තණ්හාවෙන් ආදරය කරන්නට යාම සංසාරේ දඬූවමක්ද?



මිනිසාගේ ශරීරයේ විෂ තියෙනවාය කියල සමහර විට ඔබ අසා ඇති. ඔබගේ සි්රුරේ තියෙන එබඳු විෂ ඔබට දැනිලත් ඇති. ඒත් කාටද කියන්න පූළුවන් මේවා තියෙන්නේ කොතනද කියා. ඔබට හැකිද එය හොයාගන්න. ඔබේ නැතිනම්, වෙන කෙනෙකුගේ, ඒත් බැරි වූනා නේද? බැහැයි කියල පසෙකට වෙලා ඉන්න එපා. උත්සාහ කරලා බලන්න.

සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ සත්ත්ව කොටස් ජීවත්වෙනවා. ඒ හැම සතුන්ම කෑම බීම, නිදා ගැනීම, සියලූ ආදී වූ කටයූතු කරනවා. මිනිසා කරන්නෙත් ඒවාම තමයි. ඒ ඒ සත්ත්ව කොටස් ගත්තහම ඔවූන්ගේ ශරීරවල විෂ තියෙනවා. ඒවාට නිශ්චිත ස්ථාන තියෙනවා. දළ, තුඩ, වලිගය, දත් ආදී ස්ථානවල විෂ පිහිටා තියෙනවා. ඒ ඒ ස්ථාන කළින් දැන අඳුනා ගත් කෙනෙකුට එයින් බේරෙන්න පූළුවන්.

මිනිසාට ඇයි එහෙම ස්ථානයක් නිශ්චිතවම නැත්තේ. මිනිස් සිරුරේ විෂ නැතිවාවත්ද. ඔබ තුළ කොපමණ විෂක් තියේද කියල කල්පනා කරල එහෙම බැලුවද? ඔබට නරකක් වන විදියේ ඒවා කොපමණ ප්‍රමාණයක් තියෙනවාද? සමාජයට අයහපතක් වන ඒවා කොපමණ තියෙනවාද? ඇයි කල්පනා කරල බැලුවෙ නැත්තේ. එහෙම කල්පනා කරල බලන්න. කොපමණ අවස්ථාවල් තිබූණද ඒ වගේ.

ඇයි අනූන්ගේ වැරදීම අඩූපාඩූම හොයන්න උත්සාහ කරන්නේ. තමන්ගේ දේවල් අන්‍යයන්ට හොයන්න ඉඩ හරින්නේ. තමාම ඒවා හොයාගෙන හරිගස්ස ගත්තනම් නොවේද හොඳ ලස්සන තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පූළුවන් වෙන්නෙ එවිට නේද?

මිනිසාගේ ශරීරයේ විෂ නිශ්චිත තැනක නැතිලු. හිත කිලිටිවෙන කොට ඒවා මතුවෙනවා. හිත සැහැල්ලු වෙනවිට නැතිවෙනවා. තම සිරුරට විෂ බීජයක් ඇතුල්වෙලා බෙහෙත් ගන්නවා එය නැතිවෙන්න කියල කිව්වත් බෙහෙත්වලින් සූව කරන්න බැරි දේවල් තියෙනවා. සැහැල්ලු හිතකට ඒ සියල්ල නැතිකර දැමීමේ පූදුම බලයක් තියෙනවා. ඒ නිසා තමාගේ හිත අන්‍යයන්ගේ දොස් පරොස් හිතල අපවිත්‍ර කරගන්න හදන්නේ ඇයි? නරක දේවල්ම නිතර නිතර කල්පනා කරන අන්‍යයන්ට වින කටින පූද්ගලයන්ගේ මනසේ සියූම් ඉන්ද්‍රියයන් මැරිල යනවාය කියන අදහස අද වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා. ඒනිසා තමයි සැහැල්ලු සිතක නිතර නිරෝගී බවම රැඳෙන්නේ.

කෙනෙක් තමාට යම් දෙයක් නරක ලෙස කිව්වොත්, බැන්නොත් ඇනූම් පදයක් කිව්වොත්, එයට කිපෙන්නට යන්න එපා. හිතේ එබඳු සිතුවිල්ලක් හට ගත්තොත් ඉක්මණටම දුරු කර ගන්න. එසේ නැතිව ඔබ යමක් කියන්නටවත් කරන්නටවත් යන්න එපා. එය ඔබගේම අයහපත පිණිස පවතිනවා. අනික් කෙනා කියූ දෙයට වඩා හානියක් ඔබ කියන හෝ කරන දෙයින් සිදුවන්නට පූළුවන්. ඒ හානිය තමන්ටයි. බොහෝ අය තමන්ට ආදරය කරන්නෙ නැහැ. එසේ කරන කෙනෙකුට ආදරය කරන්නෙත් නැහැ. එසේ කරන කෙනෙකු අතින් අයහත් දෙයක් සිදුවනනෙත් නැහැ.

තණ්හාවෙන් සහ ආශාවෙන් බරිත වෙලා අන්‍යයන්ට ආදරය කරන්න යන බොහෝ අය අමාරුවේ වැටෙනවා. බාහිර පරිසරයේ ඇති සංසිද්ධි මෙන්ම පූද්ගලයන් දෙස ද දැඩි තෘෂ්ණාධික සිතුවිලිවලින් බලන්න පූරුදු වන්නට එපා. එවිට හානිය සිදුවන්නෙ තමන්හටමයි.

ඔබත් ගිනිකූරක් වගේ චරිතයක්ද. ඉන් හටගත් ගින්දර පළමූව දවා හළු කරන්නේ එයමයි. තම සිත තුළ හටගන්න නරක සිතුවිල්ල විසින්ද පළමූ හානිය හා අයහපත කරන්නේ තමන්ටමයි.




පාතේගම ඤාණිස්සර හිමි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment