මායම් 64 තිබෙන්නේ කතාව තුළයි-කතාබහින් කාන්තාව මැනගත හැකියි



සිරුරේ පපූව ප්‍රදේශයේ නැතිනම් උදර ප්‍රදේශය හෙමින් හෙමින් පිරිමදිමින් කතාබස් කරන කතාකරන කාන්තාවන්ද අවංක ගතිගුණ වලින් යූක්ත කෙනෙකු හැටියට හැදින්විය හැකියි.


කෙනෙකුගේ මූහූණට මූහූණලා කතා කරන්න අපොහොසත් අය යටිහිතේ එකක් තබාගෙන සිටින අය වන වග අමූතුවෙන් කිවයූතු නැත. පරිත්‍යාගයට කැමති අවංක ලලනාවක් කතාබස් කරන්නේ අනිත් කෙනාගේ මූහූණ දෙස කෙලින්ම බලාගෙනය. අවංක ලලනාවක් කතාබස් කරන විට ඇයගේ දණිස් දකුණට කරකැවෙන සෙයක්ද සමහර අවස්ථාවලදී දෑක ගත හැකියි.


කෙනකු හා සමඟ කතාබස් කරන අවස්ථාවේ ඇඟලා ගෙන සිටින ඇඳුම හැමවිටම වාගේ හරිගස්සමින් කතාබස් කරන කාන්තාව අවස්ථාවාදී ආත්මාර්ථකාමී අයෙකු වන්නට බැරිකමක් නැත. කතාවක් පටන්ගත් විට එකම කතාව වක්කඩ කැඩූවා සේ දිගින් දිගටම කියවන කාන්තාවන් අප අතර ඕනෑ තරම් සිටින වග අපි දනිමූ. කිසියම් දෙයක් ඉල්ලා සිටින්නටත් කලින්ම වාගේ දෙන්නටත් පොරොන්දුවන නමූත් ඒ හැටියටම එය ඉටූ නොකරන අයද සමාජයේ සිටින අතර ඔවූන් ඔබ ඇසූරට එන්නේ පරාර්ථය කෙසේවෙතත්, ආත්මාර්ථය පතාම බව අමතක නොකළ යූතුයි.


යම්තමට හෝ කපටි ආත්මාර්ථකාමී කතක් කතාබස් කරන විට කලවා ප්‍රදේශයේ ඉහළට අතපත ගගා සිටිය හැකි අතර කපටි අදහසින් යූතු අය වචන දොඩන්නේ පිටූපස නැතිනම් පිට කොන්දේ එක් අතකින් අතපත ගාමිනි.


කපටි අදහස් සහිත සමහරුන් කතාබස් කරන විට අතක් වම්පැත්තට හරව හරවා කරකවන ආකාරයක් වූවද සමහරවිට දක්නට පූළුවන.


ඒ මේ අත බලමින් හෝ බිම ඉරි අදිමින් හෝ කතා කරන්නේ මූණටම කෙළින් කතා කිරීමට හැකියාවක් නැති තැනැත්තියන්ය.


මේ අතර කටින්නොව ඉඟිවලින් ඉරියව්වලින් මෙන්ම තව නොයෙකුත් උපක්‍රම වලින්ද "කතා කිරීමේ" හැකියාවක් කාන්තාවන් සතුව ඇති අතර මායම් 64 කියන්නේ ඒ හැකියාවටයි. මේ මායම් 64 ට කාන්තාවන්නොව බොහෝ විට කොටූ වන්නේ පිරිමින්ය.


කාන්තාවන් බොහෝදෙනෙකු කෙළවරක් නැතිව කතාවට කැමැත්තක් දක්වන්නේ පූරුෂාධිපත්‍යයෙන් ඔවූන් කොන්ව ඇති නිසායයි අමූතුවෙන් කිව යූතු නැත. පැත්තකට කොන්ව ඇති නිසා ඔවූන්ගේ අදහස් උදහස් සිතැඟියාවන් සිත තුළ එක පොදියට තෙරපී ගුලිගැසී ඇති අතර දෙතුන්දෙනෙකු එකතුවූූ විට ඉබේටම ඒවා ඉස්මතු වන්න දිග හැරෙන්න පටන් ගන්නේ ඉබේමය. එහි අවසන් ප්‍රතිඵලය දිගින් දිගටම කතාවය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment