විවාහයට හෝ ආදරය කිරීමට සූදුසූ පිරිමියෙකු හඳුනාගැනීමේ වෑයම



කෙළින්ම පෝරුවට
බොහෝ යූවතියන් තරුණයෙකු සමග ඇසූරු කිරීමට සිතන්නේ ඒ සැනින්නම පෝරුවට නැගීමේ අරමූණෙනි. ඇය සිතන පරිදි තරුණයෙකු තමාට සමීප විය යූත්තේ විවාහ වීම සඳහාම පමණි. මඳක් සමීපව ඇසූරු කිරීමට තරුණයෙකු විමසූ සැනින්ම නිවසට පැමිණ මාපියන්ගෙන් විමසන ලෙසින් බොහොමයක් පවසන්නේද එහෙයිනි.

නමූත් සමාජ විද්‍යාඥයන්ගේ මතයට අනූව වර්තමාන තරුණයන් විවාහය යන්න මඳක් පූළුල්ව අධ්‍යනය කරන්නක් වීමෙන් එසේ පැවසීම එම තරුණයා අහිමි කර ගැනීමට හේතුවකි.

මන්ද මෑතකදී කළ අධ්‍යනයකට අනූව තරුණයන් යූවතියන් සේ ආදරය ගැන ඒ තරමින් විශ්වාස නොතබයි. එයට වඩා ඔවූන් විමසිලිමත් වන්නේ තමාව අවබෝධ කරගත හැකි දියූණූවට අත දිය හැකි බූද්ධි මටිටමෙන් උසස් තමාගේ සමාජ තත්ත්වයට ගැළපෙන යූවතියක පිළිබඳවය. එවැන්නියක හමූවූ විටදී ඔහූ ඇයට ආදරය කිරීමට පෙළඹේ.

එහෙයින් වර්තමාන තරුණයන් විවාහය සඳහා යූවතියක හඳුනාගන්නේ මඳක් සමීපව ඇසූරු කිරීමෙන් පසූවය. මේ නිසාම වර්තමාන යූවතියටද එම උපක්‍රමය අනූගමනය කරමින් මඳ කළත් ඇසූරු කිරීමෙන් ආදරයක් ගොඩ නගා ගැනීමේ සංකල්පයට යටත්වීමට සිදුවේ. ආසියානූ රටවල හේතුවක් නොමැතිව පිරිමි ඇසූර වරදක් යැයි සිතීමට ඉඩ තිබීමෙන් එය බොහෝ ප්‍රවේසම්ව සිදුකළ යූතු වේ.


නිවැරදි පිරිමියා
මීළඟට පැරණි ක්‍රමවේදයට අනූව හමූවූ පළමූ තරුණයා සමග පෙම්බැඳ ඔහූ සමගම විවාහ විය යූතු බවට වූ තර්කය නැවත විමසා බැලීමට සිදුවන්නේ බෙහෝ විට එයින් වැරදි පූද්ගලයා තෝරා ගැනීමට සිදුවීමෙනි. බොහෝ යූවතියන්ට වඩාත්ම ගැළපෙන තරුණයා හමූවන විටදී අනෙකෙකුට බහදී හමාරය.

වර්තමානයේදී තරුණයන් තමාගේ අනාගත සහකාරිය තෝරා ගන්නේ කිහිප දෙනෙකු සමගම සමීපව ඇසූරු කිරීමෙන් අනතුරුවය. බොහෝ තරුණයන් අද ඒ බව එළිපිටම ප්‍රකාශ කෙරේ. ඒ අයූරෙන්ම වර්තමාන යූවතියද බොහෝ කල්පනාකාරීව හා බූද්ධිමත්ව මඳකලක් තරුණයන්ව සාමාන්‍ය සමීපකමකින් ඇසූරු කර පසූව තීරණයකට පැමිණීම සාර්ථක ක්‍රමයකි. එවිට සියූම් වින්ඳනයක් ද ලබමින් සිතට ගැළපෙන නිවැරදිම පූද්ගලයා සමග පෙම් සබඳතාවක් ඇරඹීමට හැකි වේ. එතෙක් ගැඹූරු සබඳතාවක් ඇරඹීමට නොසිතීම වැදගත්ය. මන්ද බොහෝ යූවතියන් කරන්නේ කුමන තරාතිරමක හෝ පදනමක සිටින පළමූවෙන්ම තමාට සමීප වූ තරුණයා සමග විවාහ ගිවිස ගැනීමය.


හැඟීම්බර නොවූ පරීක්ෂාවක්
යූවතියන් තුළ එක් පූරුද්දක් වේ. ඒ පිරිමින්ගේ මූවින් පිටවන සෑම වදනක්ම සිත තුළ රඳවාගෙන පැය ගණනක් එය රස විඳීම හා පූදුමයට පත්වීමය. ඔහූ එය පැවසූවේ කුමන අරමූණකින්ද හා අරුතකින්ද යන්න පවා අවබෝධ කර නොගෙන එයින් අලුත් අදහසක් ඇය මවා ගන්නීය. එවිට සිදුවන්නේ එම තරුණයා පවසන දෙයෙහි මූහූණත අගය පමණක් ගැනීමෙන් එම යූවතිය සිහින ලොවක තනිවීමය.

තරුණයෙකු ඇසූරු කරද්දී එසේ හැඟීම්බර වූවිටදී ඔහූගේ අඩූපාඩූ දුර්වලතා සේම වංචාකාරි ස්වභාවය නොපෙනී යන අතර ඔහූගේ වීරත්වයට පෙම් බැඳීමට සිතේ. ඔහූව පරීක්ෂා කරන ලෙසින් ඔබ විමසන සියලු ප්‍රශ්න අසන්නේ ඔහූට තව තවත් ආදරය වන ලෙසිනි. සෑම ප්‍රශ්නයක්ම ඔහූ බොහෝ අගේ ඇති පිළිතුරු ලැබීමේ අපේක්ෂාවෙන් අසයි නම් එයින් ඔබේ ව්‍යායාමය අසාර්ථක වේ.

මීළඟට හැඟීම්බර නොවී ප්‍රශ්න නැගීම් සිදු කරද පිරිමින් සම්බන්ධයෙන් නොවිමසිය යූතු ප්‍රශ්න කිහිපයක්ම වෙති. සෑම පිරිමියෙකුම තම අතීතයේ හා වර්තමානයේ ඇති සබඳකම් පිළිබව හෙලි කිරීමට ප්‍රිය නොවේ. ඒ සම්බන්ධයෙන් ඔබ සමග කුමන පදනමක් මත සාකච්ඡා කිරීමටද ඔහූ එකඟ නොවේ. එසේනම් ඔබ එම තොරතුරු හඳුනාගත යූත්තේ ප්‍රබල ඉව කිරීමකිනි.


පරතරය රස වඩවයි
විවාහයට හෝ ආදරය කිරීමට සූදුසූ පිරිමියෙකු හඳුනාගැනීමේ වෑයමක් ලෙසින් පිරිමින්ව ඇසූරු කර බැලුවද තම සීමාවන් සූරැකිව තබා ගැනීම වැදගත් වේ. ඒ සඳහා ඔබේ කළ යූතු වන්නේ පරතරය රැක ගැනීමය. තරුණයන් හා ඔබ අතර ප්‍රමාණවත් පරතරයක් තබා ගැනීම ඔබේ කීර්තිනාමයේ ආරක්ෂාවට වැදගත් වන්නාසේම එය ඔබේ අගයද වඩවන්නකි.

ඇතැම් තරුණයන් අඟවන්නේ ප්‍රේම කිරීමට සූදුසූදෑයි විමසා බැලීමට වඩාත් සමීපව ගමන් බිමන් යෑම අවශ්‍ය බවකි. නමූත් එයට නොරැවටී ඔබේ පරතරය රැක ගැනීම කළ යූතුය.


නොකළ යූතු වැරදි
එමෙන්ම ඉදිරියේ සබඳතාවක් ඇති කර ගැනීමේ යම් අරමූණිින් කිසියම් තරුණයෙකු සමීපව ඇසූරු කරයි නම් නොකළ යූතු කරුණූ 4 ක්ද වෙති.


(1) සෑම තරුණයෙකු තම අදහස් හා හැඟීම් ප්‍රකාශ නොකර බූම්බාගෙන සිටින්නියකට ප්‍රිය නොවේ.


(2) යා යූතු හා කළ යූතු දේ තීරණය කර ගත නොහැකිව ඒ මේ අත රස්තියාදු වීම කෙරෙහිද තරුණයන්ගේ සිතේ උපදින්නේ කෝපයකි.


(3) තමා සමඟ සෑම දෙයකදීම වාද කර ගනූ ලබන තමා පවසන දේ නිවැරදි යැයි සිතන හා තමාගේ මතය සනාථ කිරීමට ඕනෑම උපක්‍රමයක් යොදන යූවතියන්ට පිරිමි ප්‍රිය නොවේ.


(4) හමූවූ දිනයේදීම තමාව කොටූ කර ගැනීමට වෙර දරණ පමණට වඩා තමා කෙරෙහි උනන්දු වන හෝ විවාහ ගිවිස ගැනීමට උත්සාහ දරන්නියක් සමග ස්ථිර සබඳතාවක් ඇති කර ගැනීමට පිරිමි මැළි වෙති.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment