මොනවද මේ රින්කල්ස් කියන්නේ? මෝර තෙල් බිව්ව වගේ නොවෙයි එහි නරක පැත්තකුත් තිබෙනවා



රින්කල්ස් කියන්නේ මොනවද කියා පිළිතුරු දෙන්නට පෙර මං කැමතියි ඔබෙන් විමසන්නට හිරු රශ්මිය ඔබට නොමිලේ ලැබෙන සම්පතක්ද නැතිනම් මූදල් ගෙවා ලබාගන්නා සම්පතක් ද? විටමින් ඩී ගැන ඔබ මොනවාද දන්නේ ඔබේ ගෙබිමට උදැසන හිරු රශ්මිය ලැබෙන විට කෙටි වේලාවකටවත් ඒ හිරු රශ්මිය ඔබේ සිරුරට ලබාදෙන්නට ඔබ උත්සාහ කරනවාද? මීට ඔබේ පිළිතුරු නිවැරදි ඒවා නම් රින්කල්ස් ගැන ඔබ බිය විය යූතු නැහැ. නැතහොත් ඔබ මේ වන විටත් මූහූණ දී ඇති ඇතැම් විට මූහූණ දීමට සිදුවිය හැකි රින්කල්ස් ගැන සැලකිලිමත් වන්නට අවශ්‍ය වෙනවා.


මා මීට පෙරත් කියා ඇති පරිදි ඔබ දන්නවා ඔබේ ශරීරය හොඳින් ආවරණය. කරගෙන සිටින විශාලම ඉන්ද්‍රිය වන්නේ ඔබේ සම බව. ඉතින් මේ ඉන්ද්‍රිය වන සම මතුපිට ඉරි වගේ රැළි ඇතිවීම වියළිතාව ඇතිවීම සම වීදුරුවක් මෙන් දිලිසීම එනම් කොරළ හට ගැනීම යනාදිය නිසා සමේ ඇති පිරිපූන් භාවය ඉවත් වී වයසක පෙනූමක් හට ගැනීම තමයි මේ රින්කල්ස් කියන්නේ. මේ නිසා ඔබේ වයසට වඩා මහළු පෙනූමක් ඇතිවීම වළක්වාලිය නොහැකි බව අමතක නොකරන්න.


මීට පෙර ද ඔබව දෑනූවත් කර ඇති පරිදි සම මෙවැනි තත්ත්වයකට ගොදුරු වෙන්නේ සම යට ඇති කොලජන් ප්‍රමාණය ඉවත් වී වියළි යාම නිසයි.


මෙම තත්ත්වයට ප්‍රතිකර්ම වශයෙන් අපි හොඳින් අසා පූරුදු මොරතෙල් භාවිත කරන්නට බොහෝ දෙනෙක් පෙළෙඹෙන බව අපට අසන්න ලැබෙනවා. වෛද්‍යවරයෙක් හමූනොවී වූවද බොහෝ දෙනෙක් සමේ ඇති වන මෙවැනි දුර්වලතා සඳහා ඩී විටමිනය බහූලව තිබෙන මෝර තෙල් භාවිතයට නැඹූූරු වෙනවා. නමූත් ස්වභාවධර්මයෙන් අපිට දිනපතා ලැබෙන සූර්ය රශ්මියෙන් මේ විටමීනයම එනම් ඩී විටමීනයම අපිට නොමිලේ ලැබෙන බව අප සැලකිල්ලට ගන්නේ නැහැ. උදැසන ගෙමිදුලට ඇවිත් මල් පැළයක් සිටූවන්න. ඒ පැළවලට වතුර ඩිංගක් වත්කරන්න. ගෙමිදුල අතුපතුගා පිරිසිදු කරන්න. අව්වේ ව්‍යායාම ටිකක් කරන්න. අව්වේ ඇවිදගෙන යන්න. ඔබ බිය වෙනවා මන්ද අව්වේ සිටීම නිසා ඔබ කළු වෙයි කියන බයට. එහෙම නේද? ඔබ උත්සාහ කරන්නේ ප්‍රචලිත නම හේතුවෙන් මෝරතෙල් මගින් විටමින් ඩී ලබාගන්නයි. නමූත් ඔබට අවබෝධයක් නැහැ අපේ සම මතට හිරු කිරණ පතිත වූ විට නිකම්ම ඒ ඩී විටමීනය නිපදවෙනවා කියා. හිරු කිරණින් ලැබෙන විටමින් ඩී සමගම මෝර තෙලුත් භාවිත කරන්න පටන් ගත්තම ඔබේ ශරීරය ඇතුළත ගිනි ගැනීම අධික වෙනවා. ඒ වගේම දෑවිල්ල වැඩිවෙනවා. ඊටත් හාත්පසින්ම මෝරතෙල් කියන්නේ බොහෝ ගඳ දෙයක්. ඔබ කොතෙක් ස්නානය කර පිරිසිදුව සිටියත් බහිස්ශ්‍රාවීය ක්‍රියාවලදී ඔබේ ශරීරයෙන් පිටවන ඒ ද්‍රව්‍ය සමගින් මෝර තෙල් ගඳ වහනය වෙනවාමයි. එය ගැටළුවක්. මෝර තෙල් වලින් ලැබෙන ප්‍රයෝජනය වගේම එවැනි නරක පැත්කුත් ඔබට අත්විදින්නට සිදුවීම වැළැක්විය නොහැකියි.


කොලජන් තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා ඔබ එදිනෙදා ගනූ ලබන ආහාරපාන ඉතා හොඳින් ඔබට උදව් වෙනවා.පේර, නෙළුම් දඬූ, පලා මැල්ලුම්, නිවිති හැරුනූ කොට කැල්සියම් ඇති සියලු ආහාර වර්ග, පූංචි මාලු වර්ග සහ තෙල් ඉවත් නොකළ තල ආහාරයට ගැනී තුළින් ඔබේ සමේ කොලජන් ප්‍රමාණය ආරක්ෂා කර ගන්න පූළුවන්. ඒ වගේම නිතර ජලය පානය කිරීමත් ඊට ඇතුලත්. මේ වන විට මිලෙන් ඉහළ වූවත් ඔබ මෝර මාලු වලින් සෑදු කී්‍රම් ආලේප භාවිත කරනවාද? ඇතැම්විට ආගමික කටයූත්තක් වැනි දේවල් හෝ හරස්කරගෙන පෝෂ්‍යදායි මෝර මාලු කෑමෙන් ඔබ ඉවත් වි සිටිනවා නේද? එසේ ඉවත් වී වෙළෙඳ නමට වහල් වී වැඩිපූර මූදලක් වැය කර මෝර මාලු හා ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති ආලේපන භාවිත කිරීමට පෙළඹීම කෙතරම් නූවනට හූරු දෑයි කල්පනා කර බලන්න. මීට අමතරව ගල් මාලු හැම එකක්ම අපිට අවශ්‍ය කරන ඔමෙගා 3 ලබා දෙනවා. මේ තුළින් සමේ දුර්වල තත්ත්වය සූව කර ගන්නට පූළුවන්.


අනෙක් කරුණ තමයි වයස අවූරුදු 60 වන විට හමේ ඇති ඇදෙන සූලු බව ඉවත් වෙන්න උත්සාහ ගන්නවා. නමූත් මේ තත්ත්වය ඔබට තවදුරටත් පවත්වාගෙන යන්න පූළුවන් ඔබ ගන්න ආහාර පාන මත. එසේ නැතිව සම මතුපිට ආලේප කරන නොයෙක් ආලේප වර්ග නිසා නොවෙයි. ඒ ආලේප ක්‍රිම් වර්ගවලින් කෙරෙන්නේ තාවකලිකව ඔබේ සමට ඔපයක් ලබා දීම මිස ඔබේ සම නියමාකාරයෙන් පෝෂණය කිරීමක් නෙවෙයි. අපේ ශරීරයේ මෙවැනි ප්‍රතික්‍රියාවක් තිබෙනවා ඔබ අව්වේ නොගියොත් හිසකෙස් යනවා. ඔබේ තොල්වල ලිප්ස්ටික් ගෑවොත්, සමේ තෙල් ආලේප කළොත් සමේ නිසි ලෙස තිබිය යූතු වියලි බව හොඳ පැත්තට වර්ධනය වන්නේ නැහැ. ඔබේ සිරුරට බාහිරව තෙල් ලැබූණොත් සිරුරේ තිබෙන තෙල් ප්‍රමාණය වියළි යනවා. ඉතින් මේ නිසා කළ යූත්තේ නොයෙකුත් ආලේප වර්ග පාවිච්චි කිරීීම නොවෙයි. සමට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment