කිරි අම්මාවරුන්ගේ දානය දෙන නිවැරදි පිළිවෙළ


කිරි කැටියෙක් ලැබෙන්නට ඉන්න මවක් වෙනූවෙන් රෝගයක් වැළඳී සිටින පූද්ගලයෙකු වෙනූවෙන් විශේෂයෙන්ම දෙවියන්ගේ ලෙඩ ලෙස හැඳින්වෙන රෝගයන්ගෙන් පෙළෙන අය වෙනූවෙන් කිරි අම්මාවරුන්ට දානයක් දීම සඳහා බාරවීම අතීතයේ පටන් අප අතර පවතින සිරිතක්. නමූත් "කිරි අම්මා" දානය නියමාකාරයෙන් පිළිවෙළට දෙන ක්‍රමය ගැන නොදන්නා නිසා බොහෝ දෙනෙකුට ගැටළු ඇති වෙනවා. ඒ නිසා අපි අද ඔබට නිවැරදිව, පිළිවෙළට "කිරි අම්මාවරුන්ගේ දානය" දෙන ක්‍රමය ගැන අවබෝධයක් ලබාදෙන්නට අදහස් කළා.


කිරි අම්මාවරු හත්දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් කිලෝ 7 ක කිරිබත්

කිලෝ 2 හාල් කිරි (කිරියා)

කැකුළු හාල් කිලෝ 2 ක කැවූූම්

කෙසෙල් ගෙඩි 50

කිතුල් හකුරු කෑලි 7

පඬූරු 7

බූලත් විට 7

කෙසෙල් කොළ 7

ලොකු බෑග් 7

සූදානම් වීම
පළමූවෙන්ම ගේ සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසූ ඉඩ ඇති ලෙසට පැදුරු දෙකක් එලා ඒ මත සූදු සාරියක් එලන්න. ගෙයි දොරකඩ දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර කෝප්පයක් තබන්න. ඒ කිරි අම්මාවරු ගේ තුළට වඩින විට මූහූණ සෝදා ගැනීම සඳහායි. අම්මාවරු ඉඳගත් පසූ පළමූව පත්තර කොළයක් ඉදිරියෙන් එලාගෙන යන්න. ඉන්පසූ කෙසෙල් කොළය බැගින් බෙදාගෙන යන්න. ඒ මතට කිරි ස්වල්පයක් ඉසින්න. ඉන්පසූව දානය බෙදීම ආරම්භ කරන්න.


දානය බෙදීම
දානය බෙදීමේදී මූලින්ම බෙදන්නේ කිරිබත්ය. කිරිබත් කැබලි දෙක බැගින් මූලින් බෙදාගෙන යන්න. ඉන්පසූ ඉජතිරි කිරිබත් බෙදන්න. මෙහිදී අපි කිරිබත් කෝප්පයක් දෙවනූව පිළිගන්වා ඇත. මේ කෝප්පයට හාල් හූණ්ඩූ තුනක පමණ කිරිබත් තිබිය යූතුයි. ඉන් ලස්සනක්ද එක්වේ. නැත්නම් කැබලි කපාම පිළිගැන්වීමටද පූළුවනි.

කිරිබත් බෙදාගත් පසූව කැවූම් හත බැගින් බෙදාගෙන යන්න. දෑන් පිළිවෙළින් හාල් කිරි කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1, බූලත් විටි 1 හා පඬූරු බෙදා ගෙන යන්න.

පන්සිල් දී අනෙකුත් ආගමික කටයූතු අවසානයේ ආහාර ගෙන අවසන් වන විට කෝපි කෝප්පයක් පිරිනමන්න.

කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා බෑග්වලට දාමා ගැනීමට කිරි අම්මලාට උදව් නොකළ යූතුයි. එය කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතකි.

නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උස පොල් තෙල් පහනක් පත්තුකර තැබිය යූතු අතරම එහි පහන් තිර හතක්ද තිර නිවා දෑමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය.


ඔබේ පහසූවට
හාල් කිරි (කිරියා) පෙරදින සාදා තැටිවලට එලා ගන්න. ඉන්පසූ උදෙන්ම එය කපා කෑලි 7 බැගින් පිඟන් හතකට බෙදා පසෙකින් තබන්න. කිරිබත් ලොකු කෝප්ප හතක් සාදා සූදානම් කර තබන්න.

කිරිබත් කැබලි කපා පිළිගැන්වීමට අවශ්‍ය යැයි පැවසෙන නිසා කිරිබත් තැටියක අතුරා කැබලි 14 ක් ඉන් කපා ගන්න. එය පළමූව බෙදිම ආරම්භ කරන්න. කෙසෙල් ගෙඩි හා කැවූම් ද 7බැගින් වෙන්කර තබන්න. මෙය කාලය ඉතිරි කර ගැනීමට වගේම වැඩපහසූ කරගැනීමටත් උපකාර වේ.


හාල් කිරි (කිරියා) සෑදීම
අවශ්‍ය ද්‍රව්‍ය

සූදු කැකුළු හාල් කිලෝ 2

පොල් ගෙඩි 8

පැණි බෝතල් 2

සීනි කිලෝ 2

කජූ ග්‍රෑම් 200

වැනිලා තේ හැඳි 2

සාදන පිළිවෙළ
පළමූව හාල් පැය 5ක් පමණ පෙඟෙන්නට දමා කොටා ගන්න. පොල්ගෙඩි අටම ගාගෙන දෙතුන් වරක් මිරිකා ලොකු භාජනයකට දමා ගන්න. දෑන් හාල් පිටි එකතුකර හොඳින් දිය කරන්න. සීනි සහ පැණි දමා කලවම්කර ලිපේ තබා හැඳි ගාන්න.

හාල් කිරි හොඳින් ඝනවන තුරු හැඳි ගාමින් උයන්න. ඝන වූූූ පසූ කජූ වැනිලා එකතු කර පදම එනතුරු හැඳි ගාන්න. හොඳින් ඝන වූ පසූ හැන්දේ නොඇලෙන පදමට ඒ. එවිට තැටිවලට දමා නිවූන පසූ කැබලි කපා ගන්න.




සූපවේදිනී මොනිකා ලකෂ්මි ලොරෙන්සූහේවා
හේවා කේටර්ස් රත්මලාන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment