඹීමත් සමග අපගේ සිතට ගැඹූරු පරිනත බවක් ඇති කර ගත හොත් එය මූළු ජීවිත කාලයම හැසිරවීමට උපකාර වේ. එනිසා අනාගත සාර්ථක පවූල් ජීවිතයක් යනූ කුමක්දෑයි තමා තමාට නිර්වචනය කරගත යූතුය. තමා සර්ථක පවූලක් යනූවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව තීරණය කරගන්නේ නම් ඊට අනූකූලව වර්තමාන ජීවිතය හැඩ ගස්වා ගත හැකිය. මේ අනූව සමස්ත ජීවිත කාලයම තමන් කරන කියන දේවල් සියල්ල පිළිබඳව දෑනූවත් කමක් අවදිබවක් ඇති කරගත යූතුය. පාසලේ උගන්වන කරුණූ තුළින් සහ අමතර පොත්පත්වලින් අනාගතයේ සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරුණූ ගොනූ කර ගත යූතුය. සාර්ථක පවූල් ජීවිතයක් සඳහා අවශ්‍ය පළමූ පියවර ලෙස සාර්ථක හවූල්කරුවෙකු සොයා ගැනීම කළ යූතුය. ඒ සඳහා දිගු කාලයක් එකට ජීවත් විය හැකි පූද්ගලයෙකු සතු ගුණාංග කවරේදැයි සලකා බලා ඊට අනූකූලව ක්‍රියා කිරීමට මූල සිටම අධිෂ්ඨාන කරගත යූතුය. අනාගත සාර්ථකත්වය මූළුමනින්ම රඳාපවතින්නේ එම පූද්ගලයාගේ උගත්කමේ ප්‍රමාණය අනූවයි. පළමූව අධිෂ්ඨාන කරගත යූත්තේ උගත්කම වර්ධනය කර ගැනීමටයි. මෙම උගත්කම ලෙස පනපොත ඇසූරින් ලබාගත් සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ උපාධි සහතික පමණක් නොව එදිනෙදා මහජන සම්බන්ධතා පැවැත්වීම, පාලනය කිරීම, ඥාති සම්බන්ධතා, පවත්වා ගැනීම, මිත්‍රශීලීව ගත කිරීම, විවාහ ජීවිතය තෘප්තියෙන් ගත කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳව අවශ්‍ය දෑනූම එකතු කර ගත යූතුය. එසේම ළමා තරුණ වියේදී පේ්‍රම සම්බන්ධතාවලට සම්බන්ධ වීම ආශාවන්ට මූල් තැන දීම ආදී ක්‍රියාවන්ට මූල් තැන දීමෙන් වැලකී සිටීමට උත්සාහ ගත යූතුයි. එවැනි ක්‍රියාදාමයන් තමාගේ අනාගත සිහිනවලට සිතන තරම් දුරට සමීපවන්නේද කියා කල්පනා කර බැලිය හැක. අඩූපාඩූ ඇති ක්ෂේත්‍ර පිළිබඳව අඩපණව කළ යූතුය. මේ අනූව සූදුස්සෙකු තෝරා ගැනීමට දෑනූවත් වීම පෞරුෂ වර්ධනයට ඉතා වැදගත් වේ.


එහිදී තමාගේ රුචි අරුචිකම්, ආශාවන් සංස්කෘතික බැඳීම්, පවූල් අතර ඇති මිත්‍ර සබඳකම් යන සියලු සාධක සැලකිල්ලට ගනිමින් කටයූතු කළ යූතුය. සාර්ථක පවූල් ජීවිතයක් යනූ දෙපාර්ශවයටම ඉතා හිතකර තෘප්තිකර ජීවිතයක් වනූ ඇත. මෙනිසා යොවූන් වියේ මිත්‍ර සබඳතා පවත්වාගෙන යාමේදී මෙම අනාගත දෑක්ම හා ඉලක්ක සිතේ තබාගෙන ඊට අනූකූලව තීරණ ගැනීම ක්‍රියාත්මක වීම ඉතා අවශ්‍යය. අනාගතය යනූ වර්තමානයේ අප කරන කියන දේවල ප්‍රතිඵලයයි. එනිසා අනාගතය සාර්ථක කර ගැනීමට නම් වර්තමානයේ අප කල්පනා කාරි විය යූතුය.



කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දයා රෝහණ අතුකෝරාල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment