බබා දඟලන්නේ නැති වූණාම කලබල විය යූතුද?




බබෙක් පිළිසිඳ ගෙන සති 8 - 9 කාලයේ සිටම බබා දඟලනවා. නමූත් අම්මාට මේ දෑඟලීම දෑනෙන්නේ නැහැ. බබාගේ දෑඟලීමේ කම්පනය අම්මාට දෑනෙන්න නම් දරුවා සිටින තරලය හරහා, ගර්භාෂ බිත්තිය හා අම්මාගේ උදරයේ තියෙන මේද තටිටූව හරහා පිටතට දෑනෙන්නට ඕන. ඒ නිසා මේ කම්පනය පිටතට දෑනෙන්නේ බබා ලොකු වන විටයි.

සාමාන්‍යයෙන් පළමූ දරු ප්‍රසූතියට සූදානම් වන මවකට බබාගේ දෑඟලීම දෑනෙන්නේ සති 22 - 24 ගත වන විටයි. දෙවැනි හෝ තුන්වැනි බබා ලැබෙන්නට ඉන්න මවකට නම් බබාගේ දෑඟලීම සති 17 - 18 කාලවලදී දෑනෙන්නට පූළුවන්.


නිරෝගි බබෙක් නම් හොඳින් දඟලනවා
බබා දඟලනවා කියන්නේ හොඳ දෙයක්. බබා දඟලන්නේ බබාට අවශ්‍ය ග්ලුකෝස්, ඔක්සිජන් හොඳින් ලැබෙන නිසයි. මේවායේ අඩූවක් සිදුවූණොත් තමයි බබා දඟලන්නේ නැතිව ඉන්නේ. ඇතැම් විට එක් පැත්තකට හැරුණාම බබා වැඩිපූර දඟලන අවස්ථා තිබෙනවා. මේකට අම්මලා බය වෙනවා. අම්මලා හිතන්නේ බබා වැඩිපූර දඟලන්නේ බබාට අපහසූවක් දෑනෙන නිසා කියලා. නමූත් ඒක වැරදි අදහසක්. බබා වැඩිපූර දඟලන්නේ බබාට අවශ්‍ය දේ හොඳින් ලැබෙන නිසයි.

මූල් කාලයේදීට වඩා, ප්‍රසූතියට ආසන්න කාලය වන විට බබාගේ දැඟලීම ක්‍රමයෙන් වැඩිවෙනවා. සාමාන්‍ය වශයෙන් පැයකට වරක් දිනකට 10 වරක් බබා දෑඟලීම ප්‍රමාණවත්. නමූත් වෛද්‍යවරු බබා දඟලන වාර ගණන බලන්න කියන්නේ සති 30 - 32 ක් ගත වූණාට පසූවයි. යම් කෙනෙක් ඇවිත් කිවූවොත් "දෑන් මගේ දරු ගැබට සති 24යි බබා දඟලන්නේ නැහැ" කියල එතනදී කරුණූ දෙකක් හිතන්න වෙනවා. එකක් ඇත්තටම බබා දඟලන්නේ නැහැ. නැත්නම් බබා දඟලනවා. අම්මාට දැනෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරු ඒ ගැන විශේෂ යමක් කරන්නේ නැහැ. ඊට හේතුව සති 24 දී දරුවෙක් බිහි කරලා ජීවත් කරවන්න බැහැ. නමූත් සති 30 - 31 ගත වූණාට පස්සේ මේ තත්ත්වය වෙනස්. බබා දඟලන්නේ නැතිව ඉන්නේ යම් රෝගී තත්ත්වයත් නිසා නම් බබාට මවගේ ගර්භාෂය තුළ ඉන්නවාට වඩා පිටත ඉන්න එක සූදුසූයි කියල වෛද්‍යවරු තීරණය කළොත් බබාව ඉක්මනින් පිටතට ගැනීමට කටයූතු කරනවා. ඒ නිසා සති 30 ට පසූ බබාගේ දෑඟලීම ගැන බැලීම ඉතාම වැදගත්.

යම් කෙනෙකුට ප්‍රශ්නයක් වේවි බබාගේ දෑඟලීම හොඳින් සිද්ධ වෙනවාද කියල දෑන ගන්නේ කොහොමද කියල. බබාගේ දෑඟලීම පැයකට වරක් සිදුවූණොත් ප්‍රමාණවත් කියල අපි කිව්වා. නමූත් මේ පැයේදී බබා දෑඟලූවේ නෑ කියල ඊළඟ පැයේදී වෛද්‍යවරයා වෙත යාම අවශ්‍ය නැහැ. ඊට හේතුව බබා පැයක් පැය 1 1�2 ක් නිදාගන්නා අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවේදී බබාට දඟලන්නට බැහැ. ඒ නිසා එක පැයක් බබා දෑඟලුවේ නැහැ කියල කලබල වෙන්නට අවශ්‍ය නැහැ. නමූත් පැය 4 ට වඩා බබාගේ දැඟලීම දෑනූණේ නැත්නම් වෛද්‍යවරයා වෙතට ගොස් ඒ ගැන සොයා බැලීම අවශ්‍යයි. පැය හතරක් බබාගේ දෑඟලීම නොදෑනීමට හේතුවක් තියෙන්නට පූළුවනි.


බබාගේ දෑඟලීම හඳුනාගන්නට පරීක්ෂණ තිබෙනවාද?
බබා දඟලන්නේ නෑ කියන කාරණයේ දෙපැත්තක් තිබෙනවා. එකක් බබා දඟලන්නේ නෑ වෙන්නත් පූළුවන්. අනෙක බබාගේ දෑඟලීම අම්මාට දෑනෙන්නේ නෑ වෙන්නත් පූළුවන්. මෙය හඳුනාගන්නට හැකි පරීක්ෂණ තිබෙනවා. එකක් තමයි කඔඨ පරීක්ෂණය. කඔඨ පරීක්ෂණය කියන්නේ බබාගේ හෘදය වස්තුවේ ශබ්දය පරීක්ෂා කර බැලීමයි. ෑකඨ පටියක් වගේ මෙහි දත්තයන් ලබාගන්නට පූළුවන්. එයින් බලාගන්නට පූළුවන් බබාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලැබෙනවාද කියලා. පලපූරුදු වෛද්‍යවරයෙකුට පූළුවනි මේ පරීක්ෂණයෙන් දෑනගන්නට බබාට අම්මාගේ කුස තුළ ඉන්නට ප්‍රශ්නයක් තිබෙනවාද කියල. ඊට අමතරව ස්කෑන් පරීක්ෂණයක් මගින් දෑනගන්නට පූළුවන් බබාගේ දෑඟලීමක් සිදුවෙන්නේ නැද්ද කියල. ස්කෑන් පරීක්ෂණයකදී බබාගේ දෑඟලීම වගේම බබාගේ හෘදය ගැන, නොයෙකුත් චලනයන් ගැන පවා දෑනගෙන බබාට මව් කුස තුළ ප්‍රශ්නයක් තිබෙනවාද කියා දෑනගන්නට පූළුවන්. මේ පරීක්ෂණ දෙක මගින් නිවැරදිව බබාගේ තත්ත්වය ගැන දෑනගන්නට පූළුවන්.


බබාගේ පා පහර අම්මාට සතුටක්
ඇතැම් අවස්ථාවල බබා දඟලන ක්‍රමයේ වෙනස්වීම් ඇතිවෙන්නට පූළුවන්. ඊට හේතුව බබා වැඩෙන විට ප්‍රමාණයෙන් විශාල වෙනවා. ගර්භාෂයත් විශාල වූවත් එහි ඉඩ තරමක් දුරට බබාට මදි වෙනවා. ඒ වගේම ගර්භාෂයේ තුළ තිබෙන තරලය සති 32 න් පසූව මදක් අඩූ වෙනවා. එවිට බබාගේ දෑඟලීම මදක් අඩූ තීව්‍රතාවයකින් සිදුවෙන්නේ උදාහරණයක් විදිහට බබා කකුල ගහනවා නම් පෙරට වඩා අඩූ දුරකටයි කකුල ගහන්නේ. එහි තීව්‍රතාව අඩූයි. නමූත් වාර ගණන අඩූවන්නේ නැහැ.


නිදි මරන්න අවශ්‍ය නැහැ.
මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ බබා ලැබෙන්නට නියමිත දිනය පසූ වෙමින් සිටින ගර්භනී මවූවරුන්ටයි. මේ කාලයේදී තමන් රැකියාවක නිරතවෙනවා නම් හෝ අනෙකුත් වැඩ රාජකාරිවලින් ඈත් වෙලා බබාගේ දෑඟලීම ගැන වැඩි අවධානයක් යොමූ කිරීම අවශ්‍යයි. දෑන් මෙහිදී අම්මලා කල්පනා කරයි රාත්‍රි කාලයේදී මොකද කරන්නේ කියල. රෑට නිදි මරාගෙන බබා දඟලනවාද කියල බලාගෙන ඉන්න බැහැනේ. දවල් කාලයේදී හොඳින් දඟලන බබෙක් රාත්‍රි කාලයේදී දඟලන්නේ නැතිව ඉන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් දඟලන වාර ගණන අඩූ වී ගොස් බබාගේ දෑඟලීම නැතිවෙන්නේ ක්‍රමයෙන්. රාත්‍රි කාලයේදී එක්වර බබාගේ දෑඟලීම නවතින අවස්ථා තිබෙන්නට පූළුවන්. එවැනි තත්ත්වයන් වළක්වන්නට බැහැ. නිදි මරාගෙන බබා දඟලනවාද කියල බලා ඉන්න කියන එක ප්‍රායෝගික නැහැ. දිවා කාලයේදී බබා දෑඟලුවා නම් රාත්‍රි කාලයේදී එතරම් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමූත් මොනම වෙලාවක හෝ පැය හතරක් බබාගේ දෑඟලීම සිදුවූණේ නැතිනම් රෝහලකට ගොස් වෛද්‍යවරයා හමූවී මූලින් දෑක්වූ පරීක්ෂණ කර ගැනීම වැදගත්.

බබා බිහිවෙන්නට වේදනාව ආරම්භ වූ පසූව බබාගේ දෑඟලීම ගැන මවකට අවධානය යොමූ කරන්නට බැහැ. වේදනාවත් සමග අම්මාට බබාගේ දෑඟලීම දෑනෙන්නේ නෑ. නමූත් වෛද්‍යවරු බබාගේ හෘද ස්පන්දනය ගැන මෙහිදී නිතරම පරීක්ෂාකර බලන නිසා අම්මාට බයක් වීමට අවශ්‍ය නැහැ.


ඇතැම් ගර්භනී මව්වරුන්ගේ ශරීරය මහතින් වැඩියි. එවිට ඔවූන්ට බබාගේ දෑඟලීම දෑනෙන්නේ නැතිව යනවා. එහෙම නැත්නම් බබාගේ දෑඟලීම දෑනෙන්නට කල්ගත වෙනවා. එවැනි අවස්ථාවලදී බබාගේ දෑඟලීම හොඳින් සිදුවෙනවාද කියා පරීක්ෂණ මගින් නිතර පරීක්ෂා කර බලන්නට සිදුවෙනවා.




ප්‍රසව හා නාරි රෝග
විශේෂඥ වෛද්‍ය
අජිත් රාජපක්ෂ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment