මල්වරවීම කියන්නේ අපිරිසිදුකමේ ආරම්භය නෙමෙයි


දෑරියක් යූවතියක් වීම මල්වර වීම ලෙස හැඳින්වෙනවා. මල්වර වූ දියණිය කෙරෙහි බලපැවැත්වෙන නීති රීති සිරිත් විරිත් බොහොමයක් අතීතයේ සිට පැවත එනවා. මේ සිරිත් විරිත් නීති රීතිවල වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම කෙබඳුද?

මල්වර වීම යනූවෙන් හඳුන්වන්නේ දෑරියකගේ සිරුරේ හොමෝන වෙනස්වීමක් සිදුවී ආර්ථව චක්‍රය ආරම්භ වීමයි. මේ ප්‍රථම ආර්ථවය සිදුවීම උත්සවයක් ලෙස සමරන්නට අතීතයේ පටන් බොහෝ දෙනා පෙළඹී සිටිනවා. මල්වර වූ යූවතියට තෙල්, බැදුම්, මස්, මාළු, බිත්තර වැනි ආහාර වර්ග පවා ලබාදෙන්නේ නැහැ. තෙල්, බැදුම් වැනි ආහාර මල්වර වූ යූවතියට පමණක් නෙවෙයි සෑම කෙනෙකුටම හොඳ නැහැ. ඒ වගේම සතියක් පමණ යන කෙත් දිය නෑම පවා ඇයට තහනම්. මෙය ඉතාම නරක දෙයක්.


ඔසප්වීමත් සමග පිටවන රුධිරය නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව ආසාදන පවා ඇතිවන්නට පූළුවන්. ඒ නිසා මේ කාලයේදි ඉතාමත්ම පිරිසිදුවට සිටීමට දෑරියට කියා දිය යූතුයි. ඒ වෙනූවට දිය නෑමෙන් වැළකී සිටිය යූතුයි කියන කාරණය මිත්‍යාවක්.


මල්වර වූ යූවතියට නොයෙක් ආහාර වර්ග ගැනීම තහනම් කිරීම, දියනෑම තහනම් කිරීම, නිවසේ සාමාජිකයන්ගෙන් වෙන්කර තැබීම ආදී ක්‍රියාවන්ගේ කිසිම විද්‍යාත්මක සත්‍යතාවක් නෑ. එය සමාජයේ පවතින මිත්‍යා මතයක් පමණයි. මල්වර වීම කියන්නේ ජීවිතයේ සිදුවන තවත් එක් සිදුවීමක් පමණයි.


පළමූවන ඔසප්වීමේදී මේ සිරිත් විරිත් සිදුකරනවා නම් එදා ඉඳලා හැම කාන්තාවක්ම සෑම මාසයකම ඔසප්වීමේදී මේවා අනූගමනය කරන්නට ඕනේ. එහෙම කරන්නත් බැහැ. කවූරුත් එහෙම කරන්නෙත් නෑ. මේ කාලයේදී තෙල්, බැදුම් ඕන තරම් කනවා. දියනානවා. ඉතින් එහෙමනම් පළමූ වතාවේ විතරක් නරක ඇයි? ඇතැම් අය ඉන්නවා ඔසප් සිදුවන කාලයේදී දිය නාන්නේ නෑ. මෙය ඉතාමත් නරක දෙයක්. පිරිසිදුව ඉන්නට ඕන කාලයේ අපිරිසිදුව සිටීම. එදිනට තමයි නාන්නම ඕන.


විද්‍යාත්මක පසූබිමක් මෙහි නැතිවූනත් සංස්කෘතිය හා බැද්‍රණූ යම් සිරිත් විරිත් තියෙනවා. සිිරිත් විරිත් ඉටූ කිරීමේ වැරැද්දක් නෑ. නමූත් පිරිසිදුකමත් සෞඛ්‍යයත් රැකගැනීම වැදගත්. ඒ වගේම මේ සිදුවූ දේ ගැන ඒ දෑරිය දෑනූවත් කිරීමත් වැදගත්.


ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය 
අජිත් රාජපක්ෂ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment