රුව කැත කරන අලූහම් නිටිටාවට සූව කළ හැකි චර්ම රෝගයක්



පංච කල්‍යාණයේ එන ඡවි කල්‍යාණය හෙවත් සම නිරෝගීව මෙන්ම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. මේ නිසා සමේ ඇතිවෙන යම් යම් වෙනස්කම් ගැන අපි සැලකිලිමත් වෙන්නේ නිතැතින්මයි.

සමේ ඇතිවන යම් යම් ආසාදන තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමට යාමේදී එම රෝගී තත්ත්වය හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා.


සමේ නිතර නිතර ඇතිවන අලූහම් චර්ම රෝගයක්ද? එය වලක්වා ගැනීමට කළ හැකි ප්‍රතිකාර මොනවාද අපි අද සාකච්ඡා කරමූ.


අලූහම් කියලා කියන්නේ මැලේසියා සර්සර් කියන දිලීරය මගින් සම මතුපිට ස්ථරවල ඇති කරන ආසාධනයක්. මෙය බෝවන තත්ත්වයක්. මෙය බීජාණූ මගින් බෝ වෙනවා.


අලූහම් ඇඳුම් මගින්, කිටිටූ ඇසූර මගින් බෝවෙන්න ඉඩකඩ ඇති රෝගයක්.


අලූහම් මගින් සමට කිසිදු හානියක් ඇති නොකලත් සමේ තැනින් තැන ඇති වන සූදු, දුඹූරු, කලූ ලප සමේ අවලස්සනට හේතු වෙනවා. අලූහම් වලට වෛද්‍ය විද්‍යාවේදි කියන්නේ පිටරියා ඇසි වර්සි කලෝ කියලා. වර්සි කලෝ කියන්නේ මල්ටිපල් කලර් හෙවත් විවිධ වර්ණ යනූවෙන්. මේ නිසා අපට සමේ ඇතිවන අලූහම් වර්ණ කිහිපයකින් හඳුනාගත හැකියි.


සමහර අලූහම් වර්ග වලින් කුඩක් ලෙස ගැලවී යනවා. මෙම රෝගී තත්ත්වයට හරියට ප්‍රතිකාර කිරීමෙන් නිටිටාවට සූව කළ හැකියි.


ශරීරයේ වැඩියෙන් අලූහම් පැතිර නැති කෙනෙකුට නම් ඒවා මතුපිට ගල්වන ආලේප වලින් අලූහම් සූවවෙනවා. ඊට වඩා වැඩිපූර සමේ අලූහම් පැතිර ඇති අවස්ථාවක රෝගියාට ගිලින පෙති ලබාදීම මගින් රෝගය සූව කළ හැකියි.


ඇතැම් දෙනෙකුට පපූවේ සහ පිටෙි මධ්‍ය රේඛාව දෙපස සූදු පාට ලප වර්ගයක් තිබෙනවා. මෙය අලූහම් වර්ගයක් නෙවෙයි. මිඩ් ලයින් හයිපෝ පිග්මන්ටේ‍රිෂන් කියලා මෙම තත්ත්වය අපි හඳුන්වනවා. ප්‍රතිකාර ලබාගන්න එන ඇතැම් රෝගීන් පවසන්නේ මගේ පිටෙි සහ පපූවේ අලූහම් තියෙනවා මාස ගණනක් ප්‍රතිකාර කළත් හරිගියේ නැහැ කියන කතාව. ඔවූන්ට තියෙන්නේ අලූහම් නෙවෙයි මිඩ්ලයින් හයිපෝ පිග්මන්ටේ‍රිෂන් නැමති රෝගී තත්ත්වය. එම රෝග තත්ත්වයට බෙහෙත් නැහැ. අලූහම් වලට කරන ප්‍රතිකාර කලාට මෙයට සූවයක් ලබා ගන්න බැහැ. හයිපෝ පිග්මන්ටේ‍රිෂන් තත්ත්වයට හඳුනාගන්නේ ශරීරයේ පිහිටා ඇති තැන අනූවයි. බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක් කරන්නේ බෙහෙත් ලියා දීමක් නොවෙයි. සමේ තෙතමනය රඳවා ගත හැකි මොයිස්චර් ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න උපදෙස් දෙන එක. මෙම කලක් ගතවීමෙන් සමෙන් ඉවත් වෙන චර්ම රෝග තත්ත්වයක්.


අලූහම් වූනත් ඇතැම් පූද්ගලයන්ගේ සමෙන් කලක් යනවිට ඉවත් වෙනවා. විශේෂයෙන් සමහර සබන් වර්ග මගින් සමේ මතුපිට මැරුණූ සම ස්ථරය ඉවත්වන විට ප්‍රතිකාර නොකරම අලූහම් ඉවත් වෙනවා.


නිවසක එක් සාමාජිකයෙකු අලූහම් ආසාදනයට ගොදුරුවෙලා සිටිත් නම් ඔහූගේ තුවාය, ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොටිටය වෙනම පාව්ච්චි කිරීම තවත් කෙනෙකුට රෝගය වැළඳීම වලක්වා ගන්න හොඳම ක්‍රමය වෙනවා.


මෙවැනි කරුණූ කාරණා ගැන සැලකිලිමත් වීමෙන් අලූහම් පවූලේ සාමාජිකයන් අතර බෝවීම වලක්වා ගන්න පූළුවන්.


සමහර වෙලාවට සමේ ඇතිවන අලූහම් වැනි චර්ම රෝග අප සමාජය විසින් ගණන් ගත යූතු රෝගයක් නොවන බවට තක්සේරු කරනවා. ඒ නිසා පවූලේ සාමාජිකයෙකු වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත්ම තවත් රෝගය ඇති සාමාජිකයෙක් පාවිච්චි කරන්න පෙළෙඹෙනවා. මෙය වෛද්‍ය නිර්දේශයෙන් තොරව කිරීම බරපතල වරදක්.


අලූහම් නම් මූලින් වෛද්‍යවරයා නිර්දේශ කළ බෙහෙත්ම තවත් කෙනෙක් පාවිච්චි කලාට කමක් නැහැ. අලූහම් නොවූනොත්... වෙනත් එග්සිමා තත්ත්වයක් වෙන්නත් පූළුවන්, ලාදුරු රෝගී තත්ත්වය වෙන්නත් පූළුවන්. චර්ම රෝග විද්‍යාවේ බෙහෙත් නියම කිරීම හරිම පහසූයි. නමූත් රෝග විනිශ්චය අපහසූයි. මේ නිසා චර්ම රෝග වලට වෛද්‍ය උපදෙස් වලින් තොරව බෙහෙත් පාවිච්චි කරන්න යාමෙන් ඇති වන හානිකර අවස්ථා වැඩියි. රෝග විනිශ්චය ප්‍රතිකාරයට ඉතාම වැදගත් වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment